තට්ටය පෑදීම වළකන ස්වභාවික පිළියම් 12 ක් මෙන්න

තට්ටය පෑදීම විවිධාකාරයෙන් සිදු වෙනවා. ඇතැම් පුද්ගලයින්ගේ වට හිසකෙස් පමණක් ඉතිරි වී හිස් මුදුනේ හිසකෙස් ගැලවී තට්ටය පෑදෙනවා. ඇතැම් පුද්ගලයින්ගේ සම්පූර්ණයෙන්ම හිසකෙස් ගැලවී තට්ටය පෑදෙනවා. ඒ වගේම, සමහර පුද්ගලයින්ගේ හිසකෙස් වර්ධනය වීම සිදු වෙන්නේ ඉතාමත් සෙමින්. ලොවපුරා සිටින පිරිමි පුද්ගලයින්ගෙන් 70% පමණ ප්‍රතිශතයක් තට්ටය පෑදීම නිසා පීඩා විඳින බව සොයා ගෙන තිබෙනවා. පිරිමි පුද්ගලයින්ගේ තට්ටය පෑදීමට ප්‍රධාන වශයෙන්ම මුල් වෙන්නේ ජානමය තත්වයන් සහ ලිංගික හොමොන වල සිදු වන වෙනස්කම්. තට්ටය පෑදීම වළක්වා හිසකෙස් සවිමත්ව නැවත වර්ධනය කර දෙන ස්වභාවික සත්කාර කිහිපයක් ගැන අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නයි මේ සුදානම් වෙන්නේ.

අංක 01 – පොල් කිරි සහ තෙල් සත්කාරය

ඔබත් තට්ටය පෑදීම නිසා පීඩා විඳින අයෙක් නම් ඔබට භාවිතා කරන්නට පුළුවන් හොඳම ස්වභාවික සත්කාර වලින් එකක් තමයි පොල් කිරි. විශ්වාස කරන්න අමාරුයි වගේද ? එත් මේ කතාව ඇත්ත. පොල් කිරි දිනපතා ඔබේ හිස් කබලේ ආලේප කිරීම මගින් කෙස් වැටීම නවත්වා ගෙන නව හිස කෙස් වර්ධනය කර ගන්න පුළුවන්. හරි මේ වැඩේ කරන්නේ මෙහෙමයි. පොල් කිරි මිලිලීටර 20 ක් සමග අම්ලා තෙල් මිලිලීටර 10 සහ ලෙමන් යුෂ තේ හැන්ඳක් එක්කර මිශ්‍රණයක් සකස් කර ගන්න. මෙම මිශ්‍රණය හිස් කබල පුරාම හොදින් ආලේප කර විනාඩි විස්සක් පමණ හිස මත තිබෙන්නට හරින්න. ඉන්පසු මේ ආලේපනය හිසෙන් සෝදා ඉවත් කර හිස හොඳින් පිරිසිදු කරගන්න. මේ ස්වභාවික සත්කාරය මගින් හිස්හොරි පවා සුව වෙලා තට්ටය පැදීම වළක්වා ගන්නට පුළුවන්. මේ පොල් කිරි සත්කාරය ඔබේ හිසට දිනපතා සිදු කරොත් ඉක්මණින්ම ඔබට සතුටුදායී ප්‍රතිපල බලා ගන්නට පුළුවන් වේවි.

