මේ වෙනස්කම් 15 ඔබේ ජිවිතයේ සිදු කළොත් කවදාවත් ඔබට හෘදයාබාධයක් හැදෙන්නේ නෑ

සෑම තප්පර 80 වකට වරක් හදවත් රෝග නිසා කාන්තාවක් මිය යනු ලබනවා. මෙම තත්වය කෙතරම් භයානක වුවත් “American Heart Association” දක්වන කරුණු වලට අනුව කාන්තාවකට වැළඳෙන හදවත් රෝග වලින් 80% ක්ම ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීම මගින් වළක්වා ගන්නට පුළුවන්.

හදවත් රෝග වලින් වැළකීම සදහා කාන්තාවක් ලෙස ඔබේ ජීවන රටාව තුල සිදු කර ගත යුතු වෙනස්කම් පහළොවක් අද විශ්ම ලෝකයෙන් ඔබට කියා දෙන්නම්.

වයින් පානය කිරීම සීමාකරන්න

වයින් සුළු ප්‍රමාණයක් පානය කිරීම හදවත සඳහා සෞඛ්‍යය සම්පන්න වන බව ඔබ මීට පෙර අසා තිබුණත් වයින් පානය කිරීමේ සීමාව පිළිබඳ ඔබ දැනුවත් විය යුතු වනවා. “American Heart Association (AHA)” විසින් නිර්දේශ කරනු ලබන්නේ උපරිම වශයෙන් කාන්තාවක් දිනකට වයින් වීදුරුවක්ද පිරිමියෙකු දිනකට වයින් වීදුරු දෙකක්ද පානය කිරීමට සීමාවක් තබා ගත යුතු බවයි. දිනකට වයින් අධික ප්‍රමාණයක් පානය කිරීම මගින් රුධිර පීඩනය වැඩිවීම, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම සහ හදවතේ නිසි ක්‍රියාකාරීත්වය නැතිවී යෑම වැනි සෞඛ්‍යයට අහිතකර වන තත්වයන් ඇති වනවා.

ඔබේ මානසික සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න.

ඔබ එදිනෙදා ජීවිතයේ සිදුවන දෑ පිළිබඳ හෝ වෙනත් කරුණු පිළිබඳ සිත්තැවුලෙන් පසුවනවා නම් විෂාදය තත්වයට ඔබව පත් වනවා. විෂාදය වැනි තත්වයකට පත්වූ පසුව හදවත් රෝග ඇතිවීමේ අවදානම දෙගුණ තෙගුණ වනවා. මේ නිසා ඔබ ගෙවන සෑම මොහොතකම සතුටින් ගත කර අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස්ද පතා මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගන්න.

මානසික ආතතිය දුරු කර ගන්න

අප සියල්ලම වාගේ මානසික ආතතියෙන් පසුවන බව සැබෑවක්. නමුත් මානසික ආතතිය පමණට වඩා ඉක්මවී ගිය පසු සිදු වන්නේ හදවත් රෝග සහ ආඝාතය වැනි භයානක සෞඛ්‍යය ගැටළු ඇතිවීමයි. කාන්තාවන් කණගාටුවට පත්වන වාර ගණන අසීමිත බැවින් කාංසාව ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීමේ අවදානම වැඩි බව “Brain and Behavior” යන සඟරාවේද 2016 වසරේ කරුණු දක්වා තිබෙනවා. ඔබට හැකි අයුරින් විවිධ කරුණු පිළිබඳ සිතා කණගාටුවට පත් නොවී මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වා ගන්න.

ව්‍යායාම සිදු කරන්න

ඔබේ ශරීරය අලසබවින් මුදවා ශරීරය අධික ලෙස වෙහෙසට පත් නොකර යෝගා අභ්‍යාස, භාවනා ක්‍රම, අනෙකුත් ව්‍යායාම ක්‍රම සහ ක්‍රීඩා වල නිරත වන්න. හෘද්‍යාබාධ වලින් වැලකී සිටින්නට නම් ව්‍යායාම ඉතා වැදගත් වනවා. ව්‍යායාම වල නිරතවී කාර්යයක්‍ෂමව සිටිනා කාන්තාවනට ව්‍යායාම නොකරන කාන්තාවනට මෙන් ආඝාතය, හෘද්‍යාබාධ සහ වෙනත් හදවත් රෝග ඇතිවී මියයෑමේ අවදානම අඩු වන බව නවතම අධ්‍යයන විසින්ද සොයාගෙන තිබෙනවා.

පුර්ව රෝග ලක්‍ෂණ පිළිබඳ දැනුවත් වන්න.

