ඔබ කිසිදා සමාව ගත යුතු නැති දේවල් 13ක්

මිනිසුන් එකිනෙක විවේචනය කිරීම අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන කරුණක්. නමුත් මෙවන් මිනිසුන්ගේ සිනහවට බදුන් වේ යැයි බියෙන් ජීවත්වීම කිසිසේත් නොකළ යුතුයි. ඔබේ ජීවිතය තුල ඔබ ගන්න තීරණ පිළිබඳව ඔබ කිසි කෙනෙකුට පැහැදිලි කිරීම් සිදු කිරීම අනවශ්‍යයි. විය යුත්තේ එම තීරණ වල වගකීම තමන්සතු බහ අවබෝධ කර ගැනීමයි.

දිනය අවසානයේ ස්වයං තෘප්තියක් ලැබිය හැකිනම් එයයි වැදගත් වෙන්නේ.ඔබගේම නීති රාමුවක් තුල නිසිලෙස දිවිගෙවනවා නම් ඔබ කිසිවිටෙක ලජ්ජා වියයුතු නෑ. අපගේ ජීවත වලට අනිසි බලපෑමක් කිරීමට කිසි කෙනෙකුට අයිතියක් නෑ. පහත කරුණු 13 සමාජයේ පිළිගැනීම පිළිබඳ මෙතෙක් ඔබ කල්පනා කළානම් අද සිට එසේ නොකරන්න

1. ඔබගේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය ඔබ වීම

ඔබට තරම් ඔබව සතුටින් තියන්න කිසිම කෙනෙකුට හැකියාවක් නෑ. ඒ නිසා ඔබව සතුටින් තියන කාරණා වලට මුල්තැනක් දීම වරදක් නොවේ. වෙන කෙනෙක් තමන්ට පවසන ආකාරයට ජීවත් වෙනවට වඩා තමන්ම තීරණය කරගත් නීතිරීති සමුදායකට යටත් වීම මගින් වඩාත් හොඳ ස්වයං විශ්වාසයක් ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා. අපේ ජීවිතයේ වගකීම අප සතුයි. අපි අපිටම මුල්තැනක් දී අපිටම උදවු කරගන්නේ නැතිනම් කෙසේද වෙනත් කෙනෙකුට උපකාරයක් කරන්නේ?

2. ඔබගේ සිහින හඹා යාම

ජීවිතයේ මෙතෙක් ලැබුණු දේට වැඩ දෙයක් ළඟ කරගනීමට සිහින මැවීම කුහකකමක්වත් අර්ත්මර්තකාමිත්වයක් වත් නොවේ. ඔබේ සිහින පස්සේ එලවනවා කියන්නේ ඔබ ලබා ඇති සාර්ථකත්වයෙන් සතුටු නොවී මිරිඟුවක් පසුපස හඹා යාම නොවේ.

ඒ කෙසේ වෙතත් මේ ගමනේදී ඔබට හිනා වෙන්න සමාජය බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මෙයින් පසුතැවීමට පත්වෙන්න එපා. නමුත් ඔබට හැකි උපරිම වෙර යොදා ඉලක්කවෙත ලඟා වීමට උත්සාහ කරන්න. ඒ අතරම ඔබ කවුද, ඔබ මෙතෙක් ලබාගත් සාර්ථකත්වය, යන දේවල් වලට ආදරේ කරන්න.

3. ඔබ වෙනුවෙන් කාලය වැය කිරීම

අද සමාජයේ අපි මුහුණ දෙන වැදගත් ප්‍රශ්නයක් තමයි, වෙනත් අය සඳහා කාලය වැයකිරීමෙන් පසු අපි වෙනුවෙන් කාලය ඉතුරු නොවීම. ඒ කෙසේවෙතත් ඔබ ඔබ කෙරෙහි කාලය වය නොකරන තාක්කල් ඔබ අනුන් කෙරෙහි වැයකරන කාලය ගැන අපි කෙසේ විශ්වාසයක් තබන්නද?

අපි ගැන බලා ගැනීම අපේ සෞඛ්‍යයටත් ඉතා වැදගත් වෙනවා. ඔබ වෙනුවෙන් වැඩක් යොදාගෙන ඇති වෙලාවක වෙනත් වැඩකට ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීමට දෙවරක් සිතන්න එපා. ඔබට කාලය වැයකිරීමට කාගෙන්වත් අවසර ලබාගත යුතු නෑ. එය ලැජ්ජවීමට කරුනකුත් නොවේ.

4. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය තෝරා ගැනීමේදී

ඔබ ආදරය කලයුතු කෙනා කවුද කියල ඔබට කියල දෙන්න කාටවත් අයිතියක් නෑ. ඔබ ආදරයේදී ගන්න තීරණ වලට ඔබ ලජ්ජා වියයුතු නෑ. කල යුත්තේ එම තීරණවල වගකීම තමන් සතු බව සිතේ තබා ගැනීමයි.

ඔබ ඇත්තටම කෙනෙකුට ආදරය කරනවා නම් එයයි වැදගත් වෙන්නේ. ඒ කෙනා කවුද, මට මෙයත් එක්ක යාළු වුනා කියල සමාජයෙන් කොන් වෙන්න වෙයිද වගේ ප්‍රශ්න අපේ ජීවිතයට අදාල කරගන්න හොඳ නෑ. ඔබ ඇත්තටම ආදරෙයි නම්, ඔබට ඇත්තටම ඒ කෙනා ආදරෙයි නම් ඔබ කිසිසේත් ඒ කෙනාට ඔබේ ජීවිතයෙන් ඈත් වීමට දෙන්න එපා. කෙසේ හෝ එන ප්‍රශ්න වකට මුහුණ දීල ළඟ තියාගන්න බලන්න. මොකද අද වර්තමානයේ නියම ආදරය සොයා ගැනීම පහසු දෙයක් නම් නොවේ.

5. ඔබේ හැගීම් ප්‍රකාශ කිරීමට

අවාසනාවකට අද සමාජයේ බොහෝ දෙනෙක් තම නියම හැගීම් ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වනවා. සමාජයේ සිනහවට බදුන් වේ යැයි තියන බය මේකට ප්‍රධාන හේතුවයි. අපි අද හැසිරෙන්නේ රොබෝවරු වගේ. අනිත් අයට ඕනේ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. අනිත් කෙනාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් තමයි වැඩ කරන්නේ. මෙය වෙනස් කරගත යුතු වෙනවා. අපි අපේ අදහස් වලට මුල්තැනක් දීල ඒවාට ගරු කරන්න ඉගෙනගන්න ඕනේ.

6. ඔබ මුදල් උපයන ආකාරය

ඔබ කරන රැකියාවෙන් ලැබෙන ස්වයං තෘප්තිය සහ ඔබ සතුටින් එහි නියැලෙනවා නම් කිසි විටෙක රැකියාව කෙරෙහි මිනිස්සුන්ගේ මතය ගැන වද වෙන්න එපා. ඔබ කීයක් හොයනවද කියන එක නෙමෙයි වැදගත්ම කාරණය. ඔබට ජීවත් වීමට එය ප්‍රමාණවත් නම්, කිසි කෙනෙකුට ඔබේ දිවියට අනවශ්‍ය විදිහට අත පොවන්න දෙන්න එපා. මෙය කිසිසේත් ලජ්ජා විය යුතු කාරණයක් නොවේ.

7. ධනාත්මක චින්තනය

අද සමාජයේ මිනිස්සු සෑමවිටම ඉහළම අත්ත අල්ලන්න තමයි බලන් ඉන්නේ. වෙන්න පුළුවන් ඕනෑම දෙකට මුහුණ දෙන්න අපි සූදානම් වෙන ගමන්ම, සුභවාදී විදිහට යමක් දෙස බැලීම වරදක් නොවේ. සමහරවිට මේ ගමනේදී ඔබ නිකන්ම නිකන් සිහින මවන්නෙක් ලෙස සිනහවට බදුන්කරන්න ඉඩ තියනවා. ධනාත්මක චින්තනය තම ඉලක්ක වෙත ලඟා වීමට පහසුවක් වෙන්වා. එපමණක් නොවේ, මානසික ආතතිය අඩු කරගැනීමට, නිර්මාණශීලිත්වය වැඩි දියුණු කරගැනීමට මෙන්ම ආයු කාලයද මේ මගින් වැඩි කරගන්න පුළුවන්. සුභාවදිව සිතන්න. මේ මගින් ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාවක් ඔබට ලැබෙනවා.

8. ඔබගේ අතීතය

අප අතරේ ඉන්න සමහර මිනිස්සු, අපි අතින් සිද්ද වෙච්ච වැරදි තීරණ අමතක කිරීමට ඉඩ  දෙන්නෙම නෑ. ඔවුන් ඔබෙන් ඈත් කිරීම වඩාත් නුවණට හුරුයි. මොකද කිවුවොත් එම කොට්ටාශය කවදාවත් ඔබේ දියුණුව බලා සතුටු වෙන පිරිසක් නෙමේ. ඔබේ අතීතයට කවරෙක් හෝ සිනහ වෙන විට සිතන්න අපි කරපු සෑම වරද්දකින්ම අපි යමක් ඉගෙන ගත්තා කියල. මේ පණිවිඩ වලින් තමයි ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. අපි අපගේ මතකයන් එක්ක සැමදාම ජීවත් වෙනවා. කිසි කනෙකුට ඒවාට සිනහවෙන්න ඉඩ දෙන්න එපා.

