මෙම ඇප් වර්ග 5 ඔබේ දුරකතනයේ ස්ථාපිත කර ඇත්නම් වහාම ඉවත් කරන්න

Play Store එකේ විවිධාකාරයේ ඇප් වර්ග මිලියන ගණනක් තිබෙනවා. ඒ අතරින් අපට ඇත්තටම අවශ්‍ය වෙන්නේ බොහොම සුළු ගණනක්. අනවශ්‍ය ඇප් ෆෝන් එකේ ගොඩ ගැහුණම දන්නෙම නැතුව ෆෝන් එක Slow වෙනවා. ඒ විතරක් නෙමෙයි, බැටරියත් බලා ඉන්දෙද්දී බැහැලා යනවා. සමහර වෙලාවට වෙළඳ දැන්වීම ප්‍රදර්ශනය වෙලා, තියෙන Data ටිකත් නැති වෙලා යනවා. ඉතින් මේකට මොකද කරන්න ඕන?

ඒ නිසා අද දවස මේ ලිපිය තුළින් ඔබට කියා දෙන්න යන්නේ ෆෝන් එකෙන් මේ දැන්ම ඉවත් කළ යුතු කිසිම වැඩකට නැති ඇප වර්ග 5ක් ගැනයි.

01. RAM එක ඉතුරු කරන ඇප් වර්ග

මෙවැනි ඇප්‍ වලින් කෙරෙන්නේ දුරකතනයේ පසුබිමේ දුවන වෙනත් ඇප් වර්ග නවත්වල දාල ඒ ඇප්‍ වලින් ලබාගත්තු Ram මතකය නිදහස් කරන එක. මේක ගොඩක්ම තාවකාලික පියවරක්. කකුළුවා නටන්නෙත් වතුර රත් වෙනකන් කියල කතාවකුත් තිබෙනවනේ. කලින් නවත්වපු වැඩසටහන් ටික වෙලාවකින් නැවතත් ඉබේම ආරම්භ වෙලා Ram මතකය ආපසු අඩු කරනවා. ඒ වගේම ඇප්‍ එකක් ආරම්භ වන අවස්ථාවේදී එය ක්‍රියාත්මකව තිබෙනවාට වඩා විශාල Ram මතක ප්‍රමාණයක් සහ බැටරි බලයක් ලබා ගන්නවා. ඒ වගේම, නිතර නිතර ඇප් වර්ග ක්‍රියා විරහිත වීම දුරකතනයේ ස්ථාවර භාවය නැති කරන්න හේතුවක්. ඒ නිසා මේ විදියට Ram මතකය තාවකාලිකව වැඩි කරත්, ඇත්තටම බැලුවොත් ගැටලුව දෙගුණ තෙගුණ කිරීමක් තමයි මේ ඇප් වලින් කරන්නේ. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට හරියට වැඩ කරන්න වෙන කිසිම පිටස්තර ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනවශ්‍ය වැඩසටහන් වෙලාවට ක්‍රියා විරහිත කරලා, Ram එක නියම ගාණට තබා ගන්න ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට පුළුවන්.

02. Clean Master සහ එවැනි වෙනත් ඇප් වර්ග

Clean Master කියන්නේ ෆෝන් එක සුද්දම කරලා දාන්න පොරොන්දු වෙන ප්‍රසිද්ධ ඇප් එකක්. මේ වගේ තවත් ඇප් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් කෙරන්නේ වෙනත් ඇප් වලින් ඉතුරු කරපු අනවශ්‍ය දත්ත සොයල, ඉවත් කරන එක. යම් ඇප් එකක් ෆෝන් එකෙන් ඉවත් කරපු දවසට, යම් දත්ත ප්‍රමාණයක් ඒ ඇප් එකෙන් Cached Memory එකේ ඉතුරු කරලයි යන්නේ. ඒ ඉතුරු වන Cached Data මගින් දුරකථනය මන්දගාමී වන්න පුළුවන් කතාව ඇත්තක්. එත්, ඒ Cached Data ඉවත් කරලා දාන්න, Clean Master හෝ ඒවගේ වෙනම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වැඩේ අපට තනියම කරගන්න පුළුවන්. ඒ සඳහා Settings > Storage වෙත පිවිසිලා, Cached data මත ක්ලික් කරන්න. ඉන්පසු එන පණිවිඩය ok කරාම ඒ Cached Data, Delete වේවි.