හෘද්‍යාබාධයක පුර්ව රෝග ලක්‍ෂණ ලෙස පපුවේ වේදනාව සහ දෑත් වල මලානික භාවය යන ලක්‍ෂණ ඇති නොවන බවත් ස්පන්ධනයේ වෙනස්කම්, හුස්ම ගැනීමේ අපහසුව සහ විඩාව වැනි රෝග ලක්‍ෂණ ඇතිවන බවත් “AHA” විසින් කරුණු දක්වනවා.  මෙම රෝග ලක්‍ෂණ පිළිබඳ නිසි අවධානය යොමු කර අවශ්‍ය විටක වෛද්‍ය සහයද පැතීමටද සූදානම්ව සිටින්න.

වෛද්‍ය සායන වලට යොමු වන්න.

හදවත පිළිබඳ සැලකිලිමත් වන ඔබ නිසි ලෙස ලය සායන වලට සහභාගීවී හෘද්‍යාබාධ වැළඳීමට මූලික වශයෙන් බලපාන කරුණු පිළිබඳ අවධානය යොමු කරන්න. කොලෙස්ටරෝල් (HDL ඇතුළුව), අධි රුධිර පීඩනය සහ ශරීරයේ නිසි මේද මට්ටම වැනි කරුණු පිලිබඳ නිසි අවධානය යොමු කර අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

සංඛ්‍යාලේඛන පිළිබඳ දැනුවත් වන්න.

කාන්තාවට මාරු කැදවන රෝග අතරට පියයුරු පිළිකාව අන්තර්ගත වුවත් හදවත් රෝග එහි පළමු ස්ථානය ගනු ලබනවා. තරුණ කාන්තාවන්ට සහ වැඩි වියේ පසුවන කාන්තාවන්ට හදවත් රෝග මගින් ඇතිවන අවදානම් සහගත තත්වයන් සංඛ්‍යාලේඛන අධ්‍යයනය මගින් අදහසක් ලබා ගැනීමෙන් හදවත් රෝග වලින් ආරක්‍ෂාවී සිටීමට අවශ්‍ය වන දැනුවත්භාවයක් ලබා ගන්නට පුළුවන්. වයස අවුරුදු 20 සිට කාන්තාවකට හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩි වන නිසා මේ පිළිබඳ නිසි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වනවා.

දුම් පානයෙන් වැලකී සිටින්න.

හෘද්‍යාබාධ, පෙනහළු ආභාද මෙන්ම ශරීරයේ වෙනත් විවිධ ආභාද තත්වයන් ඇතිවන්නට දුම්පානය මුල් වනවා. ඔබ දුම්පානය කිරීමට හුරුවී සිටින කාන්තාවක් නම් එය ඔබේ සෞඛ්‍යයට වඩාත් අහිතකර වන බව මතයෙහි තබා ගෙන දුම්පානය කිරීමෙන් ඈත්වී සිටින්න.

HDL මට්ටම පිළිබඳ සැලකිලිමත් වන්න.

ශරීරයේ සමස්ත කොලෙස්ටරෝල් මට්ටම නිසි සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීමට වඩාත් වැදගත් වනවා. හොඳ කොලෙස්ටරෝල් නැතිනම් HDL කොලෙස්ටරෝල් මට්ටම 60 ට වඩා වැඩි අගයක පවත්වා ගැනීම හදවත් සෞඛ්‍යයට හිතකර වන නමුත් කාන්තාවක් වයස්ගත වීමත් සමග මෙම මට්ටම පවත්වා ගැනීම තරමක් අපහසු වනවා. කාන්තාවක තරුණ අවධියේදී estrogen හෝමෝනය වඩාත් වැඩි අගයක් ගන්නා නිසා HDL මට්ටමද ස්වභාවිකවම වැඩි අගයක් ගනු ලබනවා.

කාන්තාවක් වයස්ගත වෙමින් ආර්තවාභාවය සමයට ලන් වන විට නැවතත් HDL මට්ටම ස්වාභාවිකවම කඩා වැටීම සිදු වනවා. මෙම තත්වය මගහරවා ගැනීම සඳහා කාන්තාවන් විසින් ව්‍යායාම සිදු කිරීම සහ HDL වර්ධනය කරන ආහාර ලබාගත යුතු බව වෛද්‍ය Steinbaum පවසනවා.

ඉණ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වන්න.

ඉණ ප්‍රදේශයේ මේදය වැඩිවීම මගින් හදවත ඇතුළු ශරීරයේ විවිධ අවයව වලට රෝගී තත්වයන් පමුණුවනවා. කාන්තාවකගේ ඉණෙහි වට ප්‍රමාණය අඟල් 35 ට වඩා වැඩි නොවිය යුතු වනවා. ඔබේ ශරීරයේ බර කුමක් වුවත් ඔබ ආහාරයට ගනු ලබන ආහාර පිළිබඳ නිසි ලෙස සැලකිලිමත්ව ව්‍යායාම ආදිය සිදු කර නිසි ලෙස සෞඛ්‍යය සම්පන්න දිවි පෙවෙතක් ගත කරන්න. එවිට ඔබේ හදවත් සෞඛ්‍යය නිසි ලෙස වර්ධනය කර ගන්නට පුළුවන්.