අංක 02 – දිනපතා හිසට තෙල් සාත්තුවක් කිරීම

ඔබ භාවිතා කරන ඕනෑම තෙල් වර්ගයක්, උදාහරණයක් විදිහට පොල් තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් , එඩරු තෙල් වගේ ඕනෑම තෙල් වර්ගයක් පිරිසිදු කර ගත් හිස මත යොදා හොදින් සම්භාහනය කරන්න. මේ තෙල් සත්කාර ක්‍රමය මගින් කේශ මූල වලට නිසි පෝෂණය ලැබෙන්න ගන්නවා. ඒ වගේම හිසේ උෂ්ණ ගතිය නැති වෙලා ඉස්සොරි වැනි අසාධන සම්පුර්ණයෙන් සුව වෙනවා. මුලින්ම ඔබ භාවිතා කරන තෙල් වර්ගයක් අල්ලට අරගෙන හොදින් හිස්කබලේ සහ හිසකෙස් පුරාවටම ආලේප කරන්න. ස විනාඩි දහයක් පමණ හොදින් සම්භාහනය කර විනාඩි පහළොවක කාලයක් තිබෙන්නට හරින්න. මෘදු ෂැම්පු හෝ සබන් වර්ගයක් භාවිතාකර හිස හොඳින් සෝදන්න. තට්ටය පෑදීම වලක්වා ගන්න නම් මේ සත්කාර ක්‍රමය දිනපතාම සිදු කරන්න. ඒ වගේම, ඔබට පුළුවන් පොල්තෙල් හෝ අම්ලා තෙල් නින්දට යාමට පෙර හිසේ ආලේප කර හිස්කබලට සිදුවන රුධිර සංසරණය වේගවත් කරගෙන, මානසික ආතතිය පවා ලේසියෙන්ම අඩු කරගන්නට.

අංක 03 – උළුහාල් ඇට සහ පොල් තෙල්

උළුහාල් ඇට කිහිපයක් සමග පොල්තෙල් ස්වල්පයක් තාච්චියකට එක්කර සුළු වේලාවක් බැදගන්න. ඊළඟට මේ මිශ්‍රණය සිසිල් වූවායින් පසුව සුළු ප්‍රමාණයක් ගෙනහිසේ ආලේප කරන්න. දැන් මේ ආලේපනය හිසකෙස් මුලටම ගමන් කරවීම සඳහා ඇඟිලි තුඩු භාවිතා කර හිස හොඳින් පිරි මදින්න. මේ ආලේපනය සතියකට වාර තුනක් හෝ හතරක් ස්නානය කිරීමට පෙර හිසේ ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය මගිනුත් ඔබට පුළුවන් ලෙහෙසියෙන්ම හිසකෙස් වැටීයාම වළක්වා තට්ටය පෑදීම නතර කර ගන්න.

අංක 04 – මරතොන්ඩි කොළ එහෙම නැත්තම් හෙනා පත්‍ර

අපේ අසල්වැසි රටක් වෙන ඉන්දියාවේ වසර ගණනාවක සිටම මේ මරතොන්ඩි පත්‍ර යොදා ගෙන, හිසකෙස් ගැලවී යාම වළක්වා ගන්නත් හිසකෙස් වලට වර්ණයක් සහ දීප්තියක් ලබා ගන්නත් භාවිතා කර තිබෙනවා. අබ තෙල් ස්වල්පයක් සමග මරතොන්ඩි පත්‍ර කිහිපයක් හොඳින් රත්කරගන්න. ඊළඟට මේ මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැර ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන තෙල් වර්ගයක් සමග හොදින් මිශ්‍ර කරන්න. ඔබ මෙය පොල්තෙල් සමග මිශ්‍ර කරගන්නවා නම් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නට පුළුවන්. මේ ආකාරයට අවසාන වශයෙන් ඔබ සකස් කරගත් මිශ්‍රණය සතියකට වාර දෙකක් හෝ තුනක් හිසේ ආලේප කිරීම මගින් තට්ටය පෑදීම වළක්වා ගන්නට පුළුවන්.

අංක 05 – මුදවපු මී කිරි සහ කඩල පිටි ආලේපනය

කඩල පිටි මේස හැඳි දෙකකට නැවුම් තත්වයේ මුදවපු මී කිරි මේස හැඳි දෙකක් හෝ තුනක් එකතු කරලා , මෘදු ආලේපනයක් සකස් කරගන්න. මේ ආලේපනය හිස්කබලේ හා හිසකෙස් පුරාවටම ආලේප කර පැයක පමණ කාලයක් සිට හිස හොඳින් සෝදාගන්න. හිසකෙස් වැටීමත් තට්ටය පෑදීමත් වළක්වා ගන්න නම් මේ සත්කාරය සතියකට වාර තුන බැගින් සිදු කරන්න ඕනේ.

