යතුරු පුවරුවේ එෆ් යතුරු නිවැරදිව භාවිතා කරන්නෙ මෙහෙමයි

අපි අද ඔබට ගෙන එන්නේ Keyboard එකේ උඩින්ම තිබෙන F යතුරු 12 න් සිදුවෙන්නේ මොනවාද කියලායි.

F1 – F යතුරු පේළියේ මුලින්ම තිබෙන මේ යතුරෙන් ඕනෑම Program එකක හෙල්ප් එක Open කරගන්න එහෙමත් නැත්නම් උදව් ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන්.

F2 – දෙවෙනියට තිබෙන මේකෙන් පුළුවන් ඕනම ෆෝල්ඩරයක් හරි, File එකක් හරි Rename කරන්න.

F3 – දැනට විවෘත වෙලා තියෙන Program එකේ සර්ච් කරන්නට මෙය පාවිච්චි කරන්න පුලුවන්. මයික්‍රසොෆ්ට් වර්ඩ් වල වගේ වදන් සැකසුම් මෘදුකාංග වල නම් ලිපියේ තිබෙන අකුරු සොයාගන්නට මෙය පාවිච්චි කරන්නට පුළුවන්.

F4 – ALT යතුරත් එක්ක F4 Press කරාම දැනට විවෘත වෙලා තියෙන Program එක Close කරන්න පුළුවන්.

F5 – මේ යතුරෙන් පුළුවන් ඔබ සිටින ඕනෑම වින්ඩෝවක ඉඳගෙන එ්ක Refresh කරන්නට. ඩෙස්ක්ටොප් එකේ වුනත් බ්‍රවුසරයේ වුණත් මෙය ඉතා හොඳින් වැඩ කරනවා.

F6 – ගොඩක් බ්‍රවුසර් වල මේ Key එක Press කළාම වෙබ් අඩවිවලින් ලිපිනය ටයිප් කරන බාර් එක Select වෙනවා.

F7 – F7 යතුරෙන් Microsoft Word වගේ මෘදුකාංගවල අකුරු සහ ව්‍යාකරණ පරික්ෂා කරන සේවාව සක්‍රිය කරන්න පුළුවන්.

F8 – Computer එක on වෙන්න අතරෙදි මේ Key එක Press කරමින් හිටියා ම Boot Menu එක එනවා. එතනින් ඔබට Safe Mode යන්න පුළුවන්.

F9 – මෙය විවිධ Program වල විවිධ කෙටිමං සඳහා භාවිතා වෙනවා. Word වල නම් එයින් Document එක Refresh වෙනවා.

F10 – Windows වලදි නම් මේ Key එකෙන් Open වෙලා තියෙන Program එකේ Menu Bar එක සක්‍රීය වෙනවා. Shift Key එකත් එක්ක Press කළාම හරියට Mouse එකේ Right Click කළා වගේ.

F11 – බ්‍රවුසරයකින් F11 key එක Press කරාම ඔබට Full Screen Mode එකට යන්න පුළුවන්.

F12 – මේකෙන් Microsoft Word වල Save as Dialog Box එක සක්‍රීය වෙනවා.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

පිටපත | තඹරු විජේසේකර

Add Comment