රැකියාවට ගිය පළමු දවසෙම බොස් ඔහුට දරුණු ලෙස බැන වැදුනා – අපුරු කථාවක්

අපි හැමෝටම ජිවත් වෙන්න නම් රැකියාවක් කරන්නම වෙනවා. අද කාලේ හොද රැකියාවක් හොයා ගන්න එකත් ටිකක් අමාරුයි. ඒ වගේම ඊට වඩා අමාරුයි හොයා ගත්තු රැකියාව බැනුම් අහන්නේ නැතුව කැපිලි කෙටිලි නැතුව දිගටම කරගෙන යන එක. ඕනෑම රැකියාවක පළමු දවස කියන්නේ ගොඩක් අභියෝගාත්මක දවසක්. රැකියාවට ගිය පලවෙනි දවසෙම බොස්ගෙන් බැනුම් අහන්න වෙනවා කියන්නේ එක ඉතාම නීරස අත්දැකීමක් වෙනවා. රැකියාව තුල ජිවත් වන බොස් කියන චරිතයට ගොඩක් දෙනා බයයි.ඒ නිසාම ඔෆිස් එකේදී බොස් කිට්ටු වෙනකොට පුංචි වැරද්දක්වත් ඔහු / ඇය ඉදිරියේ සිදු නොවෙන ආකරයෙන් පරිස්සම් වෙන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. හරි අද විශ්ම ලෝකයෙන් ඔබට කියන්න යන්නේ අපුරු කතාවක්.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ඇමරිකාවේ. ඒ රටේ ග්‍රාමීය ප්‍රදේශයක ජිවත් වූ තරුණයෙක් ෆ්ලොරිඩා ප්‍රාන්තයට පදිංචිය සදහා ඇවිල්ල තියෙනවා. රැකියාවක් සොයා ගැනීම සදහා ඔහු නගරයේ විදි දිගේ ඇවිද යමින් සිටියා. ඔහු ඕනෑම භාණ්ඩයක් විකිනීමට තිඛෙන සුපිරි වෙළද සංකීර්ණයක විකුණුම් සහායක තනතුරක් ලබා ගැනීම සදහා එහි විකුණුම් කළමණාකරු මුණ ගැසුනා

විකුණුම් කළමණාකරු – ඔබ මීට පෙර රැකියාවක නිරත වී විකුණුම් අත්දැකීම් ලබා තිබේද ?

තරුණයා – ඔව් මම කලින් විදුලි භාණ්ඩ අලෙවි කර තිඛෙනවා

ඔහුගේ කතාව විකුණුම් කළමණාකරුට ඒ තරම් දිරෙව්වෙ නැති උනාට මොහුට අවස්ථාවක් දී බැලිය යුතුයැයි විකුණුම් කළමණාකරු සිතුවා

විකුණුම් කළමණාකරු – හරි මම ඔබට අවස්ථාවක් දෙන්න කැමතියි. හෙට ඉදන් වැඩට එන්න. හෙට දවස වැඩකරලා ඉවර වෙලා මම තීරණය කරන්නම් ඔබ මෙතනට ගැලපෙනවද නැද්ද කියලා

ඔහු පොරොන්දු වූ පරිදි ඊලග දවසේ වැඩට පැමිණියා. රැකියාවේ පළමු දවස ඔහුට ඉතා අභියෝගකාරී දවසක් උනා. දිනය අවසන් උනා.

විකුණුම් කළමණාකරු – අද දවස තුලදී ඔබගෙන් භාණ්ඩ මීලදී ගත් පාරිභෝගිකයන් ගණන කීයද?

තරුණයා – මට භාණ්ඩ විකුණන්න පුළුවන් උනේ එක් අයෙකුට පමණයි

මේ ප්‍රකාශයෙන් විකුණුම් කළමණාකරු මහත් සේ කිපුනා.

විකුණුම් කළමණාකරු – එක් කෙනෙකුට බඩු විකුනලා මොනවා කරන්නද ඕයි. තමුසේ දන්නවද මේ අනිත් විකුණුම් සහායකයෝ දවසකට සාමාන්‍යයෙන් පාරිභෝගිකයෝ තිස්දෙනෙකුට විතර බඩු විකුණනවා කියලා. තමුසේ නම් මේ ජොබ් එකට හරි යන්නේ නෑ. මට කියනවා බලන්න තමුසේ විකුණපු බඩු වල වටිනාකම කීයද කියලා.

තරුණයා – ඩොලර් එක් ලක්ෂ විසිදහසයි සර්

තරුණයා දුන් පිළිතුරින් විකුණුම් කළමණාකරු විමතියට පත් උනා.

විකුණුම් කළමණාකරු – මොනවද විකුනපු භාණ්ඩ ?

තරුණයා – මම මුලින්ම ඔහුට බිලි කොකු කිහිපයක් විකිණුවා. ඊට පස්සේ එම බිලි කොකු වලට ගැළපෙන අලුත්ම මාදිලියේ බිලි පිත්තක් ඔහුට අලෙවි කළා. මම ඊට පසු ඔහුගෙන් ඇසුවා ඔබ මාළු අල්ලන්න යන්නේ කොහෙද කියලා. ඔහු කිව්වා ගැඹුරු ගංගාවක කියලා. මම ඊට පසු ඔහුට කිව්වා ඔබට හොද බෝට්ටුවක් අවශ්‍ය වේවි කියලා. ඔහුද එය අනුමත කලා. ලද අවස්තාවෙන් ප්‍රයෝජන ගත් මා ඔහුට හොදම වර්ගයේ එන්ජින් දෙකේ විශාල බෝට්ටුවක් අලෙවි කළා. ඊට පසු මම ඇහුවා ඔබ මේ බෝට්ටුව අදාළ ගංගාව වෙත රැගෙන යන්නේ කුමන වාහනයකින්ද කියලා. ඔහු දැනට භාවිතා කරන වාහනය මගින් මේ බෝට්ටුව අදාළ ගංගාව වෙත රැගෙන යාම අපහසු බව මම ඔහුට ඒත්තු ගැන්වුවා. ඒ සදහා ගැලපෙනම වාහන අප සතුව තිඛෙන බව පවසමින් මම ඔහුට ෆොර් වීල් වර්ගයේ ට්‍රක් රථයක්ද අලෙවි කළා.

ඔහුගේ කතාව ඇසු විකුණුම් කළමණාකරු පුදුමයෙන් පුදුමයට පත් උනා

විකුණුම් කළමණාකරු – ඔයා එතකොට මෙහෙට බිලි කොක්කක් ගන්න ආපු පාරිභෝගිකයෙක්ට බෝට්ටුවක් හා ට්‍රක් එකක් විකිණුවා.

තරුණයා – ඇත්තෙන්ම නෑ සර්. ඒ පුද්ගලයා මෙහෙට ආවේ බිරිදට අවශ්‍ය සනීපාරක්ෂක තුවා කිහිපයක් මීලදී ගැනීමට. මම ඒ වෙලාවේ ඔහුගෙන් ඇහුවා මේ සති අන්තයේ මොකද කරන්නේ , නරකද මාළු අල්ලන්න ගිහින් ටිකක් විනෝද උනොත් එහෙම කියලා.

ඔහුගේ කතාවට සවන් දුන් විකුණුම් කළමණාකරු ඇතුළු අනෙකුත් සේවක පිරිස විනාඩි කිහිපයක් යනතුරු එකිනෙකාගේ මුහුණ බලා සිටියා මිස කතා කරේ නෑ. පසු කලෙක ඔහු එම සමාගමේ හොදම විකුණුම් සහායකයා බවට පත් උනා.

Add Comment