ඔබේ නිවස පැය 24 පුරා සුවදවත් කරන අපුරු මිශ්‍රණයක්

අද කාලේ ගෘහණියක් කියන්නේ නිවසේ රාජකාරි හා කාර්යාලයේ රාජකාරි යන දෙකම ඉටුකරන ඉතාම කාර්යබහුල දිවියක් ගත කරන කාන්තාවක්. මේ නිසාම කාර්යාලයේ වැඩ කටයුතු අධික වන දවසට ඇයට නිවසේ වැඩ කටයුතු අතපසු වෙනවා. මෙවන් අවස්ථා වල බොහෝ විට ඇයට මග හැරෙන්නේ නිවෙස් අස් පස් කිරීම් වගේ , අතුපතු ගෑම් වගේ පිරිසිදු කිරීමේ වැඩ කටයුතු.

එතකොට තව නිවසේ පොඩිත්තෝ එහෙම ගොඩක් ඉන්නවා නම් ඉතින් කොච්චර ගෙවල් අස් පස් කරත් වැඩක් වෙන්නෙත් නෑ. මේ විදියට නිවෙස් පිරිසිදු කිරීම දිගින් දිගටම අතපසු වෙනකොට නිවෙස් කුණු දුහුවිලි වලින් පිරී අහිතකර විෂබීජ සහ බැක්ටීරියාවන්ගෙන්ද පිරි පරිසරයක් බවට වීමට පුළුවන්.

මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ නිවැසියන් හට ලෙඩ රෝග බොහෝමයකටද මුහුණ දීමට සිදු වීමයි. ඒ වගේම නිවස තුල කිසිදු ප්‍රසන්න සුවදක් නොමැති වී අප්‍රසන්න ගන්ධයන් පැතිරීමත් සිදු වෙනවා. මේ නිසාම සතියකට එක දවසක් හෝ නිවසේ සියලු දෙනා එක් වී නිවස පිරිසිදු කර ගැනීම ඉතාම වැදගත්.

අද විශ්ම ලෝකයෙන් අපි ඔබට කියා දෙන්නේ ඔබේ නිවස නිසි ලෙස පිරිසිදුව කිරීමෙන් අනතුරුව නිවස අභ්‍යන්තරය සුවදවත්ව පවත්වා ගැනීමට භාවිතා කල ඉතාම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ගැන. මෙම ස්වභාවික පිළියම භාවිතා කිරීම මගින් ඔබට කිසිදු සෞඛ්‍යය ගැටලුවකට මුහුණ නොදී ඔබේ නිවස අභ්‍යන්තරය ඉතාම සුවදවත් ලෙස තබා ගැනීමට පුළුවන්.

අවශ්‍ය වන ද්‍රව්‍ය

බේකින් සෝඩා මේස හැන්දක්
Fabric softener (රෙදි සිනිදු කාරක)මේස හැඳි තුනක්
ස්ප්‍රේ බෝතලයක්
ජලය වීදුරු තුනක්

සැකසීම සහ භාවිතය

ප්‍රථමයෙන් ජලය කෝප්ප තුන රත්කර ගන්න. ජලය රත්වූ පසුව fabric softener , ස්ප්‍රේ බෝතලයට එක්කර උණු ජලයද ස්ප්‍රේ බෝතලයට එක්කර ගන්න. අවසාන වශයෙන් බේකින් සෝඩා එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

නිවස පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව මෙසේ සකස් කර ගත් පවිත්‍රකාරක මිශ්‍රණය නිවසේ අහු මුළු වලට ස්ප්‍රේ කරන්න. මිශ්‍රණයේ අඩංගු වන බයිකාබනෙට් නිසා බිත්ති සහ රෙදි පිලි වලට කිසිඳු හානියක් සිදු නොවේවි. මෙම මිශ්‍රණය භාවිතා කිරීමෙන් පැය 24 පුරාම ඔබේ නිවස තුල නැවුම් සුවදක් පවත්වා ගැනීමට පුළුවන්. ඔබේ නිවසේදී දැනෙන මේ අපුරු නැවුම් ස්වාභාවික සුවද දැනුනු පසු අසල්වාසීන් පවා පුදුමයට පත් වේවි.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුවා කියා සිතෙනවා නම් පහලින් ශෙයා කරන්න යාලු. ඔබට සුබ දවසක් !!!

Add Comment