අයිස් මත සටන් කරන ක්‍රිකට් දැවැන්තයින්ගේ මහා පෙළහර

ස්විස්ටර්ලන්තයේ ඉතාම මනරම් වූ කදුකර ප්‍රදේශය හදුන්වන්නේ ස්විස් ඇල්ප්ස් නමින්. සෑම වසරකම එහි ඉතාම සුබෝගබෝගී සංචාරක පුරවරයක් වෙන සෙන්ට් මොරිස් කියන නගරයේ  අපුරු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. අයිස් ක්‍රිකට් ටුර්නමන්ට් නමින් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන මෙම ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ලොව බොහෝ රටවල මිනිසුන් ස්විස්ටර්ලන්තයේ සෙන්ට් මොරිස් නගරය වෙත සෑම වසරකම පැමිණෙනවා. මෙවර ප්‍රථම වතාවට මෙම ක්‍රිකට් තරගාවලිය විස්සයි විස්ස තරග ලෙසන් පැවැත්වීමට නියමිතයි.

හැබැයි අපි දැකලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාවට වඩා මෙය ප්‍රේක්ෂකයන්ට හාත්පසින්ම වෙනස් අත්දැකීමක් තමයි ගෙන එන්නේ. එයට හේතුව නම් සෙල සියස් අංශක රින 8ක් තරම් වූ ඉතාම ෂිත කාලගුණයක මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්නට සිදු වීම. මෙහිදී ක්‍රීඩකයන්ගේ ඇදුම් හා උපකරණ සියල්ලම පාහේ ෂිත කාලගුණයට ගැලපෙන අයුරින් වෙනස් කර භාවිතා කිරීම සිදු කරනවා.

 

ස්වාභාවිකවම ඝන අයිස් බවට පත් වූ ප්‍රදේශයක සකස් කරන ලද කෘතීම තනතිරුවක් මත සිදුවන මේ ක්‍රීඩාව ඉතාම අභියෝගාත්මකයි. මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාම ගොස් සිටින ලෝක පුජිත ක්‍රීඩකයන් , කණ්ඩායම් දෙකකට තරග වැදීම මෙහිදී සිදු වෙනවා. මෙවැනි කාලගුණයක් යටතේ තරග වැදීමට මෙයට සහභාගී වන ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ට තම ශාරීරික යෝග්‍යතාව හා හැකියාව ඉතාම ඉහල මට්ටමකින් පවත්වා ගත යුතු වෙනවා.

මෙම මස 8 හා 9 වන දින පවැත්වෙන මෙම අපුරු ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් සුපිරි ක්‍රීඩකයන් තිදෙනෙක් සහභාගී වීමට නියමිතයි. ඒ ලසිත් මාලිංග , මහේල ජයවර්ධන හා තිලකරත්න දිල්ශාන් යන ක්‍රීඩකයන්. මොවුන් තිදෙනාම එකම පිලක් නියෝජනය කරමින් තරග වදින අතර ඔවුන්ගේ කණ්ඩායමේ විරේන්ද්‍ර ෂේවාග් , Andrew සයිමන්ස් , මයිකල් හසී වැනි ක්‍රිකට් ලොවේ දැවැන්තයින්ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් අක්තාර් , සයිඩ් අෆ්රිඩි , ජැක් කාලිස් , ග්‍රැහැම් ස්මිත් , නේදන් මැකලම් , ඩනියේල් විටෝරි , අබ්දුල් රසාක් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අයිස් සටනේ කිරුල සදහා සටන් වැදීමට නියමිතයි.

ලොව පුරා විසිරි සිටින ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ලෝක අයිස් ක්‍රිකට් තරගවලිය අමුතුම අත්දැකීමක් වේවි. මෙම තරගාවලිය පිළිබද තවත් තොරතුරු ඉදිරියේදී අප ඔබ වෙත ගෙන එන්නම්.

Add Comment