ලෙමන් පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේප කලොත් ලැබෙන විශ්මිත වාසිය මෙන්න

හුගක් අයට තියෙන කරදරයක් තමයි බ්ලැක් හෙඩ්ස්. සමහරු තමාට නොදැනීම, පිරිසක් ඉදිරියේදි පවා තමාගේ නහය මත ඇති බ්ලැක් හෙඞ්ස් ස්පර්ශ කරමින් ඒවා ඉවත් කරන්නට වෙහෙසෙනවා අපි දැක තිබෙනවා. මෙම ක‍්‍රියාව නිසා ඔබ වගේම අවට සිටින අයත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද මෙම තත්වය ස්වාභාවික ප්‍රතිකාර මගින් පහසුවෙන්ම සුව කර ගැනීමට පුලුවන්. ඇත්තෙන්ම මෙම සත්කාර නිවැරදිව සිදු කලොත් එක රැයකින් බ්ලැක් හෙඞ්ස් සම්පුර්ණයෙන් නැති වී යාවි.

1. ලෙමන් හා මී පැණි

ලෙමන් පළුවක් මතට මී පැණි බින්දු 3 දමා මුහුණේ ආසාදනය වී ඇති ස්ථානයන් මත හොදින් පිරිමදින්න. ඉන් පසුව විනාඩි 5ක කාලයක් සිට ශීත ජලයෙන් සෝදා ගන්න. මෙම සත්කාරය සතියකට වාර දෙක බැගින් සිදු කිරීම මගින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්.

ලෙමන් තුළ අඩංගු වන ආම්ලිකතාවය සමෙහි මැරුණු සෛල ඉවත් කර නව සෛල වර්ධනයකර ගැනීමට උපකාරී වේ. එමගින් සම පිරිසිදු වී Blackheads ඉතාමත් පහසුවෙන් හා සම්පුර්ණයෙන් ඉවත්වේ. මී පැණි යනු ස්වභාවික ප්‍රතිජීවක ඖෂධයකි. එමගින් සමෙහි ඇති සිදුරු තුල කුණු දුහුවිලි ඉවත් කර දෙනු ලැබේ. එමෙන්ම මී පැණි සම පැහැපත් කර ගැනීම සඳහා ඉතාමත් ඵලදායීව ක්‍රියාකරනු ලබයි.

2. ලුණු ලෙමන් සහ වතුර

ලෙමන් යුෂ මේස හැදි 1/2 ක් වතුර මේස හැදි 1ක් සහ ලුණු මේස හැදි 1ක් එකට මිශ්‍ර කරන්න. බ්ලැක් හෙඩ්ස් ඇති තැන්වල ආලේප කර විනාඩි 2-4ක් මසාජ් කරන්න. ඉන්පසු මද උණු වතුරෙන් සෝදා හරින්න.ඉන්පසු ටික වෙලාවකින් මුහුණ සිසිල් වතුරින් සෝදන්න. මෙයින් සමේ අනවශ්‍ය ලෙස විවෘතව පවතින කූපයන් නැවත වසා දමයි. ලුණු සහ ලෙමන් වල ආම්ලික සහ බැක්ටිරියා විරෝධි ගුණ සමේ කූපයන් අවහිර වීම වලක්වයි

3. තක්කාලි

බ්ලැක් හෙඩ්ස් , කුරුලෑ වැනි බොහෝ සමේ අසාධන ඇති වන්නේ සමේ ඇති පියවි ඇසට නොපෙනන කුඩා සිදුරු කුණු , දුවිලි , සමේ මිය ගිය සෛල කොටස් වලින් හා සමේ තෙල් ශ්‍රාවයන් වලින් අවහිර වූ විටයි. විටමින් A , C හා සිට්‍රික් ඇසිඩ් වලින් සමන්විත වන තක්කාලි බ්ලැක් හෙඩ්ස් සදහා සහනය සලසා ගැනීමට භාවිතා කල හැකියි. තක්කාලි ගෙඩියක යුෂ මිරිකා ගෙන මුහුණ ආලේප කරන්න. මෙමගින් බ්ලැක් හෙඩ්ස් වියලීමට පත්වී ගැලවී යයි.

4. බිත්තර සහ මී පැණි

බිත්තර සුදු මදය සමග මීපැණි මේස හැදි 1ක් මිශ්‍ර කර ආලේපනයක් සාදා ගන්න. අවශ්‍ය තැන්වල ආලේප කර විනාඩි 30ක් වේලෙන්නට හරින්න. ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

5. බේකින් සෝඩා

බේකින් සෝඩා ස්වල්පයකට ජල බින්දු කිහිපයක් එකතුකර ආලේපනයක් සාදා ගන්න. ආසාධිත ස්ථාන වල ගල්වා සමට හානියක් නොවන ලෙස මෘදුව සම්බාහනය කරන්න .ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

පහත මිශ්‍රණ මගින්ද බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්.

-ලෙමන් යුෂ සහ ඔලිව් ඔයිල්
-ඇපල් සීඩර් විනාකිරි
-ග්‍රීන් ටී පත්‍ර සහ වතුර
-යෝගට් සහ ඕට් මීල්(oatmeal)
-දත් බෙහෙත්
-ලෙමන් යුෂ සහ කුරුදු කුඩු

මුහුණ නිතර නිතර ස්පර්ශ නොකර සිටීම , දිනකට දෙවරක් මුහුණ හොදින් සෝදා පිරිසිදුව තබා ගැනීම මෙන්ම කොට්ට සහ ඇඳ ඇතිරිලි නිරතුරුව සෝදා පිරිසිදුව තබා ගැනීමද බ්ලැක් හෙඩ්ස් වැනි සමේ කරදර වලින් මිදී සිටීමට උදවු වේ. මෙම පීඩාකාරී තත්වය සුව කර ගැනීම සඳහා මෙම ස්වභාවික සත්කාරය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

මෙම සත්කාරය විවිධ වූ සම් සඳහා විවිධ විය හැකිය.මෙම සත්කාරය කෙතරම් වාර සංඛ්‍යාවක් සිදු කල යුතුද යන්න ඔබගේ සමෙහි ස්වභාවය අනුව තීරණය වේ. මෙහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සතියකට දෙවරක් හෝ තුන්වරක් මෙම සත්කාරය සිදු කරන්න.

Add Comment