අංක 06 – මීපැණි සහ ඔලිවු තෙල් මිශ්‍රණය

මීපැණි තේ හැඳි දෙකක් අරගෙන එයට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් කුරුඳු කුඩු තේ හැන්ඳකුත් මේ මිශ්‍රණයටම එකතු කරන්න. ඔබේ හිසකෙස් වැටී තට්ටය පෑදී තිබෙන ස්ථාන වල මේ මිශ්‍රණය ආලේප කර විනාඩි පහළොවක කාලයක් තියලා හිස හොදින් සෝදන්න. මේ සත්කාර ක්‍රමය සතියකට වාර දෙක බැගින් මාස තුනක් හෝ හතරක් සිදු කරන්න ඕනේ. අන් අනිවාරයෙන්ම ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට පුළුවන්.

අංක 07 – ළුණු සත්කාරය

ළුණු කියනෙත් තට්ටය පෑදීම වළක්වා ගැනීමට භාවිතා කල හැකි තවත් ඵලදායී ඖෂධයක්. විශ්ම ලෝකය මීට පෙරත් අවස්ථා ගණනාවකදී හිස කෙස් සදහා ළුණු වැදගත් වන අන්දම පිලිබදව ඔබව දැනුවත් කරලා තියෙනවා. හරි ලුණු සත්කාරය කර ගන්නේ මෙහෙමයි. ලොකු ළුණුගෙඩියක් අරගෙන දෙකට කපලා ළුණු බෑයේ ඇතුල් පැත්ත තට්ටය පෑදී ඇති ස්ථානයේ උදෑසන සහ සන්ද්‍යා කාලයේදී හොඳින්අතුල්ලන්න. මේ ස්ථානය ඇතිල්ලීමේ දී රතු පැහැ වන තෙක් හොඳින් අතුල්ලන්න ඕනේ.ඊළඟට මේ ස්ථානයේ මීපැණි ස්වල්පයක් ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය දිනපතා සිදු කිරීම මගින් ඔබට විශිෂ්ට ප්‍රතිපල ලබා ගැනීමට පුළුවන්.

අංක 08 – නෙල්ලි

නෙල්ලි කියන්නෙත් නිරෝගී කේශ කලාපයක් සදහා දිව ඔසුවක්. වියළි නෙල්ලි කැබලි කිහිපයක් පොල්තෙල් සමග එක්කර රත් කරන්න. මෙම මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැර වාතය ඇතුළු නොවන බෝතලයකට මාරු කරන්න. දිනපතා මෙම තෙල ඔබේ හිසේ ආලේප කර විනාඩි පහළොවක කාලයක් තබා ස්නානය කරන්න. මෙම සත්කාර ක්‍රමය මගින් ඔබේ හිසකෙස් ඉක්මණින් වර්ධනය කර ගන්න පුළුවන්.

අංක 09 – සලාද කොළ සහ නිවිති

සලාද කොළ සහ නිවිතිත් තට්ටය පැදීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන්. සලාද කොළ සහ නිවිති ඇඹරුම් යන්ත්‍රයකට එක්කර මෘදු ආලේපනයක් සකස් කර ගන්න. මෙම ආලේපනය තට්ටය පෑදී ස්ථාන වල ආලේප කර පැය භාගයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා සතියකට වාර හතරක් මෙම සත්කාරය සිදු කරන්න ඕනේ. මෙම යුෂ ලීටර භාගයක් පමණ දිනපතා පානය කිරීම මගිනුත් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට පුළුවන්.

