පිළිකාවක් කලින්ම හඳුනාගත හැකි ලක්ෂණ 15ක්

ජාතික පිළිකා ආයතනය පවසන පරිදි ඇමරිකානුවන් ආසන්නව 1 685 210 ක් පමණ පිළිකාවට ගොදුරුව ඇත. සමීක්ෂණ වාර්තා වලට අනුව ඒ 2016 අවුරුද්ද සඳහාය .අද ලොව ජීවත්වන සෑම කෙනෙක්ම කෙලෙස හෝ පිළිකාව අත් විදින පුද්ගලයෙකුට සම්බන්ධයක් ඇත. ඒ ළඟම ඥාතියෙකු ,මිත්‍රයෙකු හෝ  අසල්වාසියෙකු විය හැකිය . ජීවිත කාලය තුල ජනගහනයෙන් 36% පමණ පිළිකාවට  ගොදුරුවීමේ සම්භාවිතාවක් පවතී .

පිළිකාව වැළඳීමේදී පුද්ගලයාව,ස්ථානයට,යම් විශේෂ  හේතුවකට, පිළිකාව වැලඳෙනවා  කියා කලින් නිගමනය කල නොහැක . උදාහරණයක් ලෙස මිනිසුන් ප්‍රමාණයකට, අහවල් ප්‍රදේශයේ ජීවත්වන, වයස මෙපණක් වන කියා නිගමනය කල නොහැක .

අපට කල හැකි එකම දෙය මුලික ලක්ෂණ පෙන්නුම් කිරීමේදී ඉතා දැඩිව අවධානය යොමු කර මෙය පිළිකාවේ ලක්ෂණයක් කියා සොයා ගැනීම පමණි . මෙලෙස මුල් අවධියේම රෝග ලක්ෂණ හඳුනාගැනීම පිළිකාව මර්ධනයට හොඳම මඟයි .ඔබට පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකියාව ඇත්නම් ක්ෂණිකව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය හැක. පිළිකාව කල්තියා හඳුනාගැනීමට හැකි සලකුණු 15ක් ගැන අපි අද කතා කරමු.

1.අතීසාරය (ලේ වහනය වීම )

විශේෂඥයන්  පවසන පරිදි පිළිකා වර්ග 10ක පමණ මුලික ලක්ෂණය ලේ වහනය වීමයි. තවද වෙනත් රෝගවලටද මුලික ලක්ෂණයක් වන ලේ වහනය ඔබටත් අස්වාභාවික ලෙස පවතී නම් වහාම වෛද්‍ය  ප්‍රතිකාර  සඳහා යොමුවන්න.

2.ගිලීමේ නොහැකියාව /අපහසුතාව  (ගිලගැනීමට බැරිවීම )

ඔබට ගිලීමේ අපහසුතාවයක් හෝ නොහැකියාවක් පවතී නම් මෙයද පිළිකාවේ මුලික ලක්ෂණයකි . පිළිකාව නිසා අන්නශ්‍රෝතය හානිවීම නිසා මෙම ගැටලුව පැනනඟී .කෙටිකාලයක් තුලදී මෙය වඩා හානිකර අතර සතියක් පමණ ඔබටද මෙලෙස වෙනසක් දැනේ නම් වෛද්‍ය  ප්‍රතිකාර  සඳහා යොමුවන්න.

3.ආහාර ගැනීමේ හැකියාව අඩු වීම .

ඔබට ආහාර ගැනීමේ හැකියාව අස්වාභාවික ලෙස අඩුවී ඇත්නම් හෝ  බඩගිනි වීම සිදු නොවේ නම් මෙයද පිළිකාවේ මුලික පෙන්නුම් කිරීමක් විය හැක. තවද ශරීරයේ බර අස්වාභාවික ලෙස අඩුවීම වැනි වෙනස්කම් මෙහි මුලික ලක්ෂණයි (ඩිම්භධාර පිළිකා).

4.මළපහ සහ මුත්‍රා සමඟ  ලේ පිටවීම

ඔබට මුත්‍රා සමඟ හෝ  මළපහ  සමඟ ලේ පිටවීමක් දැකීමට ලැබුනහොත් වහාම වෛද්‍ය  ප්‍රතිකාර  සඳහා යොමුවන්න.මෙය පිත්තාශය ,බඩවැල්  වල ඇතිවූ පිළිකාවක් වියහැක.මෙලෙස ලේ වහනය වීම නිසා රක්තහීනතාව බඩවැල්  වල පිළිකාවකට මුලික සලකුණයි.

5.රාත්‍රියේදී (නින්දේදී) අධික ලෙස දහදිය දැමීම

ඔබට නින්දේදී අධික ලෙස දහදිය පිටවේ නම් මෙය ශරීරයේ යම් බලපෑමක හේතු සාධකයකි .කෙසේ වෙතත් දහදිය දැමීම එන්න එන්නම වැඩිවේ  නම් (ඇඳ රෙදි ,ඇඳුම් තෙමෙන්නටම ) වහාම වෛද්‍ය  ප්‍රතිකාර  සඳහා යොමුවන්න.මෙය වසා ගැටිති  වල පිළිකාවක් විය හැක .

