ලෝක දරිද්‍රතාවය ගැන පුදුම හිතෙන කරුණු 11ක් මෙන්න

ලෝක ජනගහණයෙන් හරි අඩක් පමණම ඒ කියන්නේ මිනිසුන් බිලියන 3කගේම දෛනික ආදායම ඩොලර් දෙක හමාරකට වඩා වැඩි වෙන්නේ නෑ. ඩොලර්මෙ දෙක හමාරක් කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 375 ක් වගේ ගාණක්. මේ බිලියන 3 අතරෙත් ඉන්නවා අතිශයින්ම දුප්පත් බිලියන 1.3ක ජනතාවක්. ඔවුන්ගේ දෛනික ආදායම ඩොලර් 1.25 කට වඩා අඩුයි. රුපියල් වලින් නම් 187ක් වගේ මුදලක්.

ලොව පුරා කුඩා ළමුන් බිලියනයක් පමණ දරිද්‍රතාවයට නිසා අපා දුක් විදිනවා. කුසගින්න හා මුලික සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා දිනකට දරිද්‍රතාවයෙන් පිඩා විදි ළමයි 22000 ක් පමණ මිය යන බව යුනිසෙෆ් ආයතනය ගණන් බලා තිබෙනවා

ලොව ජිවත් වන මිලියන 805 ක පමණ ජනතාවකට කෑමට කිසිම දෙයක් ලබා ගැනීමට හැකියාවක් නෑ. මෙවන් මිනිසුන්ට ආහාර සැපයීම සදහා ලොව පුරා ආහාර බැංකු පිහිටුවා තිබෙනවා. ඔබ ජිවත් වන ප්‍රදේශයේත් මෙවන් මිනිසුන් ජිවත් වී සිටින්නට පුළුවන්. ඔබට හැකි නම් නිවස ඉදිරිපට හෝ ඔබ පවත්වාගෙන වෙළදසැල ඉදිරිපිට එවැනි මිනිසුන්ට ඔබට හැකි පමණින් නොමිලේ ආහාර ලබා දෙන වැඩසටහන් සංවිධානය කරන්න.

මිලියන 750ක මිනිසුන්ට ප්‍රමාණවත් පරිදි පිරිසිදු පානිය ජලය ලබා ගැනීමට හැකියාවක් නෑ. අපවිත්‍ර ජලය පාරිබෝජනය නිසා වැළදෙන කොළරාව , අපිරිසිදු දෑත් නිසා බෝවන විවිධ භයානක රෝග නිසා වසරකට ලොව මිනිසුන් 842000ක් මිය යනවා. දවසකට ගණන් හදලා බැලුවොත් 2300ක් වගේ මිනිසුන් ප්‍රමාණයක්.

2011 වසරේ පමණක් ලොව වයස අවුරුදු 5ට අඩු ළමුන් මිලියන 165ක් කුරු / මිටි භාවයට පත් උනා. මෙසේ වන්නේ ඔවුන් මන්ද පෝෂණයෙන් පෙළීම නිසා නිසි වර්ධන වේගයක් ශරීරයට ලබා ගත නොහැකි වීම නිසයි.

කොළරාව හා නිව්මෝනියාව කියන්නේ නිසි ප්‍රතිකාර සිදු කිරීම මගින් පහසුවෙන්ම සුව කර ගත හැකි රෝග දෙකක්. නමුත් මේ රෝග වැළදුණු දුප්පත් දරුවන් මිලියන 2ක් පමණ වසරකට මියන්නේ ඒ සදහා ප්‍රතිකාර කර ගැනීමටවත් මුදලක් ඔවුන් ලග නොමැති වීම නිසා රෝගය සදහා ප්‍රතිකාර නොකිරීම නිසයි

2013 වසරේ ලද දත්ත අනුව ලොව පුරා වයස අවුරුදු 1 ට අඩු ළමයින් මිලියන 21.8 කට ගලපටලය , පිට ගැස්ම , කක්කල් කැස්ස යන රෝග සදහා ආරක්ෂණ එන්නත් ලබා දී නෑ. ඒවා ඔවුන්ට නොලැබී ගොස් ඇත්තේ අධික දුප්පත් කම නිසයි

ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් අදටත් ජිවත් වෙන්නේ විදුලි බලය නොමැතිවයි. ගණනින් ප්‍රකාශ කලොත් එය බිලියන 1.6ක තරම් විශාල ජනගහනයක්. විදුලිය නැතුව එක දවසක් තියා පැයක් වත් ජිවත් වෙන්න අපිට අමාරුයි. එත් ලෝකෙන් හතරෙන් එකක් මිනිසුන්ට තාමත් විදුලි පරිබෝජනය හීනයක් වෙලා.

ලෝක ජනගහණයෙන් 80% මිනිසුන්ගේ දෛනික ආදායම වන්නේ ඩොලර් 10 කට වඩා අඩු ගණනක්. තේරෙන්නම කිව්වොත් ලෝකයේ ජිවත් වෙන මිනිසුන්ගෙන් හතරෙන් එකක්ම දවසකට රුපියල 1500කට වඩා උපයන්නේ නෑ.

ලෝක දුප්පත්කම නැති කරන්න නම් වර්ෂයකට අවශ්‍ය වන මුදල වන්නේ ඩොලර් බිලියන 60ක්. ඒ කියන්නේ කාට හරි ඩොලර් බිලියන 60ක් පරිත්‍යාග කරන්න පුළුවන් ලෝක දුප්පත්කම අවුරුද්දක් යන කම් නැති කරන්න පුළුවන්. එහෙම කලොත් බඩගින්නේ හා වෙනත් මුලික සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කරගැනීමට නොහැකිව කිසිම දරුවෙක් මැරෙන්නේ නෑ. ලොව ඉහලම ධනවතුන් 100 දෙනා උපයන මුදලින් හතරෙන් එකක් වගේ මුදලක් තමයි ඩොලර් බිලියන 60 කියන්නේ. ඉතින් බලන්න මේ ධනවතුන් 100 දෙනාට එකතු උනොතින් ලෝක දරිද්‍රතාවය සදහටම නැති කරන්න පුළුවන්. ඒ සදහා කරන්න තියෙන්නේ වාර්ෂිකව ඔවුන් උපයන මුදලින් හතරෙන් පංගුවක් පරිත්‍යාග කිරීම පමණයි.

මේ ලිපිය අවසානයට කියන්න යන කාරණාව ඇසුවොත් නම් ඇත්තටම ඔබට පුදුම හිතේවි. ලොව වැඩිම මිනිසුන් පිරිසක් මිය යාමට ප්‍රධාන හේතුව වන්නේ පිළිකාව වත් , දුම් පානය වත් , හෘදයාබාධ වැනි දරුණු රෝගයක් නිසාවත් නොවෙයි. ලොව මිනිසුන් වැඩිම ප්‍රමාණයක් මරණයට පත් වෙන ප්‍රධාන හේතුව වෙන්නේ කුසගින්න. කුසගින්න නිසා මියැදෙන මිනිසුන් ගණනේ එකතුව ඒඩ්ස් , මැලේරියා හා ක්ෂය රෝගය වැළදීම යන කරුණු 3 නිසා මරණයට පත් වෙන මිනිසුන් ගණනේ එකතුවටත් වඩා වැඩියි.

Add Comment