මේ විදියට පැණි කොමඩු කැපුවොත් යාලුවොත් පුදුම වේවි

කොමඩු කියන්නේ පායන කාලෙට කන්න පුළුවන් හරිම රසවත් පළතුරක්. පාරේ තොටේ යන එන කොට නිතර දකින කොමඩු ගෙඩියක් ගෙදර ගෙනල්ලා කන්න ඒ නිසාම අපි හරි ආසයි. එත් මේ කොමඩු කන්න ගියාම නම් ටිකක් විතර අපි අපහසුතාවයට පත් වෙනවා. මොකද කොමඩු කියන්නේ වතුර ගතිය වැඩි පළතුරක්. මේ නිසා කොමඩු කන කොට ඇගේ පතේ නම් ටිකක් හැලෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ බොහොම පරිස්සමින් කනවා. එහමත් නැත්තම් කොමඩු කැල්ල අරන් ගෙයින් එලියට වගේ ගිහිල්ලා කනවා.

මෙන්න මේ ප්‍රශ්නෙට අපුරු විසදුමක් අරගෙන තමයි අද විශ්ම ලෝකයෙන් අපි ආවේ. කොමඩු ගෙඩිය ඇගේ ඉහිරෙන්නේ නැතුව කන්න ඕනේ නම් කොමඩු ගෙඩිය කපන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේට කැපුවා හරිම ලස්සනට කන්න පුළුවන්. ඒ වගේම ගෙදරට එන අමුත්තන්ට යාලුවන්ට හරිම ලස්සනට පිලිගන්වන්නත් පුලුවන්. ඇත්තටම මේ විදියට කොමඩු කැපුවොත් ඔයාගේ යාලුවොත් පුදුම වෙනවා සත්තයි. එහෙනම් පහල තියෙන විනාඩි 3 පුංචිම පුංචි වීඩියෝ එක බලන්නකෝ. වැඩේ හරියටම කරන හැටි එකේ තියෙනවා. ඔබට සුබ දවසක්.

(Visited 1 times, 8 visits today)

Add Comment