නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීම සදහා අනුභව කල යුතු ආහාර වර්ග 9ක්

ඔබේ ආහාර වේල සඳහා දිනපතා මෙම සෞඛ්‍යය සම්පන්න ආහාර වර්ග නමය එක්කරගෙන ඔබේ සෞඛ්‍යය තත්වය සහ රුවේ පෙනුම වර්ධනය කර ගන්න.

කොළ පැහැති එළවළු

නිවිති සහ ගෝවා වැනි කොළ පැහැති එළවළු සහ පලා වර්ගයන් නිරන්තරයෙන් ආහාරයට ගැනීම මගින් බීටාකරොටින් ශරීරයට ලබාගෙන විටමින් A බවට පත්කර ගන්නට පුළුවන්. සමෙහි සෛල නැවත වර්ධනය සඳහා අවශ්‍ය වන ඛනිජ වලින් සහ අත්‍යාවශ්‍යය ඇමයිනෝ අම්ලත් මෙවන් ආහාරවල සුලබ වන නිසා කොළ පැහැති එළවළු වර්ග නිතර ආහාරයට ගැනීම මගින් සම නිසි ලෙස පැහැපත් කර ගන්නට පුළුවන්.

ලෙමන්

පැඟිරි කුලයේ පළතුරු අක්මාවේ සෞඛ්‍යය වර්ධනය සඳහා සුවදායක වනවා. උදෑසනම ලෙමන් යුෂ සහිත ජලය වීදුරුවක් පානය කර දවස ආරම්භ කිරීමෙන් අක්මාවේ තැම්පත් විෂ ඉවත්කර සමස්ත ශරීරයම පිරිසිදු කර ගන්නට පුළුවන්. රූපලාවන්‍ය සත්කාරයක් ලෙස ලෙමන් ගෙඩියේ රේණු යට පිහිටි සුදු පැහැති මෘදු කොටස ගෙන ඔබ පානය කරන ස්මුතියක් සමග එක්කර පානය කරන්න. මෙම කොටස තුල අඩංගු වන phytochemical මගින් රුධිර නාලිකා සවිමත් කර රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් සම පැහැපත් වීම සිදු වනවා.

අලිගැටපේර

සෞඛ්‍යයට හිතකර මේදයෙන්ද oleic අම්ලයෙන්ද අලිගැටපේර පොහොසත් වනවා. සමෙහි ඇතිවන කුරුලෑ ඇතුළුව විවිධ තත්වයන් නිසා ඇතිවන වේදනාවන් සමනය කර ගැනීම සඳහා ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අලිගැටපේර ආහාරයට ගන්නට පුළුවන්.

බීට්

ලෙමන් වගේම අක්මාවේ සෞඛ්‍යයට මෙන්ම ශරීරය පුරාවටම ඔක්සිජන් සැපයීම වේගවත් කර සම පැහැපත් කර ගැනීමට බීට් අහාරයට ගන්නට පුළුවන්.

මින්ට් තේ

සම සංසිඳුවාලීම සඳහා වසර ගණනාවක සිටම මින්ට් පත්‍ර භාවිතා කර තිබෙනවා. කුරුලෑ වැනි තත්වයන් නිසා හටගනු ලබන වේදනාවන් සමනය කර ගැනීම සඳහා වේදනා නාශක බලයන් සහ බැක්ටීරියා නාශක බලයන් අඩංගු වන මින්ට් පත්‍ර ගෙන තේ පානයක් සකසා පානය කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනවා. මේ ආකාරයට මාස තුනක කාලයක් මින්ට් තේ පානයක් පානය කිරීම මගින් කුරුලෑ ඇතිවීමේ හැකියාව 51% දක්වා අඩු කර ගන්නට පුළුවන්.

කහ

අධික ප්‍රතිඔක්සිකාරක බලයන්ගෙන් යුක්ත කුළු බඩුවක් වන කහ සමෙහි දැවිල්ල වැනි වේදනාවන් සමනය කිරීමට අවශ්‍ය වන phytochemicals වලින්ද පොහොසත් වනවා. අකලට සම රැළිවැටීම, සම රත් පැහැ වීම සහ කුරුලෑ ඇතිවීම වැනි විවිධ ගැටළු සඳහා ඔබේ සමේ ස්වභාවය කුමක් වුවත් කහ භාවිතා කරන්නට පුළුවන්.

සැමන්

රූපලාවන්‍ය වාසි ගෙනෙන මත්ස්‍යය සම්පතක් ලෙස සැමන් මත්ස්‍යයින් හඳුන්වන්නට පුළුවන්. ඔබේ රුව වර්ධනය වීම සඳහා ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන් සහ අත්‍යාවශය මේදයන් වෙනත් ආහාරයන් සහ අතිරේකයන් මගින් ලබා ගත්තත් සැමන් ආහාරයට ගැනීම මගින් විවිධාකාරයේ ස්වභාවික ප්‍රතිජීවකයන් සහ හෝමෝන වර්ග ශරීරයට ලැබී සමේ සෞඛ්‍යය වර්ධනය වීම සිදු වනවා.

කැරට්

සමෙහි සෛල වල වර්ධනයට අවශ්‍ය කරන විටමින් A කැරට් තුල විශාල ලෙස අන්තර්ගත වන නිසා සමෙහි සිදුරු සිරවීම අවහිර වනවා. ඊට අමතරව සම රැළිවැටීම පාලනය කර ගැනීමට, සමෙන් තෙල් නිපදවීම පාලනය කර ගැනීමට සහ සමේ පෙනුම වර්ධනය කර ගැනීමටත් විටමින් A අපට උපකාර වනවා. ස්වභාවිකවම පැණි රසක් අන්තර්ගත වන නිසා කැරට් සමග එළවළු කිහිපයක් එකට එක්කර අඹරා පානය කරන්නත් පුළුවන්.

පැසවන ලද ආහාර

වෙළඳපොළ තුල අලෙවි කිරීමට තිබෙන කිසිදු අතිරේකයක අඩංගු නොවන ප්‍රමාණයක විවිධාකාර පරාසයන්ගෙන් යුත් ප්‍රොබයෝටික් අච්චාරු වැනි පැසවන ලද ආහාර තුල අන්තර්ගත වනවා. උදරයේ බඩවැල් වල සෞඛ්‍යය වර්ධනය වීම සඳහා බැක්ටීරියාවන් අවශ්‍ය වුවත් ආහාර මාර්ගය තුලින් බැක්ටීරියාවන් ඉවත්වන තරමට සම පැහැපත්වීම සිදු වනවා.  පැසවන ලද ආහාර ලබා ගැනීම මගින් ඔබට මෙම කාර්යය පහසුවෙන් ඉටු කර ගන්නට පුළුවන්.

Add Comment