මිනිසා සිටින්නේ නිවස ඇතුළතද ? පිටතද ? ඔබේ පිළිතුරෙන් ඔබේ පෞරුෂත්වය කෙබදු දැයි පැවසෙනවා

ජිවිතයේ කෙදිනක හෝ ” ඔබ අමුතු ගති පැවතුම් ඇත්තෙකු බව”  කිසිවෙකු විසින් ඔබට පවසා ඇත්ද ? එය එසේ වීමට බොහෝ ඉඩ කඩ ඇත්තේ අප හැමෝම වෙනස් වූ සිතුම් පැතුම් ඇත්තන් නිසාවෙනි. මෙම සිතන පතන රටාව ඔබේ පෞරුෂත්වය කෙබද එකක් දැයි තීරණය කරයි. ඉහත අප ඔබ වෙත යොමු කර රූපමය ප්‍රශ්නය මගින් ඔබේ පෞරුෂත්වය කෙබදු එකක්දැයි යාම් තාක් දුරකට නිවැරදිව පැවසිය හැක.

මිනිසා නිවස ඇතුලත සිටිනා බවක් පෙනෙයි

මිනිසා නිවස ඇතුලත සිටිනා බවක් ඔබට පෙනේ නම් එහි තේරුම වන්නේ ඔබ අනවශ්‍ය ගැටුම් ඇති වීම් උපායශීලි ලෙස මග හරින පුද්ගලයෙකු බවයි. ගැටුම් ඇති වීම වළක්වා ගැනීමට ඔබ මිනිසුන් සමග අනවශ්‍ය සංවාද වලට නොපැටලී සිටීමට වග බලා ගනී. මෙහි තේරුම නම් ඔබ කිසි ලෙසකින්වත් ගැටුම් වලට මැදිහත් නොවී සිටීම නොවෙයි. වෙනත් පාර්ශ්වයන් දෙකක් අතර ගැටුමක් ඔබ ඉදිරියේ ඇති වන්නේ නම් ඔබ වහා එයට මැදිහත් වී ඔවුන් දෙදෙනාටම එකග විය හැකි විසදුමකට ඔවුන්ව පත් කර ගැටුම නිරාකරණය කිරීමටද කටයුතු කරයි. මේ හැරුණු විට, ඔබ ඉතා සංකීර්ණ පෞරුෂත්වයක් දරන පුද්ගලයෙකු වන අතර, එම නිසාවෙන්ම ජිවිතයේ බොහෝ දේවල් ඔබට අවශ්‍ය පරිද්දෙන්ම සිදු නොවේ. ඔබ කිසිවෙකු සමග සටනකට යන්නේ ඉතාම කලාතුරකින් වන අතර ජිවිතයේ නාට්‍ය රගන මිනිසුන්ට ඔබ දැඩි අකමැත්තක් දරයි

මිනිසා නිවසෙන් පිටත සිටිනා බවක් පෙනෙයි

මිනිසා නිවසෙන් පිටත සිටිනා බවක් ඔබට පෙනේ නම් එහි තේරුම වන්නේ ඔබ මිනිසුනගේ අවංකත්වය හා ලෙන්ගතුකම බොහෝ සෙයින් අගය කරන බවත් මේ නිසාම ඔබ ජිවිතයේ විවිධ කරදර වලට මුහුණපාන බවත්ය. ඔබට පැහැදිලි හෘදසාක්ෂියක් ඇති අතර වෙනත් මිනිසුන්ගේ සිතුවිලි හා අභිලාෂයන් නිසා එය කිසි විටෙක වෙනස් නොවේ. ඔබ ඔබේ හදවතට සවන් දෙන්නෙක්. එය කොතරම් සම්මතයට එරෙහිව ගියත් ඔබේ මතය එලෙසම පවතී.

මිනිසා නිවසෙන් ඇතුලත හා පිටත යන දෙකේම  සිටිනා බවක් පෙනෙයි

මිනිසා නිවසෙන් ඇතුලත හා පිටත යන දෙකේම සිටිනවා ඔබට පෙනේ නම් එහි තේරුම වන්නේ ඔබ ඉතා ඉහල නිර්මාණශීලි මනසක් පවතින පුද්ගලයෙකු බවයි. සමාජ සම්මත ඔබේ නිර්මාණශිලී මනසට බොහෝ විට පටහැනි වේ. ඔබ සිතන්නේ ඔබටම ආවේනික වූ රටාවකට වන අතර බොහෝ මිනිසුන්ට ඔබව වටහා ගැනීමට අපහසුයි(නොදිරවයි). ඔබ විනෝදයට හා වල්මත් වීමට කැමැත්තක් දක්වන නමුත් කිසි ලෙසකින් එය නරක ආකරයකට සිදු නොකරයි. ඔබ නැවත නැවත උපදින ග්‍රීක කුරුල්ලෙකු වන පෝනික්ස් මෙන් කරදර වලදී බිමට සමතලා වී අළු බවට පත් වී සිටියත් නැවත සාර්ථක ලෙස කෙටි කලකින් නැගී සිටින අයෙකි.

බොහෝ අවස්ථා වල ඔබ වැඩි දෙනෙක් තෝරා නොගන්නා අපහසු මාර්ගය තෝරා ගන්නා අතර ඔබ විශිෂ්ට ලෙස එහි ගමන් කරද පෙන්වයි. ඔබට ඉතා තියුණු මනසක් පවතින අතර ලෝක සුබ සිද්ධිය උදෙසා එය භාවිතා කිරීමට උත්සාහ කරන්න

(Visited 1 times, 1 visits today)

Add Comment