මියගිය අම්මා සිහි කරමින් පුංචි පුතා සිදු කල නර්ථනය – පුළුවන් නම් අඩන්නේ නැතුව මේ වීඩියෝව බලන්න

අම්මා කෙනෙකු නැති අඩුව ලොව කිසිම කෙනෙකුට පුරවන්නට බෑ. කුඩා අවදියේම දරුවෙකුට සිය මව අහිමි වීම ඉතාම ශෝකජනක තත්වයක්. එවන් දරුවෙකුගේ අපුරු නර්තනයක් පසුගියදා හිරු නාලිකාව විසින් ප්‍රචාරය කරන හිරු සුපර් ඩාන්සර් තරගාවලියේ දැක ගන්නට ලැබුනා. මෙම දරුවාගේ මව ඔහු කුඩා කාලයේදීම මෙලොවින් සමු අරන් තිබු අතර තම සිතට දැනෙන ශෝකජනක සිතුවිලි ඔහු තම නර්තනය තුලින් මැනවින් ප්‍රකාශ කරා.

මෙම නර්තනය නැරඹු ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලුම දෙනා හඩන්නට උනා. විනිසුරැ මඩුල්ලද ගොළු වූ මුවින් හා කදුළු පිරි නෙතින් ඔහුගේ නර්තනය දෙස දෑස් අයා බලා සිටියා. මෙම සංවේදී අවස්ථාව ඔබ නැරඹිය යුතුමයි. මෙවන් දුකක් මෙලොව කිසිම දරුවෙකුට නොදැනෙවා කියා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට දිදුළන අනාගතයක් ලැබේවා පුතේ !!!

Add Comment