9. ඔබගේ ආහාර රටාව

ඔබ කෑම ගන්න ඕන විදිහ උගන්වන්න ගොඩක් අය ඉදිරිපත් වෙයි. මතක තබාගන්න ඔබ ආහාරයට ගන්න දේවලින් හොඳක් හෝ නරකක් වෙන්නේ ඔබේ ශරීරයට බව. එසේ නම් ඔබ ආහාරයට ගන්න දේ මොකක්ද කියල තීරණය කිරීමේ සම්පුර්ණ අයිතිය තියෙන්නේ තමන්ටමයි. ඔබට වඩාත් සුදුසු මොනවද, එම ආහාර ඔබගේ සෞඛ්‍යයට කෙසේ බලපානවද, ඔබේ ආර්ථික තත්වයට නරක බලපෑමක් වෙනවද වගේ දේවල් ඔක්කොම හොඳට සිතා බලා අපගේ ආහාර රටාව අපි වෙනස් කරගන්න ඕනේ.

10. යම් දෙයක් පිළිබඳව ඔබගේ මතය

ඔබට පුළුවන් වෙන්න ඕනේ කෙනෙකුගේ මතය තමන්ගේ මතය හා එකඟ නොවුනත් එම පුද්ගලයාගේ මතයට ගරු කරන්න. මොකද අපි සිතන පතන විදිහ, අපගේ ඕනෑඑපාකම් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. නමුත් මේ තත්වය අද සමාජයේ දක්නට ලැබෙන්නේ හරි අඩුවෙන්. අනෙකාගේ මතය පහත්කොට සැලකීමට බොහෝ දෙනා පුරුදුවී සිටිනවා. එවන් දෙකට තමන්ටත් මුහුණ දීමට සිදු වුනොත් එයින් පසුබට වෙන්න හොඳ නෑ.

11. පොදු පුරුද්දට වඩා වෙනස් විදිහකට ජීවිතය ගෙනයාම

ගොඩක් මිනිස්සු අනුන්ගේ ජීවන රටාව ගැන මහත් සැලකිල්ලක් දක්වනවා. මේ නිසාම අපේ ජීවිතය අනෙකට ඕන විදිහට හැඩ ගහගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. කවදාවත් මේක කරන්න එපා. ඔබේ දිවිය ඔබට ඕන විදිහට ගොඩනගා ගන්න. කවුරුහරි වෙනස් වෙන්න කියනවා නම් ගොඩක් වෙලාවට ඔබ කෙරෙහි ඊර්ශියාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.

12. ජීවිතයේ හැරවුම් ලක්ෂයන් වලදී ඔබට අවශ්‍ය ධනාත්මක තීරණ ලබා ගැනීමට

සුභවාදී තීරණ සිනහවට බදුන් කරනවා වෙනුවට කල යුත්තේ ඒවාට පැසසුම් කිරීමයි. කෙසේ වෙතත් අපි වටා ඉන්න බහුතරයක් කැමති නෑ අපි වෙනස් වෙනවට. මොකද අපි වටා වාසියට ඉන්න අයට අපි වෙනස් වුනහම වෙන්නේ අවාසියක්. ඔබගේ තීරණ වලට බලපෑම් කිරීමට කිසි කෙනෙකුට ඉඩ දෙන්න එපා.

13. අහිතකර සම්බන්ධතාවයන් නැවත්වීමට

කවුරු හෝ කෙනෙක්ගෙන් ඔබේ ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වෙනවා නම් ඔවුන් තම ජීවිතයෙන් ඉවත් කිරීමට දෙපාරක් සිතන්න එපා. ඔබට පැසසුම් කරන මිනිස්සු ලං කරගන්න. ඔබේ දියුණුවට උදවු කරන මිනිස්සු ලං කරගන්න. ඔබට අහිතකර සම්බන්ධයන් වලින් ඉවත් වීමෙන් සමාජයෙන් කොන් වෙයි කියල හිතන්න එපා. ඉස්සෙල්ලම ඔබ ගැන සිතන්න.

ඔබේ ජීවිතය ඔබේ බව හැමවෙලේම සිතන්න. දෙවනුව සමාජය ගැන සිතන්න. කිසි විටෙක වෙනත් කෙනෙකුට වුවමනා විදිහට ඔබ ජීවත් වෙන්න එපා. මෙය ඔබේ සාර්ථකත්වයට මහත් රුකුලක් වෙනු ඇත.

Add Comment