ධමනි සිරවීම සහ අධි රුධිර පීඩනය සුවපත් කරන බෙහෙත් වට්ටෝරුව

අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සුදානම් වන මෙම මිශ්‍රණය තුල බලගතු ස්වභාවික අමුද්‍රව්‍යන් තුනක් අන්තර්ගත වනවා. මෙම ඖෂධීය මිශ්‍රණය භාවිතා කිරීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව, විවිධ ආසාදනයන් සහ හදවත් රෝග සුවපත් කර ගන්නට පුළුවන්. සාම්ප්‍රදායික ජර්මානු බෙහෙත් වට්ටෝරුවක් වන මේ තුල අඩංගු වන්නේ ඉඟුරු, ලෙමන් සහ සුදුලුනු යන අමුද්‍රව්‍ය තුනයි.

අවශ්‍ය වන ද්‍රව්‍ය

• අඟල් එක හමාරක පමණ ඉඟුරු අලයක්
• ලෙල්ල සමග ලෙමන් ගෙඩි හතරක්
• සුදුලුනු බික් හතරක්
• පෙරාගත් ජලය ලීටර් දෙකක්

සකසා ගන්නා ආකාරය

ලෙමන් ගෙඩි සෝදා පෙති කපා ගන්න. ඉඟුරු කැබැල්ල සහ සුදුලුනු බික් පොතු ඉවත් කර ගන්න. ඉන් පසුව අමුද්‍රව්‍ය සියල්ල ඇඹරුම් යන්ත්‍රයකට එක්කර අඹරා මිශ්‍රණයක් සකස් කර ගන්න.
ඉන් පසුව මෙම මිශ්‍රණය සාස්පානකට එක්කර ජලයද සෙමින් එක්කරමින් පහෙන තුරු රත් කර ගන්න. ඊළඟට සාස්පාන ගින්නෙන් බාගෙන නිවෙන්නට හැර ඖෂධීය මිශ්‍රණය වීදුරු බෝතලයකට මාරු කර ශීතකරණයේ ගබඩා කර තබන්න.

පරිභෝජනය

දිනකට දෙවරක් ආහාර ගැනීමට පැය දෙකකට පෙර ඖෂධීය මිශ්‍රණයෙන් මේස හැඳි දෙක බැගින් පානය කරන්න. මෙය පානය කිරීමට පෙර බෝතලය හොඳින් සොලවා පානය කරන්න.

මෙම ඖෂධීය මිශ්‍රණය දිනපතා පානය කර අධි රුධිර පීඩනය සහ සිරවුණු ධමනි සුවපත් කර හදවත් සෞඛ්‍යය වර්ධනය කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කර ගන්නට පුළුවන්.

(Visited 1 times, 1 visits today)

Add Comment