6.කටහඬ වෙනස් වීම

කටහඬේ  වෙනස්වීම, අලුත් කටහඬක්  ලැබීම ,කටහඬ අසමතුලිතවීම ,ගොරහැඩි  බව යනාදී ලක්ෂණ සතියක පමණ කාලයක් තිබේ නම් මෙය ස්වරාලයේ  පිළිකාවක් විය හැක.

7.සුව නොවන තුවාලය හෝ වණය.

මිනිස්  ශරීරයේ තුවාලයක් ඇතිවූ විට ඉබේම සුවවන පරිදි මිනිස් ශරීරය හැඩගැසී ඇත.සති දෙකකට වඩා පවතින සුව නොවන තුවාලයක් වේනම් එයින් පෙන්නුම් කරන්නේ ශරීරයේ යම් අසංතුලිතතාවයක් ඇති බවයි .එම නිසා ශරීරයේ යම් දිගුකාලීන සුව නොවන තුවාලයක් හෝ සැමවිටම ලේ ගලන තුවාලයක් තිබේ නම් වහාම වෛද්‍ය  ප්‍රතිකාර  සඳහා යොමුවන්න.මෙයද පිලිකාවක ලක්ෂණයක් වියහැක

8.බඩේ දැවිල්ල සහ අජීර්ණය

බඩේ දැවිල්ල සහ අජීර්ණය නිරතුරුව පැවතුන සාමාන්ය රෝග ලක්ෂණ වන අතර වැඩි ප්රමාණයක් ආහාර ගත්විටද සාමාන්යයෙන් සිදුවන  දෙයකි. නමුත් දවස ආරම්භයේ සිට අවසානය තෙක් සිදුවන්නේ නම් ඔබ වෛද්‍යවරයා වෙත යොමුවන්න. මෙය පිළිකාවක ලක්ෂණයක් විය හැක.

9.අසාමාන්‍ය ලෙස මුත්ර පිටවීමේ වාර ගණන වෙනස් වීම

එදිනෙදා මුත්‍රා පිටවීමේදී  සමාන්‍ය  වාර ගණන අස්වාභාවික ලෙස වෙනස් වේ නම්  ඔබේ  සිරුරේ යම් ව්‍යාකුලත්වයක් ඇතිබව පෙන්වයි. මුත්‍රා පිටවීමේ වේගය අඩුවැඩි වේ නම් හදිසි මුත්‍රා පිටවීමට අවශ්‍යතා පැනනඟී නම් මෙය මුත්‍රාශය ආශ්‍රිත පිළිකා තත්වයක් වියහැක .

10.දුර්වල වීම හා වෙහෙසකාරී බවක් දැනීම

මෙය අනෙක් රෝග වල මෙන්ම පිළිකාවේද  රෝග ලක්ෂණයක් විය හැක.

11.අසාමාන්‍ය ලෙස බර අඩුවීම.

අසාමාන්‍ය ලෙස බර අඩුවීම පිළිකා රැසක රෝග ලක්ෂණ විය හැකි අතර (උදර පිළිකා, පෙනහැලි පිළිකා ) කෑම අරුචිය රාත්තල් දහයට වඩා බර අඩුවීම වැනි ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයා යොමුවෙන්න.

12.ශ්වසන අපහසුතා

වෛද්‍යවරුන් පවසන පරිදි 50%-70% රෝගීන් මෙම ලක්ෂණය පෙන්නුම් කරන අතර වෙනදාට වඩා හුස්ම ගැනීම අපහසුවීමක් ක්‍රියාශීලිබවේ අඩුවක් වේනම් මෙය පිලික රෝගයේ ලක්ෂණයක් වියහැකිය.

13.උදරයේ ඉදිමුම

විශාල ආහාරයක් ගත්විට උදරය යම් තරමක් විශාල වීමක් පෙන්නුම් කරන අතර එය සාමාන්‍ය තත්වයකි. කෙසේවෙතත් මෙය සති තුනකට වඩා පවතඉන ඉදිමුමක් වේ නම් මෙය උදරය හා ඩිම්භ කෝෂ ආශ්‍රිත පිළිකාවක් විය හැක.

14. දිගු කාලින වේදනා

පිළිකාව ශරීරය පුරා ව්‍යාප්ත වනවිට සෞඛ්‍ය  සඳහා හිතකර ශරීර කොටස් වෙනස් වීමට පටන්ගනී.මෙලෙස ශරීරය  පුරා දිවයන පිළිකාව නිසා ශරීරය තෙරපන විට වේදනාවක් ගෙන දෙයි

15.ඔසප් චක්‍රයට අමතරව ලේ පිටවීම

ඔසප් චක්‍රයට අමතරව ලේ පිටවීම, ලිංගික එක්විමකට පසු ලේ පිටවීම හෝ වෙනත් අස්වාභාවික අවස්ථාවක ලේ පිටවීම  තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.මෙය ගර්භාෂ පිලිකාවක රෝග ලක්ෂණයකි.

Add Comment