කුරුදු පාරිබෝජනය මගින් ලැබෙන ප්‍රධානම සෞඛ්‍ය වාසි 3

අපේ රටේ වැවෙන කුරුදු විශේෂය අපේ රටටම ආවේණික වූ කුරුදු විශේෂයක්. ඒ කියන්නේ අපේ රටේ වැවෙන කුරුදු ලෝකේ වෙන කිසිම රටක වැවෙන්නේ නෑ. ලෝකයේ අනෙකුත් රටවල පවතින කුරුඳු විශේෂයන්ට වඩා වැඩි රසයකින් සහ සුවඳකින් යුක්ත වීම නිසා ඉතා ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වාභාවික රසකාරකයක් ලෙස ලොව පුරා ජනප්‍රිය උනා. ඇත්තෙන්ම කුරුදු කියන්නේ රස කාරකයක් විතරක් නෙවෙයි හොද ඖෂධයක්.  කුරුඳු පාරිබෝජනයෙන් ලැබෙන ඉතා වැදගත් සෞඛ්‍යම වාසි 3ක් පිලිබදව අද විශ්ම ලෝකයෙන් ඔබව දැනුවත් කරන්නම්

රුධිරගත සීනි මට්ටම යාමනය වීම

ඇත්තෙන්ම කුරුඳු භාවිතයෙන් රුධිරගත සීනි මට්ටම පමණක් නොවෙයි  රුධිරගත කොලෙස්ටරෝල් (Cholesterol) හා ට්‍රයිග්ලිසරයිඩ් (Triglyceride) මට්ටමද  අඩුවන බවට සාධක පවතිනවා. කොහොම උනත් මෙහෙම වෙන්න හේතුව නම් තවම කව්රුවත් හොයා ගෙන නෑ. රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සඳහා වැදගත් වන ඉන්සියුලින් (Insulin) හෝමෝනයේ ප්‍රතිග්‍රාහක (Receptors) වල සංවේදීතාවය, කුරුඳු වල අඩංගු රසායන ද්‍රව්‍යයන් මගින් වැඩිකරන බව ඇතැම් විද්වතුන් ප්‍රකාශ කරනවා. දිනකට කුරුඳු කුඩු තේ හැඳි භාගයක් පමණ ආහාර වේලට එක් කර ගැනීම මගින් මෙම සෞඛ්‍යමය වාසිය පහසුවෙන්ම ලගා කර ගන්නට පුළුවන්

ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සමනය කිරීම

ඔක්කාරය, බඩ පුරවා දැමීම, පාචනය, ආහාර අරුචිය ඇතුළු උදරාබාධ ගණනාවක් සමනය කරගැනීම සඳහා කුරුඳු භාවිතා කරනු දැකිය හැක. කුරුඳු වල පවතින ඇතැම් තෙල් වර්ග ආහාර අංශු විසුරුවා හැරීමට උපකාරී වන අතර, ඛේටය සහ ආමාශයික යුෂ ශ්‍රාවය වීම උද්දීපනය කර ආහාර ජීර්ණය හා පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීම ක්‍රමවත් කරයි. එමනිසා, ආම්ලික ආහාර පාන ගැනීමේදී උදරයේ ඇතිවන අපහසුතා වළක්වා ගැනීමට ආහාරය මතට කුරුඳු කුඩු ස්වල්පයක් ඉසීම කළ හැකියි. උදරාබාධ සමනය කරගැනීම සඳහා ආහාර ගැනීමට පැය භාගයකට පමණ පෙර කුරුඳු කුඩු තේ හැඳි භාගයක් එක් කළ වතුර වීදුරුවක් පානය කළ හැකි බවද ඇතැම් පිළිගත් සෞඛ්‍ය වෙබ් අඩවි මගින් ප්‍රකාශ කර තිබෙනවා

රුධිර සංසරණය වැඩිදියුණු කරයි

කුරුඳු වල පවතින සක්‍රීය සංයෝගයක් වන සිනමැල්ඩිහයිඩ් (Cinnamaldehyde) මගින් පර්යන්ත රුධිර සංසරණය වැඩිදියුණු වෙනවා. එමනිසා, අත් පා වල රුධිර සංසරණය දුර්වල නම්, එය වැඩිදියුණු කරගැනීම සඳහා කුරුඳු වලින් යම් උපකාරයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම, සීතළට නිරාවරණය වීම නිසා ඇඟිළි වල තුවාළ හටගැනීම සමනය කරගැනීමටද කුරුඳු භාවිතා කරන්නට පුළුවන්. රුධිර වාහිනී වල සෞඛ්‍යමය තත්ත්වය වැඩිදියුණු කරගැනීම සඳහා දිනකට කුරුඳු තේ හැඳි භාගයක් බැගින් එක් කළ වතුර වීදුරු දෙකක් පානය කළ යුතු බවට ඇතැම් විද්වතුන් නිර්දේශ කරනවා

කුරුදු පාරිබෝජනය මගින් ලබා ගත හැකි මේ සෞඛ්‍ය වාසි පිලිබදව ඔබේ මිතුරන් හා ආදරණියන්වත් දැනුවත් කරන්න. තවත් මෙවැනි ප්‍රයෝජනවත් ලිපි දිගටම කියවන්න විශ්ම ලෝකය ෆේස්බුක් පිටුවට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්

Add Comment