රස කාරක යොදන්නේ නැතිව රසට කෑම උයන රහස් – මේ දේවල් දන්නවා නම් ලොව හොදම ගෘහණිය වෙන්න පුළුවන්

රස කාරක එකතු කරන්නේ නැතුව , කෑම වල රසය ගුණය වැඩි කර ගන්න පුලුවන් නම් , එය ඔබේ සෞඛයට ගොඩක් හිතකරයි නේද??? ඇත්තටම අද කාලේ ගෘහණියෝන්ට නම් රස කාරක නැතුව රසට උයන එක ගොඩක් අමාරු වෙලා තියෙනවා. එත් ඉස්සර අපේ අම්මලා , ආච්චිලා මේ කිසිම රසකාරක වර්ගයක් නැතුව හරිම රසට කෑම ටික ඉව්වා. රසට උයන වැඩේ හැමෝම අමාරුයි කියලා තමයි හිතන්නේ.

ඒත් ඇත්තම කතාව නම් රසට උයන්න රස කාරක වර්ග අවශ්‍ය වෙන්නෙම නෑ. ඒ කොහොමද කියලා අද විශ්ම ලෝකයෙන් අපි කියලා දෙනවා. එහෙනම් අද ඉදන් කෑම උයන කොට මෙන්න මේ රහස් ඉහුම් පිහුම් ක්‍රම ටික අනුගමනය කරන්න. මේ දේවල් හරියටම ඉගෙන ගත්තා කියන්නේ ඉතින් රහට උයනවා කියන එක හරිම පහසු වැඩක් වෙනවා.

අල වර්ග තැම්බීමේදී එයට ලුණු ස්වල්පයක් එකතු කරන්න. එවිට අලවල පෝෂණ ගුණ විනාශ වෙන්නේ නැතුව අල ව්‍යංජනය සකස් කර ගන්න පුළුවන් වෙනවා.

එළවළු කපා ගැනීමට පෙර සෝදා කපන්න. නැත්නම් පෝෂණය නැති වෙන්න ඉඩ තියෙනවා.

කරවල වල අධික ලුණු රසය අඩු කර ගැනීමට , ඒවා කුඩා කැබලි වලට කපා පොල් වතුර එකක සුළු වේලාවක් තිබෙන්න හරින්න. ඉන් පසුව පිස ගන්න.

තම්බපු බිත්තරයක් දෙකට පලා ගැනීමේදී කහ මදය නොකැඩී බිත්තරය කඩා ගැනීමට, ඒ සදහා යොදා ගන්නා පිහිය අයිස් වතුරේ ටික වෙලාවක් තබා කපන්න.

ගෝවා පිසීමේදී ඇතිවන දුර්ගන්ධය නැති කිරීමට , පාන් කුඩු ස්වල්පයක් වෑංජනයට එක් කරන්න.

තැළිච්ච තක්කාලි පොඩි නොවී කපා ගැනීමට නම් ,විනාඩි 10ක් පමණ විනාකිරිවල බහා තබන්න.

කපා ගත් පතෝල කැබලි , පිසීමට පෙර විනාඩි 5ක් පමණ , ලුණු වතුරේ තබා මිරිකා ගෙන පිසීමෙන් පතෝල ව්‍යංජනය වඩාත් රසවත් ලෙස සකස් කර ගන්න පුළුවන්.

බත් පිසින විට බත් එකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න. එවිට බත් ඇට එකට ඇලෙන්නේ නෑ. ඒ වගේම තමයි බත් එකට හොඳ පැහැයක්ද ලැබෙනවා.

බිත්තර තම්බන විට , එම වතුරට විනාකිරි හෝ ලුණු දමන්න. එවිට බිත්තර පුපුරා යෑමකින් තොරව තම්බා ගන්නට පුළුවන්.

මාංස වර්ග තද ගතියක් ඇත්නම් බුරුල් කර ගැනීමට ගස්ලබු ගැටයක් කිරි පිටින්ම දමන්න. ඒ කියන්නේ කිරි ඉවත්කරන්නේ නැතුව ගෙඩිය හෝදලා දාන්න ඕනේ. මෙහෙම කරාම මාංස වර්ග මෙළෙක් බවකින් යුතුව උයා ගන්න පුළුවන්.

පොලොස් වෑංජනය මෘදු කර ගැනීමට මෙන්ම වෑංජනය රත් පැහැ කර ගැනීමට , විට කන හුනු ස්වල්පයක් එක් කරන්න.

රතු ලූනු සුද්ද කරන විට මඳක් උණුසුම් වතුරේ තබා ගත් පසු දෑස්වලට සැර වෙන්නේ නෑ

වෑංජනයකට දෙහි එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමෙන් පසුව දමන්න. නැත්නම් එහි ගුණය මෙන්ම රසයද අඩු වෙනවා

හොද්ද කැටි ගැසීම වැළැක්වීමට ළිපෙන් බා ගත් පසු අඩුම තරමේ විනාඩි 2ක් වත් හැඳි ගාන්න ඕනේ.

