මේ ආහාර වර්ග නම් කවදාවත් නැවත රත් කරලා කන්න එපා

අද සමාජයේ අපි හැම කෙනෙක්ටම වගේ ගෙවන්න වෙලා තියෙන්නේ හරිම කාර්ය බහුල ජීවිතයක්. ඒ වගේම තමයි හැම ගෙදරකම වගේ සැමියා හා බිරිද යන දෙදෙනාම දැන් රැකියා වල නියුතු වෙලා තමයි ඉන්නේ. ඉතින් ගෙදරක සිරිලිය වගේ ඉන්න කාන්තාවත් රැකියාවක යෙදිලා හම්බ කරන්න ගියාම උයන වැඩ අතපසු වෙනවා. මේ නිසා දවසේ තුන් වේලටම කෑම උයනවා කියන්නේ කාන්තාවන්ට කරන්න අමාරු වැඩක්. මෙයට විසදුමක් ලෙස ඔවුන් කරන්නේ එක සැරේ වේල් දෙකකට නැතිනම් තුනටම එක පාර උයන එක. මේ විදියට එක පාර උයන දේවල් කන්න අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් රත් කරලා ගත්න එක තමයි කරන්නේ. නමුත් ඔබ දන්නවද සමහර කෑම වර්ග තියෙනවා නැවත නැවත රත් කරලා කන්න හොද නැති. එහෙම කරොත් ඒවා විෂ වෙන්න ඉඩ තියෙනවා කියලා වෛද්‍යවරුන් පවසනවා. අද විශ්ම ලෝකයෙන් අපි කියන්න යන්නේ අන්න එහෙම නැවත නැවත රත් කරලා කන්න හොද නැති ආහාර වර්ග කිහිපයක් පිළිබදවයි. මේ ආහාර නිතරම අලුතෙන් උයලා අරගෙන විතරක් කෑමට ගන්න. ආහාර විෂ වීමක් වළක්වා ගන්න මේ උපදෙස් පිළිපදින එක ඔබට ඉතාම වැදගත් වේවි.

අංක 01 – හතු එහෙමත් නැතිනම් බිම්මල්

හතු හරි බිම්මල් හරි කනවා නම් පැකට් එක විවෘත කරපු ගමන් උයලා කන එක තමයි වඩාත්ම හොඳ දේ. ආපහු ඊළග වේලට කන්න ඉතුරු කර ගත්තොත් රත් කරන්නේ නැතිව කෑමට ගන්න. දිලීර වර්ගයක් නිසා හතු වල තියෙන ප්‍රෝටීන් බන්ධන නැවත රත් කරද්දී වෙනස් වෙන්න පුළුවන්. නැවත රත් කරොත් මුලිකව සිදු වෙන්නේ හතු වල රස අඩු වෙන එක. එහෙම නැත්තම් වෙනස් වෙන එක. ඒ වගේම වෙන්න අජීර්ණය හා බඩේ අමාරු ඇති කරවන්නත් නැවත රත් කරපු බිම්මල් හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මීට පස්සේ හතු කනවා නම් මේ දේවල් මතක තියා ගෙන කන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අංක 02 – කුකුල් මස්

මේක අදාළ වෙන්නේ තදින් රත් කරොත් තමයි. කුකුල් මස් කියන්නේ සිහින් තන්තු වලින් හැදුණු මස් වර්ගයක් නිසා බිම්මල් වගේම තදින් රත් කරාම ආහාරයට නුසුදුසු තත්වයට පත් වෙන්න පුළුවන්. නැවත රත් කරද්දී මස් දිය වෙන්නෙත් මෙන්න මේ හේතුව නිසයි. ඒ නිසා තදින් රත් කරන්න හොඳ නැහැ. සීතල කරලා තියෙනවා නම් කන්න ගද්දී , කන්න සුසුසු වෙන තරමට විතරක් යන්තම් රත් කරලා ගන්න එකයි තමයි හරිම ක්‍රමය.