අංක 10 – නෙල්ලි සහ දෙහි යුෂ

නෙල්ලි ගෙඩිය පුංචි වුණත්, එහි ඇති ඖෂධීය ගුණය නම් පුංචි නැහැ. ආයුර්වේදයේදී ;දේශීය වෙදකමේදී නෙල්ලිවලට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්. ඖෂධීය ගුණ වගේම , කා අතරත් ජනප්‍රිය පලතුරක් ලෙස නෙල්ලිවලට ඇත්තේ ඉහළ වටිනාකමක්. නැවුම් දෙහි යුෂ සහ නෙල්ලි යුෂ සමාන ප්‍රමාණ වලින් අරගෙන මිශ්‍ර කරලා හිසෙහි ආලේප කරන්න. සුළු වෙලාවක් සිට මෙම මිශ්‍රණය සෝදා ඉවත් කරන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් රාත්‍රී නින්දට යාමට පෙර මේ සත්කාරය කරන්න උසස් ප්‍රතිපල ගන්න පුළුවන්. රෑට ගානවා නම් පහුවදා උදෑසන තමයි කොන්ඩේ සෝදලා දාන්නේ. රැයක් පුරා හිස්කබල මත තියෙන නිසා තට්ටයට හොදින් වදිනවා. මෙම ක්‍රමයත් හිසකෙස් නැවත වර්ධනය කර ගැනීමට සිදු කල හැකි සාර්ථකම ක්‍රමයක් ලෙස ලෝකය පුරා භාවිත වෙන එකක්. කොණ්ඩය වැටීම නතර වෙනවාට අමතරව පැසුණු හිසකෙස් නැවත කළුවන් කර ගැනීමටද මේක හොදම සත්කාරයක්.

අංක 11 – බිත්තර

බිත්තර කියන්නේ ප්‍රෝටීන් ගබඩාවක්. කේශ වර්ධනය සදහා ප්‍රෝටීන් අතවශ්‍ය වෙනවා. කේශ මුල ශක්තිමත් වී හිස කෙස් ගැලවී යාම වලක්වන්න ප්‍රෝටීන් වලින් පොහොසත් බිත්තර වලට පහසුවෙන්ම පුළුවන්. මේ සත්කාරය ඔබට පහසුවෙන්ම සිදු කර ගන්න පුළුවන්. වගේම මේ සදහා ඔබට ලොකු මුදලක් වය වෙන්නෙත් නෑ. අමු බිත්තරයක් අරගෙන එය හොදින් ගසා ගන්න. ඊට පස්සේ හිස් කබල පුරා ආලේප කරලා මද වෙලාවක් හොදින් සම්බාහනය කරන්න. ඕනේ. ඒ වගේම ඔබට පුළුවන් බිත්තරය සමග ඔලිව් තෙල් ස්වල්පයකුත් මිශ්‍ර කරලා මේ සත්කාරය සිදු කරන්න. එහෙම කරොත් වඩාත් සාර්ථක ප්‍රතිඵල ඉක්මණින්ම ගන්න පුළුවන් වෙනවා. මේ සත්කාරය සතියකට වාර තුනක් සිදු කරන්නත් මතක තබා ගන්න.

අංක 12 – පේර පත්‍ර

පේර පත්‍ර තුල විටමින් C යහමින් අඩංගු වෙනවා . විටමින් C මගින් කොලජන් නිෂ්පාධනය උත්තේජනය කරන නිසා හිසකෙස් වැවීම වේගවත් වෙනවා. ඒ වගේම තමයි පේර පත්‍ර සතු ප්‍රතිඔක්සිකාරක බලය නිසා නිදහස් අණු මගින් හිස්කබලට හා හිසකෙස් වලට සිදු වන හානි කිරීම් පාලනය කරනු ලබනවා. පේර පත්‍ර වල අඩංගු වන ලයිකොපෙන් කියන සංගටකය මගින් හිරු එළියේ අහිතකර කිරණ ඔස්සේ හිසකෙස් වලට සිදු වන හානි වීම් පවා අවම කරනවා. දැන් අපි බලමු කොහොමද මේ පේර කොළ සත්කාරය කොණ්ඩයට කර ගන්නේ කියලා. මේ සදහා පේර කොළ කිහිපයක් අරගෙන ජලය ලීටරයක ප්‍රමාණයකට එක්කරලා, ජලය අඳුරු පැහැ වන තුරු තම්බා ගන්න ඕනේ. ඉන් පසුව මෙම ජලය සිසිල් කර ගෙන සතියට වාර දෙකක් හෝ තුනක් හිසෙහි ආලේප කරලා හොඳින් සම්භාහනය කරන්න විතරයි තියෙන්නේ.

