සරල තෙරපුම් 3කින් පුදුමාකාර ලෙස ශරීර බර අඩු කර ගමු

සම්ප්‍රදායික චීන අකුප්‍රෙෂර් ( Chinese Accupressure ) ක්‍රමයෙන් ශරීරයේ තෝරාගත් රහස් ස්ථාන තුනකට නිල තෙරපුම ලබා දී බර අඩු කර ගන්නා රහස් ක්‍රමයක් මේ දිනවල පෙරදිග රටවල ඉමහත් සේ ජනප්‍රිය වී තිඛෙනවා. සිංගප්පූරුව, තායිලන්තය, මැලේෂියාව, හොංකොං, ඉන්දියාව වැනි ආසියාතික රටවල මේ සම්ප්‍රදායික චීන නිල තෙරපුම් බර අඩු කරන රහස් ගින්නක් වගේ මේ දිනවල පැතිරීගෙන යනවා.

චීන අකුප්‍රෙෂර් නිල තෙරපුම් වෛද්‍ය සත්කාර ක්‍රමයේදී තෙරපුම් දෙන්නේ බර අඩු කරගන්නට පමණක් නොවේ. පිළිකාව, හෘද රෝග, වකුගඩු අකර්මණ්‍යතාවය, මොළයේ ටියුටර් වැනි බරපතල අසනීප වලටත් කොන්දේ අමාරුව, ඉරුවාරුදය, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, මාසික වේදනා, ලිංගික ශක්තිය දුර්වල වීම වැනි සරල වෛද්‍ය තත්වයන්ටත් අකුප්‍රෙෂර් ප්‍රතිකාර ක්‍රමයෙන් සත්කාර කර විශ්මිත ප්‍රථිඵල ලබා දී තිඛෙනවා.

එම දියුණු පුරාණ රහස් වෛද්‍ය සත්කාර නිල තෙරපුම් ක්‍රමයෙන් අධික ලෙස බර වැඩි වී ඇති ඔබට අද අපි සහනය ලබා දෙනවා. හැමදාමත් ලෝකයේ ජනප්‍රිය වෙන සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඔබට හඳුන්වා දෙන අපි අදත් එවැනි රහස් විශ්මිත ක්‍රමයක් හඳුන්වා දෙනවා.

අපි අද මේ කරන අකුප්‍රෙෂර් නිල තෙරපුම් සත්කාරයේ දී ශරීරයේ තෝරාගත් ස්ථාන තුනකට නිල තෙරපුම් ඔබට ලබා දෙන්නට පුරුදු කරනවා. මේ ක්‍රමය සීරුවෙන් ඉගෙන ගන්න. දිනපතාම ඔබට විවේකයක් ලැඛෙන අවස්ථාවට මේ දේ කරන්න. මේ නිල තෙරපුම කෙළින්ම සම්බන්ධ කරන්නේ ඔබේ ආහාර දිරවීමේ පද්ධතියට හෙවත් Digesting System එකටයි. එය පුබුදුවාලීම තුලිනුයි මේ බර අඩු කිරීම කරන්නේ, බෝනස් වාසනා ලෙස මළ බද්ධය, ගැස්ට්‍රයිටීස්, බඩ පිපුම වැනි පීඩාකාරී රෝග වලටත් සුවයක් ලැබේවි.

නිල තෙරපුම් අංක 1 ( Accupressure No 1 ) On the ear )

පළවෙනි පොයින්ට් එක ඇත්තේ ඔබේ කනේ මුහුණ පැත්තට වෙන්නට හරි මැදයි. කනෙ මැද නොවෙයි. කනේ උඩ සිට බැලු විට හමුවන ත්‍රිකෝණාකාර ස්ථානයෙන් මුහුන පැත්තට ආ විට හමුවන මධ්‍ය ස්ථානයයි. ( පින්තූරය බලන්න )

දැන් එම ස්ථානයට ඔබේ අතේ මහපටැඟිල්ල තබන්න. මේ සඳහා ඔබ වෙනත් ඇඟිල්ලක් පාවිච්චි නොකළ යුතුයි. එය කළ යුත්තේ මහපටැඟිල්ලෙනුයි. ( ශදමර එයමපඉ ) මේ අවස්ථාවේ දී කට වසාගෙන සිටිය යුතුයි.

