උපතේදීම මිය ගිය පුතාව අම්මයි තාත්තයි පපුවට තුරුළු කර ගත් පසු සිදු වූ මහා හාස්කම

ඕස්ට්‍රේලියාවේ රෝහලක් තුල නොමේරු නිවුන් දරු උපතක් සිදු වෙමින් පැවතුනා. දරු ප්‍රසුතියෙන් අනතුරුව එක් දරුවෙකු උපතේදීම මිය ගිහින් බව වෛද්‍යවරු මාපියන්ට දැනුම් දුන්නා. මේ වෙලාවේ මේ දරුවාගේ අම්මයි තාත්තයි මිය ගිය දරුවාගේ අප්‍රාණික සිරුර තදින් තම පපුවට තියලා වැළද ගත්තා. මගේ පුතේ ආයෙමත් මේ ලෝකෙට එන්න. අම්මයි තත්තායි කදුළු සැලුවේ රෝහල් කාමරය තුල සිටි සියල්ලගේ ඇස් වලට කදුළු එක් කරමින්.

එක් වරම පුදුම දෙයක් සිදු වෙන්න පටන් ගත්තා. මියගිය දරුවා හුස්ම ගන්න පටන් ගන්නවා. ඔහුට නැවත පන ඇවිත්. මේක හාස්කමක්ද? මව්පිය යුවලගේ සතුට උතුරා යනවා. වෛද්‍යවරුන්ටත් සිදු වුනු දේ හිතා ගන්න බෑ. බලන්න අම්මාගේයි තාත්තාගේයි ශරීර උණුසුමේ බලවත් කම කොයි තරම් ද කියලා. පුතාගේ තාත්තා තම කමිසය පවා ගලවා දමා තමයි තම උණුසුම දරුවාට ලබා දුන්නේ

මේ විශ්මය ජනක සිදුවීමට මුහුණ දුන්නේ ඕස්ට්‍රේලියාවේ ජිවත් වුන කෙට් හා ඩේවිඩ් කියන විවාහක ජෝඩුව. දීර්ඝ කාලයක් තිස්සේ දරු සම්පතක් ලැඛෙන තුරු බලා සිටි ඔවුන්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් තමයි කෙට්ට නිවුන් දරු දෙදෙනෙකු කුස තුල පහල උනේ . හැබැයි දරු ගැබට මාස 06ක් වූ සැනින් කෙට් හට තම දරු උපත සදහා රෝහල් ගත වීමට සිද්ධ උනා. කිසිදා අමතක නොවන සිදුවීම් මාලාවකින් පසු අවසානයේ සියල්ල යහපත් ආකාරයෙන් සිද්ධ උනා. ඒදා මියගොස් නැවත මෙලොවට ආ දරුවාගේ නම ජෙයිමි ඔහුගේ සහෝදරියගේ නම තමයි එමිලි. ඔවුන් දෙදෙනාම පසු ගිය දා සිය පස් වන උපන්දිනය සැමරුවා. ජෙයිමිට උපතේ සිට මේ දක්වා කිසිම බරපතල රෝග තත්වයක් වැළදිලා නෑ.

අම්මාගේ ශරීරයේ ස්පර්ශය කියන්නේ ඕනෙම අලුත උපන් දරුවෙකුට අනිවාර්යයෙන් ලබා දිය යුතු දෙයක් විදියට වෛද්‍යවරු නිර්දේශ කරනවා. එමගින් නව ලොවට ඉක්මනින් හැඩ ගැසීමට දරුවාට හැකි වෙනවා. මෙම සිද්ධියේ දී නම් අම්මාගේයි තාත්තාගේයි ස්පර්ශය මගින් මේ දරුවාට තම නැති වූ ජිවිතය පවා නැවත ලැඛෙනවා.

Add Comment