තක්කාලි ගෙඩියකින් කුරුලෑ සුව කර කැළැල් මකා දමා සම පැහැපත් කර ගන්න ක්‍රමයක්

සාමාන්‍යයෙන් තක්කාලි කියන්නේ බොහෝ දෙනෙක් එතරම්ම කන්න අකමැති ආහාරයක්. එත් තක්කාලි සතුව ඉතාම ප්‍රභල ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. පිළිකා වැනි දරුණු රෝග වලින් බේරී සිටීමට මෙම ප්‍රතිඔක්සිකාරක වර්ග අපේ ශරීරයට ඉතාම වැදගත් වෙනවා. තක්කාලි වල එලෙස යහමින් අඩංගු වන ප්‍රතිඔක්සිකාරක වර්ගයක් තමයි Lycopene – ලයිකෝපීන් කියන්නේ.

තක්කාලි ගෙඩියේ රතු පැහැයට හේතුව වෙන්නෙත් මේ Lycopene කියන ප්‍රතිඔක්සිකාරකයම තමයි. ඉතින් මේ ලයිකොපීන් මගින් ලැබෙන සෞඛ්‍ය වාසි රාශියක්ම තිබෙනවා. ඒවා නම් අප අනුභව කරන ආහාර වල අඩංගු වන කෘෂි රසායන හා MSG වැනි අහිතකර දේවල් ශරීරය තුලදී ක්‍රියාකාරී වීම වැලක්වීම , අක්ෂි නිරෝගීතාවය ලබා දීම , ස්නායුව්‍යථ වේදනා සමනය , මොළය සංවර්ධනය කිරීම , හදවත් සෞඛ්‍ය වැඩි දියුණු කිරීම හා අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමයි.

නමුත් අද අපි කතා කරන්නේ තක්කාලි මගින් අපේ සම පැහැපත් කර ගෙන රුව වඩවා ගත හැකි ආකාර කීපයක් පිලිබදවයි.

කුරුලෑ සුව කර ගැනීමට

මධ්‍යම ප්‍රමාණයේ තත්කාලි ගෙඩියක් ගෙන දෙකට පලා ගන්න. එක් පළුවක් ගෙන එය කුරුලෑ ආසාදිත ස්ථානයේ තක්කාලි යුෂ හොදින් ආලේප වන පරිදි  අතුල්ලන්න. දැන් මද උණුසම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කර ගන්න. මෙම ක්‍රියාවලිය සිදු කරන විටදී පිරිසිදු තුවා ටිකක් කලින්ම ලගා තබා ගැනීමටත් මතක තබා ගන්න.

මෙම ප්‍රතිකර්මය ඇසු පමණින් ඔබට මෙය උත්සහ කිරීමට බියක් ඇති වන්නට පුළුවන්. නමුත් මෙහිදී සිදුවන අභ්‍යන්තර ක්‍රියාවලිය ඇසුවොත් නම් ඔබගේ බිය නැති වේවි. තක්කාලි යුෂ කියන්නේ විටමින් හා ලයිකොපීන් ප්‍රතිඔක්සිකාරක වලින් පිරිපුන් දියරයක්. ඉතින් මෙමගින් සමේ ආරක්ෂාව වැඩි කරලා , සමේ සෞඛ්‍ය සදහා ඉතාම වැදගත් කොලජන් නිෂ්පාධනය ඉහල දමනවා. ඒ වගේම තමයි කුරුලෑ ඇති වීම නිසා හානි වී තිබෙන මතුපිට සම නැවත ප්‍රතිසංස්කරණය කිරීමද සිදු කරනවා.

ඒ වගේම මෙම සත්කාරය මගින් කුරුලෑ නිසා මුහුණේ ඇති වී තිබෙන රත් පැහැ ගතිය නැති කිරීමද සිදු කරනවා.

දරුණු කුරුලෑ තත්වයන් සුව කිරීම

ඔබේ කුරුලෑ තත්වය තරමක් වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති එකක් නම් මෙම ප්‍රතිකර්මය සිදු කරන්න. සම්පුර්ණ තක්කාලි ගෙඩියක් ගෙන පිරිසුදු කර කුඩා භාජනයකට දමා හොදින් තලා පල්පයක් සකස් කර ගන්න. මෙම තක්කාලි පල්පය මුහුණේ ගලවා පැයක් පමණ සිට මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට වාර 3ක් මෙය සිදු කරන්න. සතියක් ඇතුලත ඔබට ප්‍රතිපල ලැබේවි.

ඒ වගේම ඔබට අවැසි නම් තක්කාලි හා අලිගැටපේර යන දෙකම පල්ප ලෙස සකස් කර මිශ්‍ර කර භාවිතා කිරීමටද පුලුවන්. එහිදී එය මුහුණ මත විනාඩි 15ක් පමණ තැබීම ප්‍රමාණවත්. මෙමගින් ඔබේ සමේ අධික තෙල් ගතිය නැති කර ගන්නට පුළුවන්.

