බෝ නොවන රෝග රැසකට සුවය දෙන මුරුංගා කොළ පොල් සම්බෝලේ නිවැරදිව හදන හැටි

මුරුංගා කියන්නේ ලොව ආශ්චර්යමත් ආහාරයක්. මුරුංගා කරල් රසවත් එළවළුවක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රිය නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසක් පමණයි. මුරුංගා කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යංජන වලට එකතු කරන නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට ගන්නේ නෑ. මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලයි. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C , පිලිකා  හා හදවත් රෝග වැනි බෝ නොවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ.

මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩංග කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වෙනවා. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට ඉතා වැදගත්. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගන්නවා.

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී. දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.

මේ සියලු ගුණ ශරීරයට යහමින් ලබා ගත හැකි වන ලෙස මුරුංගා කොළ පොල් සම්බෝලේ හදන හැටි අද විශ්ම ලෝකයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

(Visited 1 times, 1 visits today)

Add Comment