හිසකෙස් ගැලවී යාම නවතා නැවත හිසකෙස් වර්ධනය කරන සාර්ථකම සත්කාරය

මිනිස් ශරීරයේ වේගයෙන්ම වර්ධනය වෙන ශරීර කොටස් අතුරින් එකක් තමයි හිසකෙස් කියන්නේ. කෙස් ගසක් සාමාන්‍යයෙන් මාසයකට අගල් භාගයක් පමණ වර්ධනය වෙනවා. නිරෝගී මිනිසෙකුගේ හිස මත කෙස් ගස් ලක්ෂයක් පමණ තිබෙන අතර දිනකට එයින් 50- 80ක පමණ ප්‍රමාණයක් හැලියාම සිදු වෙනවා. සැම කෙස් ගසක්ම වැඩෙන්නේ හිස් කබලේ කුඩා කුහර වල. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නේ Hair follicle කියලා. අපි කලින් කිව්වනේ නිරෝගී මිනිසෙකුගේ හිස් කබල මත සාමාන්‍යයෙන් කෙස් ගස් ලක්ෂයක පමණ තියෙනවා කියලා. ඉතින් මේ කෙස් ගස් ලක්ෂයටම මේ වගේ වෙන වෙනම කුඩා කුහර තියෙනවා.

කෙස් ගසක ජීවන චක්‍රය

වර්ධන අවධිය , කෙටි සංක්‍රමණික අවධිය හා විවේකී අවධිය ලෙසින් කෙස් ගසක ජීවන චක්‍රය අවධි 3 කට බෙදා පෙන්වන්න පුළුවන්. වර්ධන අවධියෙදී නොනවත්වා කෙස් ගස වර්ධනය වීම සිදු වන අතර එය සාමාන්‍යයෙන් වසර 2 – 8 දක්වා පවතිනවා. වර්ධන අවධිය අවසන් වූ සැණින් කෙස් ගස කෙටි සංක්‍රමණික අවධියට පිවිසෙනවා. කෙස් ගසක් කෙටි සංක්‍රමණික අවධියේ පවතින්නේ සති 4-6ක් වගේ ඉතාම පොඩි කාලයක් පමණයි. ඉන්පසුව කෙස් ගසේ ජීවන චක්‍රයේ අවසන් අවධිය වන විවේකි අවධියට පැමිණෙනවා. මෙම අවධිය මාස 3ක් තරම් කාලයක් දිගු වන අතර මෙම කාලය තුල කෙස් ගස ගැලවී යාම සිදු වී නව කෙස් ගසක් එම කේශ කුහරයෙන් එලියට පැමිණීම සිදු වෙනවා.

නිරෝගී මිනිස් හිස් කබලක් මත ඇති කෙස් ගස් වලින් 90%ක ප්‍රමාණයක් වර්ධන අවධියේ තමයි තියෙන්නේ.දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි හිසකෙස් සේරම එකම අවධියක ගමන් කරන්නේ නැතුව , එකිනෙකට වෙනස් අවධීන් තුල හා ඒ අවධීන් ඇතුළෙත් වෙනස් කාලසීමා වල ගමන් කරන්නේ කියලා. අපේ ඔලුවේ තිබෙන හිස කෙස් සියල්ල එකම අවධියකින් පටන් ගෙන වර්ධනය වී හැලී යාම සිදු වුවහොත් වෙන්නේ අපේ කෙස් ගස් සේරම එකම දවසක ගැලවී ගොස් සම්පුර්ණයෙන්ම තට්ටය පෑදෙන එක. හරියට කාලෙකට ගස් වල කොළ හැලිලා යනවා වගේ. මේ දේ වලක්වන්න තමයි හැම කෙස් ගසක්ම එකිනෙකට වෙනස් අවධීන් වල හා කාල සීමා වල තම ජීවිතය ගත කරන්නේ. හිස් කෙස් වලින් 90%ක් වර්ධන අවධියේ කුමන ස්ථානයක හෝ පැවතීම නිසා සැලකිය යුතු කෙස් කලඹක් හිස් කබල මත නිතරම රැදෙනවා.

