ජංගම දුරකථනයේ සැඟවී ඇති රහස් කේත 11 ක් – කවදා හෝ ප්‍රයෝජනවත් වේවි

අපි හැමෝම වගේ ළඟ අද මොබයිල් ෆෝන් එකක් තියෙනවා. ගොඩක් අය ළඟ දැන් කාලෙ නම් ස්මාර්ට් ෆෝන් පවා තියෙනව​. ඒ වුණාට අපේ ෆෝන්වල තියෙන සමහර අමුතු අමුතු වැඩ ගැන අපි දන්නෙ නැහැ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ ඒ වගේ විවිධ දේවල් සඳහා උපකාර වන කෝඩ්ස් කීපයක් ගැනයි.

1 – #31# “Phone Number”

මේ මගින් පිටතට යන ඔබේ ඇමතුම් වලදී (outgoing calls) ඔබේ දුරකතන අංකය සඟවා තබනවා. නමුත් ශ්‍රී ලංකාව තුලදී මෙය සිදු කිරීම අපහසු වන්නේ රජය මගින් මෙම සේවාවට වාරණ පැනවීම හේතුවෙනුයි.

2 – *#06#

මෙය නම් ප්‍රසිද්ධ කේතයක්. මේ මගින් ඔබට ඔබේ ෆෝන් එකේ ඉමි නම්බර් එක දැනගන්න පුලුවනි. ඉමි හෙවත් IMEI නම්බර් එක ඔබේ ෆෝන් එක සොරකම් කළ අවස්ථාවකදී වැදගත් තොරතුරක් වනවා. ඔබේ දුරකතනයේ ඉමි අංකය ඔබ කොහේ හෝ ලියා තබා නොමැති නම් දැන්ම එය ලබා ගෙන කිසියම් තැනක  සුරැකිව ලියා තබන්න. නැතිනම් ඔබේ දුරකතනයේ ඉමි අංකය එය ගබඩා කර තැබූ පෙට්ටියෙන් වුවද සොයා ගත හැකියි.

3 – *#30#

ඔබේ ෆෝන් එකේ Number Identification ක්‍රියාත්මක කිරීම හෝ නැවැත්වීම කරන්න පුලුවන් මෙම කේතය මගිනුයි.

4 – *33*#

මේක සමහර විට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේ කේතය ගැහුවාම ඔබගේ ෆෝන් එකෙන් ඇමතුම් (Outgoing Calls) ගන්නට බැහැ. ආපසු ඇමතුම් ගන්න නම් පින් නම්බර් එකක් ඇතුලත් කළ යුතුයි. ඒ #33*pin# අයුරින්

5 – *3370#

මේ මගින් EFR කියන විශේෂාංගය ක්‍රියාත්මක වෙනවා. මේක සිග්නල් අඩු වුණාම වගේ අවස්ථාවල ප්‍රයෝජනවත් වනවා. නමුත් මේ නිසා බැටරි එක නම් ඉක්මණට බහින බව ඔබට පෙනේවි. #3370# මගින් මෙය ක්‍රියාවිරහිත කරන්න පුලුවන්

6 – *#5005*7672#

ඔබගේ දුරකතන සේවා සපයන්නාගේ සේවා මධ්‍යස්ථානයක නොම්මරය ඔබට සොයාගන්න මෙමගින් පුලුවන්.

7 – *#*#4636#*#*

Wifi සිග්නල්, බැටරි එකේ usage එක ආදී දත්ත බලාගන්න පුලුවන්

8 – *#*#7780#*#*

ආපහු ෆෝන් එක Factory Settings වලට යන්න ක්ෂණික කේතයක්. මෙමගින් ඔබ ඩවුන්ලෝඩ් කරපු Apps මැකෙනවා.

9 – *#*#8351#*#*

පහුගිය දුරකතන ඇමතුම් 20 ක රෙකෝර්ඩිං අහන්න පුලුවන්.

විශේෂ කේතයන්

10 – *#*#4636#*#*

මෝටරෝලා සඳහා රහස් මෙනුව​

11 – *#0011#

Samsung Galaxy සඳහා සේවා මෙනුව​

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment