විදුලි ආදෙකු ගිල දැමීමට උත්සහ කරන කිඹුලෙකුට අත්වන ශෝකජනක ඉරණම

විදුලි ආදා යන නමින් ආදෙකු ජිවත්ව සිටින බව ඔබ අසා ඇති. එනමුත් සැබවින්ම විදුලි ආදා යනු කුමන ආකාරයේ සත්වයෙක්ද යන්න පිලිබදව ඔබට පැහැදිලි අවබෝධයක් නොමැති යැයි අපිට විශ්වාසයි. බැලු බැල්මට ආදෙකු මෙන් පෙනුනත් , විදුලි ආදා යැයි නම් ලැබුවත් මෙම සත්වයා සැබෑ ආදෙකු නම් නොවෙයි. සාමාන්‍යයෙන් මෙම සතා  මිටර් දෙක හමාරක් තරම් දිගක් දක්වා වැඩෙන අතර දකූණු ඇමරිකානු ගංගා ආශ්‍රිතව ජිවත් වෙන මිරිදිය මත්ස්‍යයෙක් ලෙසට හදුන්වන්න පුළුවන්. විදුලි ආදාගේ  ශරිරයෙන් පහෙන් හතරක් පමණම වලිගය කොටසින් සමන්විත වෙනවා.

නමුත් මෙම වලිගය සමාන්‍ය මත්ස්‍යයෙකුගේ මෙන් නොව විදුලි ආදාටම සුවිශේෂි විලිගයක් වෙනවා. එකට හේතුව තමයි මෙම වලිගය මගින් වොල්ට් 600 ක් පමණ අධික වොල්ටියතාවයකින් යුතු විදුලි ධාරාවක් නිකුත් කිරිමට සමත් වීමයි. මෙන්න මේ හේතුව නිසාම තමයි මෙම සතුන් විදුලි ආදා යන නමින් හදුන් වන්නේ වන්නේ. මෙවන් අධික විදුලි සැරයක් නිකුත් කිරිමට විදුලි ආදෙකුට ගත වන්නේ තත්පරයකින් දෙදහසින් පංගුවක් පමණයි.

විදුලි ආදෙකු ගිල දැමීමට උත්සහ කරන කිඹුලෙකුගේ වීඩියෝවක් පහලින් දැක්වෙනවා. බලන්න අවසානයේදී කිඹුලාට අත්වන ඉරණම මොන වගේ එකක්ද කියලා.

Add Comment