ඒ වගේම, එක් එක් ඇප් එකට අදාළ Cached Data ඉවත් කරලා දාන්න ඕනේ නම්, Settings > Apps > Downloaded වෙත පිවිසිලා අදාළ ඇප් එක මත ක්ලික් කරන්න. ඉන්පසු එන තිරයේ තිබෙන Clear Cache යන්න මත ක්ලික් කරන්න. මේ ක්‍රමයෙන් දුරකතනයේ වේගය සැලකිලි යුතු ලෙස වැඩි කරගන්න ඔබට පුළුවන්.

Clean Master ඇතුළු එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන්න බැටරි බලය විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. එමෙන්ම ඒවා මගින් විවිධ වෙළඳ දැන්වීම ද ප්‍රදර්ශනය කරන නිසා, අප නොදැනුවත්වම ගොඩක් Data නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා, හැකි ඉක්මනට ඒ වගේ ඇප් ඉවත් කරලම දාන්න.

03. ඇන්ටි වයිරස් වැඩසටහන්

ඇන්ටි වයිරස් ඇප් එකක් ස්ථාපිත කරගන්නේ ෆෝන් එක වයිරස් වලින් බේරගන්න කියල හිතාගෙන. එත් ඇන්ටි වයිරස් ප්‍රෝග්‍රෑම් එකකින් කරන්න පුළුවන් හැම දෙයක්ම ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට වගේම Google Play Store එකටත් කරන්න හැකියාව තිබෙනවා. ඒවගේම සොරකම් කළ ජංගම දුරකතනවල දත්ත අන් අය අතට පත් වීම වැලක්වීමට Android Device Manager සේවාවට ඉතා හොඳ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා වෙනත් කිසිම පිටස්තර ඇප් එකක් සහය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම Play Store එකටත් සෑම ඇප්‍ එකක්ම ඇතුළු කරගන්න කලින් ඒවා තුළ වයිරස් තිබෙනවා ද බලන්න ඉහල ගණයේ පරීක්ෂාවක් සිදු කෙරෙනවා. ඒ නිසා වයිරස් හෝ Malware Play Store එක හරහා නම් එන්න කිසිම හේතුවක් නැහැ.

එනිසා ඇන්ටිවයිරස් වැඩසටහන් ඔබට අවශ්‍ය වෙන්න්, Play Store එකින් පරිබාහිරව අන්තර්ජාලයේ වෙනත් තැන් වලින් Download කරගෙන Install කරනවානම් පමණයි. එවිට ඒ වැඩසටහන දුරකථනයේ පිහිටුවෙන අතරතුරදී ඇන්ටි වයිරස් වැඩසටහන මගින් පරීක්ෂාවක් කෙරෙනවා. ඒ අස්සේ යම් වයිරස් එකක් හමු වුනොත්, ඒ ඇප් එක ඔබ විවෘත කරන්න කලින් ඔබට යම් අවදානම් පණිවිඩයක් දෙනවා. එත් ඒ වයිරස් එක දුරකථනයෙන් ඉවත් කරලම දාන්න ඇන්ටි වයිරස් ඇප් එකට හැකියාවක් නෑ. ඒ නිසා ඔබ ඇප් Download කරන්නේ Play Store එකින් පමණක් නම් ඇන්ටි වයිරස් වැඩසටහනක් එකක් කිසිසේත්ම අවශ්‍ය වෙන්නෙ නෑ.