හිසකෙස් ගැළවී යාම හදුනා ගන්නේ කෙසේද?

සරල පරීක්ෂණයක් මගින් මෙය හදුනා ගන්න පුළුවන්. අතේ ඇඟිලි තුඩු කෙස් කළඹ මුදුනේ සිට අවසානය දක්වා සෙමෙන් ගෙනියන්න. එසේ කල විට ඔබේ අතට කෙස් ගස් 5-8 ත් අතර ප්‍රමාණයක් ගැලවී එම සිදු වේ නම් එය සාමාන්‍ය තත්වයක්. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් කෙස් ගැලවේ නම් හිස කෙස් ගැලවී යාමේ ප්‍රශ්නයක් ඔබට තිබෙනවා.

හිසකෙස් ගැළවී යන්නේ ඇයි?

හිසකෙස් ගැළවී යාමට විවිධ හේතු තිබෙනවා. ඒවා ජානමය ප්‍රශ්න , මානසික ආතතිය , ඉස්සොරි , ශරිර අභ්‍යන්තරයේ උෂ්ණාධික තත්වයන් ආදී ලෙස වර්ග කරන්නට පුළුවන්. නමුත් බොහෝ අවස්ථා වල හිසකෙස් ගැලවී යාමට හේතුව වන්නේ හිස් කබලට නිසි පෝෂණයක් නොලැබීමයි. උදාහරණයක් අරන් කිව්වොත් කෙස් ගසක් හරියට මල් පෝච්චියක හිටවලා තියෙන මල් පැළයක් වගේ. මල් පෝච්චියට නිසි වේලාවට වතුර ටික පොහොර ටික නොදැම්මොත් මල් පැලය මැරිලා යනවනේ. අන්න ඒ වගේ හිස් කබල මත කේශ වර්ධනය වෙන මේ කුඩා කුහර වලට නිසි පෝෂණයක් නොලැබුනොත් ආයේ කවදාවත් එතනින් කෙස් ගසක් වර්ධනය වෙන්නේ නෑ. මෙලෙස පෝෂණය හිගවීමෙන්, හිසකෙස් නිසි වයස සම්පුර්ණ වීමට මත්තෙන් හැලී යාම හා එම කේශ කුහර වල නැවත හිසකෙස් වර්ධනය නොවීම නිසා තමයි තට්ටය පැදීම සිදු වෙන්නේ.

හිසකෙස් ගැළවී යාම වළක්වා ගැනීමට Hairzy Oil උපකාර වන්නේ කෙසේද?

හිස් කබලේ කේශ වර්ධනය වන කුඩා කුහර වලට මනා පෝෂණයක් සපයමින් , හිසකෙස් ගැළවී යාම සති තුනක් ඇතුලත සම්පුර්ණයෙන්ම නවතා දැමීමේ හැකියාව Hairzy Oil සතු වෙනවා. Hairzy Oil නිපදවන්නේ පාරම්පරික සිංහල වෙදකමේ එන ඉතා බලගතු පුරාණ වට්ටෝරුවකට අනුවයි. මේ සදහා අති ප්‍රබල ඖෂධිය ගුණයෙන් යුතු උසස් තත්වයේ අමුද්‍රව්‍ය 14ක් භාවිතා කරන අතර තෙල් සිදීම ආරම්භ කරන්නේ නැකතකට අනුවයි. දින 3ක් පුරාවට ඉතාම සුපරික්ෂාවෙන් යුතුව තෙල් සිදීම සිදු කරන අතර ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය නෙළීම සිදු කරන්නේද සුභ නැකැත් වලට අනුවයි. මෙම නිසාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සංකීර්ණ වීම හා අමුද්‍රව්‍ය වල හිගකම නිසා අප හට මසකට නිෂ්පාදනය කල හැක්කේ ලීටර් 50ක් තරම් සුළු තෙල් ප්‍රමාණයක් පමණයි. මෙලෙස ඔබගේ හිසකේ ගැටලු විසදීම සදහා සිංහල වෙදකමේ අග්‍ර පලය, Hairzy Oil ලෙසින් ඔබ වෙත ලබා දීමට අප විශාල පරිශ්‍රමයක් දරන්නෙමු.

