මේ විදියට ගෝවා භාවිතා කරොත් සන්ධි වේදනාව 100% කින්ම සමනය කර ගන්නට පුළුවන්

ගෝවා තුල විටමින් K , විටමින් C හා පොටෑසියම් අඩංගු වෙනවා. ඒ වගේම ගෝවා ශරීරය නිවාලන ගුණයෙන්ද පොහොසත්. තවද විවිධ වර්ගයේ පිළිකා සෛල මර්ධනය කිරිමේ හැකියාවද ගෝවා සතු වෙනවා. ගෝවා මගින් ලබා ගත හැකි සෞඛ්‍ය වාසි එපමණකින් සීමා වන්නේ නෑ. අද විශ්ම ලෝකයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ගෝවා භාවිතයෙන් ලබා ගත හැකි එවැනි ඉතා වැදගත් සෞඛ්‍ය වාසියක් පිලිබදව. අද සමාජයේ බොහෝ දෙනෙකු පිඩා විදින සන්ධි වේදනාව සදහා සුවයක් සලසා ගැනීමට ගෝවා යොදා ගත හැකි බව ඔබ මීට පෙර අසා නැතුව ඇති.

අවශ්‍ය ද්‍රව්‍ය

කාබනික පොහොර පමණක් යොදා වගා කල ගෝවා ගෙඩියක් (Organic; preferably red)
ගෝස් කැබලි හෝ වෙළුම් පටි (Gauze or Bandage)
ආහාර ඇසුරුම් කිරීම සදහා යොදා ගන්නා ඇලුමිනියම් පත්‍ර (Aluminium Foil)
අවන් එකක්
Rolling pin එකක් හෝ හිස් වයින් බෝතලයක්

බෙහෙත් වට්ටෝරුව සකස් කර ගන්නා ආකාරය

ගෝවා ගෙඩියේ පිටත කොළ කිහිපය ඉවත් කර හොදින් සෝදා ගන්න

වතුර ගතිය යනතුරු හොදින් වියලා ගෝවා ගෙඩියේ මැද ඝන කොටස ඉවත් කර ගන්න

දැන් ගෝවා කොළ කිහිපයක් එක වර ගෙන ලැල්ලක් මත තබා වයින් බෝතලය ආධාරයෙන් හොදින් තලා ගන්න. (ගෝවා කොළ තබා යුෂ එලියට පැමිණෙන ආකාරයෙන් වයින් බෝතලයෙන් රෝල් කරන්න)

දැන් ඇලුමිනියම් කොලයක් ගෙන එසේ තලා ගත් ගෝවා කොළ කිහිපය එහි ඔතා අවන් එකේ දමා විනාඩි කිහිපයක් රත් කර ගන්න (මෙහිදී අවශ්‍ය වන්නේ ගෝවා කොළ මදක් උණුසුම් කර ගැනීමට පමණයි. අධික ලෙස රත් කරන්න එපා)

දැන් උණුසුම් ගෝවා කොළ වේදනාව දැනෙන ස්ථානයේ තබා ගෝස් කැබලි හෝ වෙළුම් පටි ආධාරයෙන් හොදින් වෙලන්න. පැයක් පමණ තිබෙන්නට හරින්න. පසුව ඉවත් කරන්න

වැදගත් කරුණු – මෙලෙස පිලියෙල කර ගත් ගෝවා කොළ සත්කාරය දිනකට තුන් වරක් සිදු කල යුතුයි. පසු දින සිටම ඔබට ප්‍රතිපල අත්විදිය හැකියි. ගෝවා කොළ තැබූ පසු ඔබට කැසීමක් වැනි දෙයක් ඇති වනවා නම් වහාම ගෝවා කොළ ඉවත් කරන්න. එහි තේරුම ඔබගේ ශරීරය මෙම සත්කාරයට ප්‍රතිවිරුද්ධතාවයක් දක්වන බවයි. නමුදු එසේ සිදු වන්නේ ඉතාම කලාතුරකින් නිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ

සන්ධි වේදනා සදහා ගෝවා සුවය ලබා දෙන්නේ කොහොමද ?

ගෝවා තුල අඩංගු වන ඇන්තොසයිනින්ස් (anthocyanins), phytonutrients සහ ග්ලුටමින් වැනි පෝෂක සන්ධි වේදනා සමනයට හා ආතරයිටිස් වැනි රෝග වලට ඉතාම ගුණදායකයි. එම නිසයි මෙලෙස බෙහෙත් වට්ටෝරුවක් නිර්මාණය කිරීම සදහා ආයුර්වේදී වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ

විශ්ම ලෝකය තුලින් අපි හැමදාමත් ඔබව මෙවැනි ස්වාභාවික දේවල් භාවිතා කර රෝග නිවාරණය කර ගන්නා ආකාරය පිලිබදව කියා දෙනවා. ඇත්තෙන්ම ඕනෑම දරුණු රෝගයක් සම්පුර්ණයෙන් සුව කිරීමේ හැකියාව ඇත්තේ සොබා දහමට පමණයි. ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් තනා ගන්නා බෙහෙත් සෑම විටම කෘතීම බටහිර බෙහෙත් වලට වඩා පලදායක වන්නේ ඒ නිසයි. ඉතින් ඔබත් මෙම බෙහෙත වට්ටෝරුව සකස් කර භාවිතා කරන්න. තවත් කෙනෙකුට දැන ගැනීම සදහා ශෙයා කිරීමට කාරුණික වන්න. ඔබට ජය

(Visited 1 times, 1 visits today)

Add Comment