04. බැටරි ඉතුරු කරන ඇප් වර්ග

Ram එක වැඩි කරන ඇප් වගේම, බැටරි ඉතුරු කරන ඇප් වර්ගත් තනිකරම බොරුවක්. බැටරි බලය ඉතුරු කරනවා නම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයිම් පද්ධතිය සහ අනිකුත් ඇප් ක්‍රියාත්මක වීමට අවශ්‍ය විදුලිය ප්‍රමාණය අඩු කරන්න ඕන. එහෙම කරන්න හැකි වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල පාලනය ඒ බැටරි ඉතුරු කරන ඇප් එක යටතට ගන්න හැකි වුනොත් පමණයි. එත්, Root කරේ නැති ෆෝන් එකකින් Play Store එකේ තිබෙන කිසිම ඇප් එකක් ලවා මේ දේ කරන්න අවසර නෑ. ඒ නිසා Play Store එකේ තිබෙන බැටරි ඉතුරු කරන ඇප් වලට පුළුවන් එකම දේ, යම් වෙනත් අප එකක් වැඩියෙන් විදුලිය අදින වෙලාවක අපට පොඩි අවධානම් පණිවිඩයක් දෙන්න විතරයි. සමහර වෙලාවට ඒ ඇප් එක නවත්වන්නත් මේ බැටරි ඉතුරු කරන ඇප් වලට පුළුවන්. එත්, ඒ නවත්වපු ඇප් නැවත නැවතත් ඉබේම ආරම්භ වෙන කොට ඉතුරු කරපු විදුලියට වඩා වැඩි විදුලියක් නැවතත් වැය වෙනවා. අන්තිමේදී බැටරිය ඉතුරු වීම කෙසේ වෙතත් වැඩියෙන් බහින එක තමයි සිද්ද වෙන්නේ.

අපට මේකට විසඳුමක් ඇන්ඩ්‍රොයිඩ් මගින්ම ලබා දීල තිබෙනවා. Battery Settings විවෘත කරලා, ගොඩක්ම මතකය සහ විදුලිය වැය කරන වැඩසටහන ඉවත් කරලා දාන්න. ෆේස්බුක් මැසෙන්ජර් කියන්නේ මෙසේ බැටරිය ගොඩක්ම නාස්ති කරන ඇප් එකක්.

05. නිෂ්පාදකයා විසින්ම එවන ඇප් වර්ග

බොහෝ ජංගම දුරකථන මිලදී ගන්න කොටම ඇන්ඩ්‍රොයිඩ් වල අනිවාර්යෙන් තිබිය යුතු ඇප් වලට අමතරව එහි නිෂ්පාදකයා විසින් ඇතුළත් කරවපු ඇප් වර්ග ද සෑහෙන්න තිබෙනවා. ඒ අතර ඔබට සමහරවිට කිසිසේත්ම අවශ්‍ය නොවන, Booking Apps, Games, Magazines වැනි අනවශ්‍ය දේවල් රැසක්ද තිබෙන්න පුළුවන්. මේ ඇප් වර්ග ක්‍රියාත්මක වීමටත්, ගබඩා කර තබා ගැනීමටත් දුරකථනයේ මතකය සහ බැටරි බලය නිරපරාදයේ නාස්ති වෙනවා.

ඒ නිසා, අනවශ්‍ය ඇප් Delete කරලා දාන එක නුවණට හුරුයි. මේවා Delete කරන්න තිබෙන ලේසිම විදිහ තමයි, App Drawer එකෙන් ඇප් එකක් ටච් කරගෙන පිටතට ඇද්දම මතුවම App Info කියන Icon එකට මතට දාන්න. එතකොට ඒ ඇප් එක ඉවත් කරන්න පුළුවන් එකක් ද , බැරි එකක්ද කියල ඊළඟට මතුවෙන තිරයේ පෙන්වාවි. ඒ ඇප් එක ඉවත් කරන්න බැරි නම් අක්‍රිය කරන්න හරි පුළුවන් වෙන්න ඕන. අක්‍රිය කරපු ඇප් එකක් ෆෝන් එක Start කරාම නැවත සක්‍රිය වෙලා ආරම්භ වෙන්න නෑ. ඒ නිසා ඒකෙන් බැටරිය සහ Ram මතකය අඩු වෙන එක පමණක් වළක්වාගන්න පුළුවන්. එත් ඒ ඇප් එක සඳහා වැයවුණු ඉඩකඩ ප්‍රමාණය නම් එහෙම්මම තිබෙනවා. මේ වගේ ඇප් එකක් සම්පූර්ණයෙන්ම ඉවත් කරනන පුළුවන් Root කරපු ෆෝන් එකක විතරමයි.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Add Comment