Hairzy Oil භාවිතයෙන් අත්වන වාසි

* සති 3ක් ඇතුලත හිසකෙස් ගැලවී යාම නවතා නව හිසකෙස් වර්ධනය ආරම්භ වේ
* හිසකෙස් ඝනව වැවේ
* කෙස් අග පැලීම නතර වේ.
* සති 2ක් පමණ භාවිතයේදී ඉස්සොරි ප්‍රශ්නය සම්පුර්ණයෙන් සුව වේ.

Hairzy Oil නිෂ්පාදනය කරන ආකාරය

භාවිතා කරන ආකාරය

Hairzy Oil සුළු ප්‍රමාණයක් අත්ලට ගෙන ඇඟිලි තුඩු ආධාරයෙන් මුළු හිස් කබලම ආවරණය වන සේ විනාඩි 10ක් පමණ මෘදුව සම්බාහනය කරන්න. සම්බාහනයෙන් අනතුරුව කෙස් කලඹ විනාඩි 30ක් පමණ හිරු එළියට නිරාවරණය කිරීම මගින් වඩා සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකියි. Hairzy Oil ආලේපයෙන් පසුව පැය 4ක් පමණ හිස් කබල මත තැබීම ප්‍රමාණවත්. මෙම සත්කාරය උදය කාලයේ සිදු කිරීම මගින් වඩා සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකියි

Hairzy Oil මගින් හිස් කබල මත කේශ වර්ධනය වෙන කුඩා කුහර වලට මනා පෝෂණයක් ලබා දීම සිදු කරයි. එමෙන්ම දැනට අක්‍රිය තත්වයේ පවතින කේශ කුහර නැවත සක්‍රිය කර, එම ස්ථාන තුලින් නව හිස කෙස් වර්ධනයට අවශ්‍ය උත්තේජනයන් සපයයි. මාස 6ක් නොනවත්වා භාවිතයෙන් දැඩි ලෙස හිස කෙස් අහිමි වූ කෙනෙකුට වුවද සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියි.

වැදගත් – පීනස් රෝගීන්ට නුසුදුසුයි.

Hairzy Oil මිලදී ගන්නේ කෙසේද?

Hairzy Oil බෝතලයක මිල වන්නේ රුපියල් 1250/=කි. මෙය සාමාන්‍යයෙන් මාසයක පමණ කාල සීමාවක් සදහා ප්‍රමාණවත් වේ. ඔබේ නම, දුරකථන අංකය සහ ලිපිනය 077 470 1439 අංකයට SMS එකක් මඟින් එවන්න. සතියක් ඇතුලත ඔබේ නිවසටම භාණ්ඩ එවන්නට පුළුවන්. භාණ්ඩ ලබාගන්නා අවස්ථාවේදී මුදල් ගෙවීම සිදුකල හැකි අතර කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකෙරේ. ස්තුතියි. (ෆාමසි, සුපිරි වෙළෙඳසැල් හෝ වෙනත් කිසිදු ස්ථානයක අප නිෂ්පාදන දැනට අලෙවිය සඳහා නිකුත් කර නොමැත. එම නිසා ව්‍යාජ නිෂ්පාධන වලට නොරැවටෙන්න )



Add Comment