ගර්භනී සමයේදී සෞඛ්‍යය නිසි ලෙස රැක ගන්න

ගර්භනී සමයේදී ඔබට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගී තත්වයන් තිබුනේ නම් මෙම සෞඛ්‍යය ගැටළු මාස නවයක කාලය ගත වීමෙන් පසුව මගහැරී නොයන බව මතක තබා ගන්න. මෙම සෞඛ්‍යය ගැටළු දෙකෙන්ම හෘද්‍යාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරවන නිසා නිසි ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වන්න.

නිසි පරිදි නින්දක් ලබා ගන්න

ඔබ දිනකට පැය හතක හෝ අටක සුවදායක නින්දක් ලබා ගන්නේ නැතිනම් එය නිසි අවධානයකට ලක්කළ යුතු කරුණක් වනවා. රාත්‍රියේදී කෙටි නින්දක් ලබා ගැනීම මගින් සමස්ත ශරීරයටම හානියක් සිදු වනවා. වැඩි වශයෙන් කාන්තාවන් විෂාදය වැනි තත්වයන්ටද මෙමගින් ගොදුරු වනවා.

තරුණ කාන්තාවන් MVD පිළිබඳ දැනුවත් විය යුතු වනවා

“Coronary microvascular disease (MVD)” ලෙස හඳුන්වන කුඩා රුධිර නාලිකා වලට හානි සිදු වන හදවත් රෝගයක් වන මෙම සෞඛ්‍යය ගැටලුව තරුණ වියේ පසුවන බොහෝ කාන්තාවන්ට ඇති වනවා. මෙවන් තත්වයකදී හදවත් රෝග වලින් පසුවන පුද්ගලයින්ගේ කාර්යයක්‍ෂමතාවය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයකට යොමිවී “Duke Activity Status Index (DASI)” නිවසේ එදිනෙදා වැඩ කටයුතු, ලිංගික ක්‍රියාකාරකම් සහ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරතවීමට හැකියාව ඇත්දැයි පරීක්ෂාවට ලක්කරන්න.

PAD පිළිබඳ දැනුවත් වන්න

දෑත් සහ දෙපා වල ධමනි සිහින් වී රුධිරය ගමන් කිරීම අවහිර වන පරිදි ඇති වන රෝගී තත්වයක් වන “peripheral artery disease (PAD)” රෝගී තත්වයෙන් පිරිමි පුද්ගලයින්ට සමානව හෝ පිරිමි පුද්ගලයින්ට වඩා වැඩි ප්‍රමාණයකින් කාන්තාවන්ද පීඩාවට පත්වන බව පසුගිය වසර කිහිපය තුල සිදු කල අධ්‍යයනයන් මගින් සොයාගෙන තිබෙනවා. මෙම රෝගී තත්වය ඇතිවීමේ කෙරෙහි ඇති අවධානම් තත්වයන් ලෙස හඳුනාගෙන ඇති අධික තරබාරුභාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින කාන්තාවන් වඩාත් සැලකිලිමත් විය යුතු වනවා. මීට අමතරව ඇවිදීමෙන් පසුව මස්පිඩු පෙරලීම, පාද වල සම සුමට භාවයක් ගැනීම සහ පාද වල පහළ ප්‍රදේශය හෝ යටි පතුල් පෙදෙස මලානික වීමද මෙහි රෝග ලක්‍ෂණ ලෙස හඳුනා ගන්නට පුළුවන්.

රුධිර පීඩනය පාලනය කර ගන්න

වයස අවුරුදු 45 ට අඩු අධි රුධිර පීඩනයෙන් පසුවන කාන්තාවන් ප්‍රමාණය පසුගිය වසර තිහක කාලය තුල දෙගුණයක් වී තිබෙනවා. සෝඩියම් අඩු පළතුරු, එළවළු, ධාන්‍ය සහ සෞඛ්‍යය සම්පන්න ඔමේගා 3 මේද අම්ල අඩංගු සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, ව්‍යායාම සිදු කිරීම සහ වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබා ගැනීම මගින් මෙම තත්වය මගහරවා ගන්නට පුළුවන්.

මේ වැදගත් තොරතුරු ඇතුලත් ලිපිය ඔබේ මිතුරන් අතරේ බෙදා හැරීමට කාරුණික වන්න. දිනපතා මෙවැනි ලිපි කියවීම සදහා විශ්ම ලෝකය ෆේස්බුක් පිටුව ලයික් කරන්න. ඔබට නිරෝගී දිවියක්!!!

(Visited 1 times, 1 visits today)

Add Comment