බාහුබලි මෙන් ඇතෙකුගේ පිටට නැගීමට ගිය පුද්ගලයාට කෝප වූ ඇතා සිදු කල දේ

බාහුබලි නම් ජනප්‍රිය චිත්‍රපටියේ මෙන් ඇතකුගේ ඇත්දළ යුව‍ළේ එල්ලී ඇතා පිට නැගීමට උත්සහ කළ පුද්ගලයෙකුට එම ඇතා විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන්. සාජි නම් 40 හැවිරිදි පුද්ගලයෙකු තමයි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පාලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ දක්වා බරපතල තුවාල ඇරෙන්න ඔහුගේ ජිවිතයට හානියක් සිදු වී ඇතැයි වාර්තා වෙන්නේ නෑ.

බාහුබලි උන්මාදයෙන් පසු වී ඇති මෙම පුද්ගලයා මිතුරන් ඉදිරියේ වීරයෙකු වීමට සිතා ප්‍රථමයෙන් ඇතාට කෙසෙල් ආහාරයට දී මෙම ක්‍රියාව සිදු කිරීමට උත්සහ කර තිබෙනවා. නමුත්  ඇත් දළ යුගලයේ එල්ලී තම පිට මතට නැගීමට උත්සහ දරන නන්නාදුනන මිනිසාට ඇතා විසින් සිය හොඩය හා හිස කොටසෙන් දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ප්‍රහාරයත් සමග ඔහු මීටර් 25ක් පමණ දුරට විසි වෙන අතර ඔහුගේ ගෙලද අස්ථි බිදීමකට ලක් වෙනවා.

මේ සියලු දර්ශන එම ස්ථානයේ සිටි ඔහුගේ මිතුරකු විසින් සිය ජංගම දුරකථනය ආධාරයෙන් පටිගත කර අන්තර්ජාලයට මුදා හැර තිබුනා. පහලින් නරබන්නකෝ එම බිහිසුණු රුප පෙළ

Add Comment