තදින්ම ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙකු දවස් 7ක් දියබත කාලා බලන්න – නිසැකවම සුව වෙනවා

අද අපි දහ දෙනෙක් එක්ක කථා කළොත් ඒකෙන් අඩුම ගානේ අට දෙනෙකුටවත් ගැස්ට්‍රයිටිස් තියෙනවා. ලංකාවේ තියෙන ජනප්‍රියතම ලෙඩේ ගැස්ට්‍රයිටිස් කියලා කිව්වොත් වැරදි නෑ. තරඟකාරී ලෝකයේ ජීවත් වෙන ගොඩක් දෙනෙකුට වෙලාවට කෑම බීම ගන්න බැරිවෙන නිසා තමයි මේ  වගේ ලෙඩ වලට ඉක්මනින් අපිව ගොදුරු වෙන්නේ.

එක එක අය මේ ලෙඩේට එක එක ජාතියේ ප්‍රතිකර්ම කරනවා. ඒ අතරින් ඉතාම සාර්ථක ප්‍රතිකර්මයක් ගැන තමයි අද විශ්ම ලෝකයෙන් මේ කියන්න යන්නේ. මේකට කියන්නේ ” දියබත” කියලා. සමහරවිට ඔයාලා අහලත් ඇති.

තදින්ම ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක් දවස් 7ක් දියබත් කෑවොත් අනිවාර්යෙන්ම රෝගය සුවවෙනවා…. මේක අත්දුටුවයි ! ප්‍රත්‍යක්ෂයි !

අපි දැන් බලමු දියබතේ ගුණ සහ සාදා ගන්නා ආකාරය

දියබතේ ගුණ

1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2. ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්තයට ඉතාමත් ගුණදායකයි.
3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට අපුරු ආහාරයක්
4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

දියබත සකසා ගැනීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය

ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6
අමුමිරිස් කරල් 3 – 4 ක්
උම්බලකඩ ග්‍රෑම් 20ක්
ලුණු ස්වල්පයක්
දෙහි බෑයක ඇඹුල්
පොල් බෑයක කිරි
පෙර දින රාත්‍රියේ උයා ඉතිරි වූ බත් ටිකක්

සාදා ගන්නා ආකාරය

පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් එකට,  බත් ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා , රැය පහන් වනතෙක් තැබිය යුතුයි. බත් පිසීම සදහා වෙනත් භාජනයක් වුවත් භාවිතා කල හැකි නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කිරීමෙන් මේ ඔසුවේ ගුණ තවත් වැඩි කර ගන්නට පුළුවන්.

පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත හදනවා මෙන්න මෙහෙම

කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා… දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. ඔබ බත් එක පිසීමේදී ලුණු එකතු කරලා නම් තියෙන්නේ ලුණු ටිකක් විතර තමයි දාන්න ඕනේ. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. ඉන්පසු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර ගන්න… ඉන් පසුව මේකට පොල්කිරි ටික එකතුකරන්න… දෙහි ඇඹුල් රස අනුව අවශ්‍ය තරමට මිරිකන්න. ඔන්න දැන් අපේ රසවත් දියබත හදලා ඉවරයි.

ඔබට ගැස්ට්‍රයිටිස් තත්වය ගොඩක්ම වැඩියි නම් කිතුල් හකුරු එක් කර ගන්නත් පුළුවන්… එහෙනම් කාලා බලලා රසගුණ අගුණ ගැන විශ්ම ලෝකයට කියන්න. දවසක් ඇර දවසක් මේ “දිය බත “කන්න පුළුවන් නම් මාසයක් දෙකක් යනකොට “ගැස්ට්‍රයිටිස්” වලට සදහටම ටටා බායි කියන්න ඔබට පුළුවන් වේවි.

මේ වැදගත් පණිවිඩය ගැස්ට්‍රයිටිස් නිසා දුක් විදින ඔබේ අසරණ මිතුරන් හා ආදරණියන් වෙනුවෙන් පුළුවන් තරම් ශෙයා කරන්න. විශ්ම ලෝකය හැමදාම ස්වාභාවික ක්‍රම ඔස්සේ ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න උපරිම වෙහෙස වෙනවා. අපේ ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාලා අපිව දිරිමත් කරන්න. ඔබට සෞඛ්‍යමත් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා අපි. සුබ දවසක් ……………

(Visited 1 times, 1 visits today)

Add Comment