අංක 03 – අල

අල කියන්නේ නැවත රත් කරන්න හොඳම නැති ආහාරයක්. අල නැවත රත් කරද්දී අල වල පෝෂණ ගුණය විනාශ වෙනවා. ඒ වගේම තමයි නැවත රත් කිරීම නිසා අල අභ්‍යන්තරයේ විෂ සහිත පරිසරයන් නිර්මාණය වෙන්න පුළුවන් කියලත් වෛද්‍යවරුන් පවසනවා. මේ නිසා අල කියන ආහාරය පුළුවන් තරම් හදපු ගමන් අනුභව කරන්න උත්සහ කරන්න. පස්සේ කනවා නම් රත් කරන්නේ නැතුව කන්න වග බලා ගන්න. අල කියන්නේ ගෙදර එළවලු බක්කියේ ටික දවසක් නරක් වෙන්නේ නැතුව තියා ගන්න පුළුවන් දෙයක් නිසා අවශ්‍ය වෙලාවට උයලා කෑමට ගන්න එකයි තමයි වඩා සුදුසු වෙන්නේ.

අංක 04 -නිවිති

නිවිති කියන්නේ යකඩ වගේම නයිට්‍රේට් වලිනුත් බහුල කොළ ජාතියක්. නැවත රත් කරද්දී ඒවා නයිට්‍රයිට බවට හැරෙන්න ඉඩ තියෙනවා.නයිට්‍රයිට මිනිස් සිරුරට පිළිකා කාරක වෙන්න ඉඩ තියෙන බව බොහෝ පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. මේ නිසා නිවිති කෑමට ගන්නවා නම් අලුතෙන් හදලා විතරක් කෑමට ගන්න මතක තියා ගන්න.

අංක 05 – බීට්රූට්

බීට් රූට් කියන්නෙත් නිවිති වගේම නයිට්‍රේට් පිරුණු ආහාරයක්. බීට් තුළ සීනිත් අඩංගු නිසා නයිට්‍රයිට බවට පරිවර්තනය වෙන ප්‍රතික්‍රියාව වඩාත් පහසුවෙන් සිදු වෙන්න ඉඩ තියෙනවා.මේ නිසා බීට්රූට් කියන්නේ නැවත රත් කරන්න නුසුදුසුම එළවළුවක්. වේල් කිහිපයකට කන්න හදා ගන්නවා නම් රත් නොකර හෝ කෑමට ගන්න සුදුසු උෂ්ණත්වයට විතරක් රත් කරලා ගන්න බලන්න. අධික සීනි සාන්ද්‍රණය නිසා බීට් ඉක්මණින් නරක් වෙන්නේ නැහැ, ඒ නිසා කෙටි කාලයකට නම් , ශීතකරණයේ නොදැම්මත් ප්‍රශ්නයක් වෙන්නේ නැතුව කන්න පුළුවන්.

අංක 06 – සෙලරි

මේකේ තියන පෝෂණ ගුණය නිසා අපේ රටෙත් වැඩි දෙනෙක් දැන් සෙලරි ආහාරයට ගන්නවා. විශේෂයෙන් සෙලරි වලින් හදන සුප් නැවත රත් කරලා ආහාරයට ගන්න සුදුසු නැහැ කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ. සෙලරි කෑමට ගන්න සුදුසු වෙන්නේ නැවුම්ව පිසගෙන පමණයි.

අංක 07 – බිත්තර

නැවත රත් කරන්න හොඳම නැති දෙයක් තමයි බිත්තර කියන්නේ. මොකද රත් කිරීමේදී බිත්තර වල අඩංගු ප්‍රෝටීන බොහොමයක් ඉතා ඉක්මණින් විෂ වර්ග බවට හැරෙන්න ඉඩ තියෙන නිසා. මේක බැදපු සහ තම්බපු බිත්තර දෙකටම අදාලයි. බිත්තරයක් කියන්නේ අපිට ඉක්මණින් හදාගෙන කන්න පුළුවන් දෙයක් නිසා නැවත රත් කරලා කන එක නම් කොහොමටවත් අනුමත කරන්න බැරි දෙයක්.

ඉතින් ඔබේ නිවසෙත් මේ විදියට පහසුව බලාගෙන කෑම රත් කර කර කනවා නම් ඒ පිළිබද දෙවරක් සිතන්න කියලා අපි ඉතා ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ වැදගත් ලිපියකින් නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්

Add Comment