වෑංජනවලට අබ එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමට මොහොතකට පෙර අබ එකතු කරන්න. නැතහොත් අබ තැම්බී වෑංජනය තිත්ත රස වෙන්න පුළුවන්

ශීතකරණ ගත කළ මස් , මෘදු කර ගැනීමට පොල් වතුර හෝ විනාකිරි මිශ්‍ර වතුරේ බහා තබන්න. එවිට මස් ටික බුරුල් වෙනකම් ගොඩක් වෙලා බලා ඉන්න ඕනේ නෑ.

ශීතකරණයක් නොමැති නිවෙස්වල මිරිස් ගුළි අඹරා තබන විට ඒ මත ලුණු කැටයක් තියන්න. එවිට එම ලුණු කැටය දිය වී මිරිස් ගුළියේ තැවරීමෙන් නරක් වීමකින් තොරව තබා ගන්නට පුළුවන්.

හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ ඇපල් පෙත්තක් දමන්න. මෙහෙම දැම්මම හොද්දේ වැඩිපුර ලුණු ගතිය ඒවාට උරා ගන්නවා. පසුව ඒ ඇපල් පෙත්ත හෝ අල පෙත්ත හොද්දෙන් අයින් කරලා දාන්න.

පොල්තෙල් කාලයත් සමඟ මුඩු වෙන්නේ බලනවනේ. මේ විදියට පොල් තෙල් මුඩු වෙන එක නතර කර ගන්න පුළුවන් පොල් තෙල් බෝතලයට ලුණු කැටයක් දැම්මොතින්.

බත බෙරි වූ විට ඒ මතට විනාකිරි ඉසීමෙන් බෙරි ගතිය මඟ හරවා ගන්නට පුළුවන්.

මාළුවල පිළී ගඳ නැති කිරීමට මාළු සෝදන විට කහ කුඩු ස්වල්පයක් හා දෙහි ලෙල්ලක් අතුල්ලන්න.

පුහුල්, කැකිරි කල් තබා ගැනීමට එහි නැට්ට වටේ පිහියෙන් කපා තබන්න.

සුප්වලට පැණි ‍දොඩම් එක් කිරීමෙන් වඩා රසවත් ලෙස සුප් එක පිළියෙළ කර ගන්න පුළුවන්.

මඳක් පිපිරුණු බිත්තර තම්බන විට විනාකිරි යොදා ගතහොත් බිත්තරය පිටතට විසිරීම වළක්වා ගන්න පුළුවන්

මිරිස් බදින විට පොල්තෙල් ස්වල්පයක් අඩියට එක් කිරීමෙන් මිරිස් සැර අවට විසිරීම වැළකෙනවා.

මී පැණි කිසිදු වෙනසකින් තොරව කල් තබා ගැනීමට අවශ්‍ය නම් එයට මිරිස් ඇටයක් දමන්න.

බණ්ඩක්කා පිසින විට එයට දෙහි එක් කිරීමෙන් සෙවල ගතිය නැති වී වඩාත් රසවත් වෙනවා. .

කකුළුවන්, ඉස්සන් පිසින විට එයට මුරුංගා කොළ එකතු කර පිස ගන්න. එවිට ඒවායේ විස ඇතොත් විනාශ වී යනවා.

පලා මැල්ලුමට , පොල්තෙල් හෝ එළඟි තෙල් එකතු කරලා මලවා ගත්තොත් , පලා මැල්ලුම ඉතාම රසවත්ව හා ගුණයෙන් වැඩි ලෙස හදා ගන්න පුළුවන්.

මිරිස් බදින විට විනාකිරි වල දමා බැදීමෙන් වඩාත් රසවත් කර ගන්න පුළුවන්

බත් එක රොස් උනොත් මොකද කරන්නේ. රොස් වූ බත් බඳුන ඇල් වතුර බඳුනක් මත තබා දුම් පිට වූ පසු එහි රොස් ගතිය , දුගඳ ඉවත් වෙනවා.

කොහිලවල නූල් ඉවත් කර ගැනීමට නම් ලුණු කැට ස්වල්පයක් එකට මිශ්‍ර කර ඉවත් කරන්න.

කොළ ජාති මැලවී යෑම වැළැක්වීමට කඩදාසියක ඔතා ශීතකරණයේ තබන්න.

එහෙනම් යාලුවනේ මීට පස්සේ කෑම උයන කොට මේ සරල ක්‍රම ටික හොදින් මතක තියා ගන්න. මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් තවත් අයට බලන්න පහලින් ශෙයා කරන්න. තාමත් ඔබ විශ්ම ලෝකය ෆේස්බුක් පිටුවට ලයික් කරලා නැතිනම් දැන්ම ලයික් කරන්න. ඔබට සුබ දවසක් !!!

Add Comment