නළල ආසන්නයේ හිසකෙස් ගැලවී යාම සඳහා සරල ප්‍රතිකාර ක්‍රම 8ක්

හිසකෙස් සිහින්වී හැලී යාම අතිශය පීඩා ගෙන දෙන කරුණක්. විශේෂයෙන්ම නළල අවට හිසකෙස් වැටියාම නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවයම මහත් අපහසුතාවයකට පත් වනවා. කාන්තාවන්ට මෙම තත්වය ඇති වූ විට එය නැවතත් යතා තත්වයට පත් කර ගැනීම තරමක් අපහසු වන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ සඳහා බලපාන කරුණු හොඳින් අධ්‍යයනය කරනවා නම් මෙම සෞඛ්‍යය ගැටලුව සඳහා විසඳුමක් සොයා ගැනීම එතරම් අපහසු වන්නේත් නෑ.

නළල ආශිත හිසකෙස් ගැලවී යාම යනු නළල ආශිත හිසකෙස් සිහින් වීමයි. මෙම තත්වය ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම පොදු වූ තත්වයක්. සෑම පුද්ගලයෙකුගේම වාගේ තට්ටය පැදීම ආරම්භ වන්නේත් නළල දෙපසින්. මෙම තත්වය සඳහා තයිරොයිඩ් බලපෑම්, හෝමෝන අසමතුලිත තාවයන් සහ PCOS වැනි ගැටළු වගේම හිසකෙස් තදින් බැඳ සිදු කරන විවිධ කොණ්ඩා මෝස්‌තර ආදියද බලපානවා.

නළල ආසන්නයේ හිසකෙස් වැටීම ස්වභාවිකව සුව කර ගන්නා ආකාර

1.ඔලිව් තෙල්

අවශ්‍ය ද්‍රව්‍ය: ඔලිව් තෙල් මේස හැඳි දෙකක්

ඔලිව් තෙල් සුළු වෙලාවක් රත් කර ගන්න. රත් කර ගත් ඔලිව් තෙල් හිසේ ආලේප කර විනාඩි 15 කාලයක් සම්භාහනය කරන්න. වැඩි වශයෙන් නළල ආශ්‍රිත ප්‍රදේශය හොඳින් සම්භාහනය කරන්න. සම්භාහනය අවසන් වූ පසුව ඉතිරි තෙල් හිසේ හොඳින් ආලේප කරන්න. දැන් විනාඩි තිහක් පමණ සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මෙම සත්කාර ක්‍රමය සතියට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න.

ඔලිව් තෙල් සමග හිස සම්භාහනය කිරිමේදී මූල කේශ වලට සිදුවන රුධිර සංසරණය වේගවත්වී හිසකෙස් වර්ධනය උත්තේජනය වනවා.

2.කෝමාරිකා

අවශ්‍ය ද්‍රව්‍ය: කෝමාරිකා ජෙල් තේ හැන්දක්

නැවුම් කෝමාරිකා ජෙල් තේ හැන්දක් ගෙන හිසකෙස් හැලී ගිය ස්ථාන වල ආලේප කර පැයක් පමණ සිටින්න. සල්ෆේට් රහිත ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස කෙස් හොඳින් සෝදන්න. සතියකට වාර තුනකට වඩා ෂැම්පු භාවිතා නොකර මෙම සත්කාර ක්‍රමය සතියකට වාර හතරක් පමණ සිදු කරන්න.

කෝමාරිකා සතු වන විටමින් A,B,C සහ E මගින් හිසකෙස් සඳහා අත්‍යාවශ්‍ය වන පෝෂණය සැපයෙනවා.

3. ළුණු

අවශ්‍ය ද්‍රව්‍ය: ළුණු යුෂ මේස හැන්දක්

ළුණු යුෂ ගෙන නළල ආසන්නයේ හිසකෙස් නොමැති ස්ථාන වල ආලේප කර විනාඩි 15 සිටින්න. ඉන් පසුව සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මෙම සත්කාරය සතියකට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න.

ළුණු යුෂ සල්ෆර් වලින් පොහොසත් වන නිසා ක්ෂුද්‍රජීවින් සහ දිලිර ආදිය විනාශ කර රුධිර සංසරණයද ක්‍රමවත් කර නැවත හිසකෙස් වර්ධනය ඇති කරනු ලබනවා.

