ඩෙංගු මට්ටු කරන කශාය සහ මදුරුවන් එලවන දුම් පහනක් හදා ගන්නේ මෙන්න මෙහෙමයි

මේ දිනවල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය මට්ටු කරන කශාය පානයක් සහ දුම් පහනක් නිවැරදිව හදා ගන්න හැටි අපි එහෙනම් බලමු

ඩෙංගු රෝගය වැලදුණු පුද්ගලයෙකුට ඉන් හානි පැමිණ වෙන්නේ ඔහුගේ ප්‍රතිශක්තිකරණය දුර්වල නිසා තමයි දේශීය වෛද්‍ය ක්‍රමයේදී ඉතාමත් කුඩා කොස් ගැට තම්බා පානය කිරීම හා කොස් ගැට ආහාරයට දීම වගේ ක්‍රම බාවිතා කරනවා

කොස් ගැට යනුවෙන් අප හදුන්වන්නේ පනා පතුරුය. එමගින් සිදුවන්නේ රෝගියාගේ ශරීරය ශක්තිමත් වී හොද මානසික තත්ත්වයක් ලබා දීමයි .තවද ගස් ලබු දලු යුෂ පෙවීම මෙමගින්ද ඩෙංගු මට්ටු කල හැක .

ගස් ලබු ගසේ ලාම දල්ල නොව ගෙසේ තුන්වෙනි දල්ල තමයි මේ සදහා යොදා ගනු ලබන්නේ .එම දල්ල ගෙන හොදින් සෝදා කොටා ඉස්ම ගෙන උදේ හවස රෝගියාට තේ හැදි දෙක බැගින් ලබා දීමෙන් ඉතා විශ්මිත ලෙස රෝගියාගේ රුධිර මට්ටම ඉහල යනු ලබනවා

ඊට අමතරව බෝ පොතු කැද පානය මගින්ද ඩෙංගු මට්ටු කර ගන්න පුලුවන් මෙහිදී බෝ පොතු වලින් සෑදු කැදවලට හීනටි හාල් ස්වල්පයක් එක් කර පානය කිරීමට දිය යුතුවෙනවා

එහෙනම් අපි වැඩි කතා නැතුව නිවැරදිව කශාය හදා ගන්නේ කොහොමද කියලා බලමුකෝ

අවශ්‍ය ද්‍රව්‍ය

* දියමිත්ත
* රසකිද
* පැතිලියා
* වම්මොතු
* ඉගුරු

මේ පහම එකට ගෙන කලං දෙක බැගින් වතුර 8- 1 ට ( අට එකට ) සිද කෙළිද සහල් දමා බීමට ලබා දෙන්න
තවත් කසායක් ලෙස

* තිප්පිලි
* රසකිද
* ඉගුරු
* ගම්මිරිස්
* වෙනිවැල්

කලං දෙකයි ම්ංචාඩි 8 බැගින් ගෙන වතුර 8- 1 ට සිදුවා බොන්න දීමෙන්ද ඩෙංගු රෝගය පාලනය කිරීමට පුලුවන්

අපි බලමු තවත් කශායක් හදා ගන්නේ කොහොමද කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

* නුග මුල්
* කලු උක් දඩු

කලං හය බැගින් ගෙන වතුර පත 8-1 ට හිද තිප්පිලි කුඩු අනුපාතයක් වශයෙන් එක් කර පානය කිරීමෙන්ද ඩෙංගු රෝගය සුව කර ගන්න පුලුවන්

හරි එහෙනම් අපි දැන් බලමු මදුරුවන් මට්ටු කරන දුම් පහන හදා ගන්නේ කොහොමද කියලා

කොහොඹ මුරුවට ,මී මුරුවට , මදුරුතලා එකට අඹරා පාන් කඩ වල ඔතා ගත් වැටි සුළගේ වේලාගෙන කොහොඹ තෙල් දැමූ පහනක් රාත්‍රි කාලයේ දල්වන්නේනම් මදුරුවන් එහි නොරැඳෙන අතර වෙළෙඳපොළ තුල ඇති මදුරු දගර මෙන් සැර දුමක්ද පිටවන්නේද නැත.

දැන් අපි බලමු මදුරුවන් එලවා ගන්නට නිවැරදිව දුමක් සාදා ගන්නේ කොහොමද කියලා

මේ සදහා කුඹුක් මුල් ,බදුල්ල ඇට ,හල් දුම්මුල , ලා කඩ , එල්ලුම් අගිල් , අඹ ඇට යන මේවා වෙන වෙනම අඹරා කුඩු කර අඹ තෙල් මුසු කර දුම් ඇල්ලීම මගින්ද මදුරුවන් පලවා හැර ගන්න පුලුවන්

Add Comment