සමේ දීප්තිය වැඩි කර ගැනීමට

ඔබේ සමට අතිරේක දීප්තියක් එක් කර ගැනීමට අවශ්‍ය නම් තක්කාලි ගෙඩියක යුෂ සමග මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15ක් තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් හොදින් සෝදා හරින්න.

මුහුණේ දැවිල්ල ගතිය නැති කර ගැනීමට

අසාත්මිකතා නිසා මුහුණේ ඇතිවන දැවිල්ල ගතිය නැති කර ගැනීමටද තක්කාලි භාවිතා කරන්නට පුළුවන්. මේ සදහා තක්කාලි බෑයක් තලා ගෙන පල්පයක් සකස් කර ගන්න. ඉන්පසු එයට සාමාන්‍ය යෝගට් හැදී 2ක් එකතු කර මිශ්‍රනයක් සකසා ගන්න. දැන් මෙය මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් හොදින් සෝදා හරින්න.

බෝනස් තොරතුරු ටිකක්

මීට අමතරව කුරුලෑ සුව කරගෙන රුව වඩවා ගැනීම සදහා ඔබට කල හැකි දේවල් රැසක් තිබේ. ඔබ ස්වාභාවික ප්‍රතිකර්ම සිදු කිරීමට අකමැති හෝ කාල වේලාව නොමැති කෙනෙක් නම් මෙසේ සිදු කරන්න. කුරුලෑ සුව කරන බව පවසන කෘතීම රුපලාවන්‍ය නිෂ්පාධන මීලදී ගැනීමේදී එහි මුලික අමුද්‍රව්‍ය තක්කාලි ද යන්න සොයා බලන්න. එය එසේ නම් පමණක් එය මිලදී ගන්න. තක්කාලි මුලික අමුද්‍රව්‍ය කර ගත් නිෂ්පාධන මගින් ඔබට සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට හැකි වෙනවා.

සෑම විටම කඩෙන් කෘතීම රුපලාවන්‍ය නිෂ්පාධන මිලදී ගන්නවා වෙනුවට කුරුලෑ සුව කර ගැනීම සදහා ඔබට නිවසේදීම ඉතාම සරල ස්වාභාවික දේවල් කීපයක් භාවිතා කරන්න පුළුවන්.

දෙහි කියන්නේ ඉතාම හොද සම හකුළුවනයක් (astringent). ඉතින් දෙහි යුෂ ටිකක් පුංචි කපු පුළුන් කෑල්ලකට මිරිකලා සමේ හොදින් ආලේප කිරීම මගින් කුරුලෑ වලින් ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඔබට පුළුවන්.

බිත්තර සුදු මද කියන්නෙත් සමට ඉතාම හොද පෝෂකයක්. බිත්තර සුදු මදය ඍජුවම මුහුණේ ආලේප කර විනාඩි 10ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙමගින් මුහුණේ ඇති කුඩා සිදුරු හොදින් තදවීම සිදු වෙන අතර මුහුණේ පැහැයද වැඩි දියුණු වීමක් සිදු වෙනවා.

මී පැණි කියන්නෙත් ඔබේ මුළුතැන්ගෙයින් සොයා ගත හැකි සම සුවපත් කරවන ඉතාම බලගතු ස්වාභාවික ද්‍රවයක්. තුනී මී පැණි තට්ටුවක් ඔබේ මුහුණේ ආසාධිත ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි 5ක් තබා සෝදා හරින්න. ඔබේ මුහුණට සුවදායි බවක් මෙන්ම දීපතියක්ද ලැබේවි.

වැදගත්

කුරුලෑ සුව කර ගැනීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම මුහුණ ගැන දිනපතාම හොද අවධානයක් යොමු කල යුතු වෙනවා. දිනකට දෙවරක් සුමුදු තෙතමනකාරයකින් (gentle moisturizer) මුහුණ සේදිය යුතු අතර ඉන්පසු හොදින් moisturizer කල යුතුයි.

තක්කාලි වල බලපෑම සමෙන් සමට වෙනස් වන නිසා එක වරම සමස්ත මුහුණේ ආලේප කිරමට ප්‍රථම කුඩා ස්ථානයක ආලේප කර එහි බලපෑම සැමට කෙසේ එල්ල වන්නේද බලන්න. ප්‍රශ්නයක් නැති නම් පමණක් භාවිතා කරන්න.

මේ ලිපිය ඔබට වැදගත් කියා හිතෙනවා නම් පහලින් ශෙයා කරන්න කාරුණික වන්න. විශ්ම ලෝකයෙන් ඔබට සුබ දවසක්

Add Comment