4. හරිත තේ

අවශ්‍ය ද්‍රව්‍ය:

හරිත තේ බෑග් දෙකක්
උණු ජලය කෝප්පයක්

උණු ජලය කෝප්පය ගෙන එයට හරිත තේ බෑග් පොඟවා සිසිල් කර ගන්න. සිසිල් වූ පසුව හරිත තේ පෙඟවූ ජලය ගෙන නළල අවට ඇතුළුව හිස්කබල පුරාවට ආලේප කරන්න. දැන් විනාඩි 30 පමණ සිට සල්ෆේට් රහිත ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස හොඳින් සෝදා ගන්න. මෙම සත්කාර ක්‍රම සතියකට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න

හරිත තේ සතු ප්‍රතිඔක්සිකාරක බලය නිසා හානිවූ සෛල නැවත සකස් කර හිසකෙස් වර්ධනය නැවතත් ඇති කරනු ලබනවා.

5. අර්තාපල් තැම්බූ ජලය

අවශ්‍ය ද්‍රව්‍ය:

අර්තාපල් අල දෙකක්
ජලය කෝප්ප දෙකක්

අර්තාපල් අල දෙක තම්බා ජලය ලබාගෙන සිසිල් කර ගන්න. අර්තාපල් තැම්බූ ජලය භාවිතා කර හිස හොඳින් සෝදන්න. මෙම සත්කාර ක්‍රමය සතියට වාර දෙකක් හෝ තුනක් අනුගමනය කරන්න. අර්තාපල් Niacin, සින්ක්, විටමින් B සහ C වලින් පොහොසත් වන නිසා අර්තාපල් අල තැම්බූ ජලයෙන් හිස සේදු විට හිසකෙස් වර්ධනය වේගවත් වනවා.

6. පොල් තෙල්

අවශ්‍ය ද්‍රවය: පොල් තෙල් මේස හැඳි දෙකක්

පොල් තෙල් සුළු වෙලාවක් රත් කර උණුසුම් කර ගන්න. ඉන් පසුව රත්කර ගත් පොල් තෙල් හිස පුරාවටම ආලේප කර විනාඩි 15 පමණ හොඳින් සම්භාහනය කරන්න. පසුව විනාඩි 30 පමණ සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මේ ආකාරයට මෙම සත්කාර ක්‍රමය සතියකට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න.

පොල් තෙල් සතු මේද අම්ල මගින් හිස් කබලට සහ හිසකෙස් වලට අවශ්‍ය කරන නිසි පෝෂණය ලබාදී හිසකෙස් වර්ධනය වේගවත් කරනු ලබනවා

7. මී පැණි, කුරුඳු සහ ඔලිව් තෙල්

අවශ්‍ය ද්‍රව්‍ය:

කුරුඳු මේස හැන්දක්
මී පැණි මේස හැන්දක්
ඔලිව් තෙල් මේස හැන්දක්

භාජනයක් ගෙන අමුද්‍රව්‍ය සියල්ල එකට එක්කර මිශ්‍රණයක් සකස් කර ගන්න. මෙම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කර විනාඩි 40 සිටින්න. පසුව විනාඩි 30 පමණ සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මේ ආකාරයට මේ සත්කාර ක්‍රමය සතියකට වාර දෙකක් අනුගමනය කරන්න

කුරුඳු තුල අඩංගු වන choline, පොටෑසියම්, විටමින් A, B සහ E මගින් හිසකෙස් නැවත වර්ධනය වේගවත් කරන අතර මී පැණි සහ ඔලිව් තෙල් මගින් නිසි පරිදි තෙතමනය ආරක්ෂා කරනු ලබනවා.

8.නෙල්ලි කොළ

අවශ්‍ය ද්‍රව්‍ය:

නෙල්ලි කොළ ඉත්තක්
ජලය මේස හැඳි කිහිපයක්

අවශ්‍ය පරිදි ජලය එක්කර කොහොඹ කොළ හොඳින් අඹරා ගන්න. නළල ආසන්නයේ සහ හිස පුරාවටම මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 15 සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මේ ආකාරයට මෙම සත්කාර ක්‍රමය සතියකට වාර හතරක් හෝ පහක් සිදු කරන්න.

නෙල්ලි කොළ සතු බැක්ටීරියා නාශක බලය, දිලීර නාශක බලය සහ වේදනා නාශක බලය මගින් හිස් කබලේ සෞඛ්‍යය ආරක්‍ෂා කරනු ලබනවා.

(Visited 1 times, 2 visits today)

Add Comment