දරුවන් නැතිව පසු තැවෙන අයට දරුවන් ලබාදෙන වෙද මාමා

විවාහ වී වසර හත අටක්‌ ගත වූවත් සමහර අඹු සැමියන්ට මවු පිය පදවිය ලබාගැනීමට දුෂ්කර කාර්යයක්‌ වී තිබේ. බටහිර වෙදකම කළත් දේවාල, කෝවිල් ආදියට ගොස්‌ බාරහාර වුවත් දරුවකු ලබා ගැනීමේ ප්‍රර්ථනාව ඉටුනොවූ බොහෝ අඹු සැමියෝ සිටිති. මෙබඳු දරු දුකින් පෙළෙන වෛද්‍යවරු, නීතිවේදීන්, පරිපාලන නිලධාරීන් වැනි අයද සිටිති.

මෙබඳු අඹුසැමියන් නිතර දෙවේලේ ගමේ වෙද මාමා හමුවීමට දිවයිනේ හතර දිග් භාගයෙන් පැමිණෙන අතර එසේ පැමිණෙන අඹු සැමියන් දහසක්‌ පමණ දෙනා මේ වන විට දරුවන් ලැබ මවුපියන් බවට පත්වී ඇති අන්දම වෙද මාමාගේ වෙදපොත බැලීමෙන් පැහැදිලි වේ.

දරුවන් නැති අඹුසැමි යුවළකට දරුවකු ලබාදීමට අතොරක්‌ නැති වෙදහෙදකම් කරන්නේ නැත. එක්‌ අවස්‌ථාවක්‌ හැරෙන්නට කෙම්පහන් කරන්නේද නැත. කිසිදු මුදලක්‌ අය කරන්නේ ද නැත. නමුත් මානව සමාජයේ චිරස්‌ථිතිය සඳහා නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව මේ වෙදකම කරගෙන යායුතු යයි. වසර 700 කට වඩා පැරණි ආරම්භක පුස්‌කොළ පොතේ මුලටම සඳහන් කර තිබේ. එසේම මේ වෙදකම ‘පිට නො දෙනු’ යන වගන්තියද පුස්‌කොළ පොතේ ලියා ඇත.

වසර හත්සීයක්‌ තරම් පැරණි මෙම පාරම්පරික වෙදකමේ වර්තමාන හිමිකරු වන්නේ මේ වන විට වයස අවුරුදු 90 කට ළංවී සිටින මැදියාවේ ඩී. එම්. ටිකිරි බණ්‌ඩා වෙද මාමාය.

වෙද මාමා සිටින්නේ එප්පාවලට නුදුරු ‘මැදියාව’ ගමේය. බොහෝ අය බස්‌රියකින් එප්පාවලට පැමිණ ත්‍රිරෝද රථයකින් මැදියාවේ වෙද මාමා සොයා යති.

මා අත්දුටු හැටියට මේ වෙදකමේ බැරූරුම් දෙයක්‌ සිදුවන්නේ නැත.

වෙද මාමා මෙසේ කීය.

වඳබව කාන්තාවන්ට පමණක්‌ නොව පිරිමින්ට ද තිබේ. එවැනි විවාහයක එක්‌ අයකු හෝ වඳභාවය ලබා ඇත්නම් ඒ පවුලට දරුවන් ලැබෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් කාන්තාවන්ට සිදුවන තනිකම් දොෂය ශරීරයේ අධිකතම උෂ්ණය වයස 35 ට වඩා වැඩිවීම වැනි හේතූන් නිසා දරුඵල අහිමි වේ. තනිකම් දොෂයට පුංචි සාත්තුවකින් අතේ නූලක්‌ බැඳීමෙන් ද ශරීරයේ අධික උෂ්ණයට ශරීරය නිවෙන්නට බෙහෙත් දීමෙන් ද දරුඵල ලබාගත හැකිය. මෙය ඉතාමත් සරල වෙද කමක්‌ පිරිමින්ට ද අභ්‍යන්තර ශරීර දොෂ තිබේ. ඒවාද ඖෂධ මගින් සුවකළ හැකියි. වරක්‌ හෝ දෙකක්‌ ප්‍රතිකාර ලබා ගැනීමෙන් දරුඵල ලබාගත හැකි බව වෙද මාමා කියයි.

උෂ්ණය නිවීයාමට බෙහෙතක් දීම වැනි සරල වෙදහෙදකමකින් ඔහු දරුවන් ලබාදීමේ පින්කම කරගෙන යන නමුත් වෙද පොතේ තහංචියට අනුව කිසි‍වකුගෙන් මුදල් අයකරන්නේ නැත. එය හුදු සමාජ සත්කාරයකි. එප්පාවලට පැමිණ කිලෝමීටරයක් තරම් දුරින් මැඩියාවේ පිහිටි ඔහුගේ නිවසට යාහැකිය. ලිපිනය ඩී. එම්. ටිකිරිබණ්ඩා වෙද උන්දෑ, මැඩියාව, එප්පාවල

දුර බැහැර සිට එන අය කලින් කතාකොට දිනයක්‌ ලබාගැනීම සුදුසුබව වෙද මාමා කියයි. වෙද මාමාගේ දුරකථන අංකය මෙසේය. 025-2249342

Add Comment