දැන් එම ස්ථානයට මධ්‍යම ප්‍රමාණයේ තෙරපුමක් ලබා දෙන්න. විනාඩි තුනක් මධ්‍යම ප්‍රෙෂර් එකකින් තද කරගෙන සිට පසුව රිලීස් කරන්න. විනාඩියකට පසුව නැවත විනාඩි 3 ක් තද කරගෙන සිටින්න. තුන් වරක් කර නවත්වන්න.

නිල තෙරපුම් අංක 2 ( Accupressure No 2 )

එය පිහිටා ඇත්තේ ඔබේ උඩු තොල උඩින් නාසයට යටින් ඇති තරමක් යටට ගිලී ඇති තැනේයි. අකුප්‍රෙෂර් විද්‍යාවේදී GV26 ලෙස හඳුන්වන මෙම වටිනා නිලය ඉතාම වැදගත් නිලයක්.

ඔබේ දඹරැඟිල්ලෙන් එම ස්ථානය හරියට බලා ඇඟිල්ලේ පළවෙනි පුරුකෙන් තද කරගෙන ඉන්න. මධ්‍යම පිඩනයක් දමන්න. මෙහිදී ඔබේ කෑම කෑමේ රුචිය අවම කරනවා. කද්දී ප්‍රමාණය ඉක්මවා කන්න ඔබ පෙළඹෙන්නේ නැහැ. දවසකට විනාඩි 2 ක් 3 වරක් කරන්න. එය වතාවන් තුනක දී කරන්න. කෑමට පැයකට පෙර මෙය සිදු කරන්න.

නිල තෙරපුම් අංක 3 ( Accupressure No 3 )

එම නිලය ඇත්තේ ඔබේ වැළමිටේ හෙවත් එල්බෝ එකේ ඉදිරිපස මැදයි. පිංතූරයේ ස්ථානය දක්වා ඇති නිසා ඔබට එය සොයාගන්නට පහසුයිනේ. LI11 ලෙස අකුප්‍රෙෂර් විද්‍යාවේදී හඳුන්වන මෙම ස්ථානය කෙළින්ම බඩවැල්වල ඇති තත්වයන්ද සම්බන්ධයි. එය විනාඩි 3 බැගින් 3 වරක් ප්‍රෙෂර් කරන්න. මෙය දිනපතාම කළ යුතුයි.

මෙම අකුප්‍රෙෂර් නිල තුනට අතුරු ආබාධයන් නැති නිසා ඔබට බිය වන්නට කාරණාවක් නැහැ. මාස දෙකක් දිනපතාම කරගෙන යන්න. එය අපහසුවක් නැති දෙයක්නේ.

ප්‍රතිඵල ඔබටම දැකගත හැකියි. බොහෝ දෙනා පවසන්නේ සිංගප්පූරු යුවතියන් මේ තරම් සිහින් සිරුරු පවත්වාගඔවුන්ගේ න්නේ මේ අකුප්‍රෙෂර් නිල තෙරපුම් සත්කාරය නිසා බවයි.

ඔවුන්ගේ සිරුරු වලට හරියටම හරියන්නේ එක්ස්ට්‍රා ස්මෝල් ප්‍රමානයේ ඇදුනුයි. ඒ කියන්නේ XSL ප්‍රමාණයේ ඇඳුනුයි. ඔබටත් ඉතාම කුඩා ප්‍රමාණයේ ඇඳුමක් ඇඳලා ලස්සනට තරුණ විදියට යන්න ආස නම් කිසිම වියදමක් යන්නේ නැති කිසිම අතුරු ආබාධයක් නැති මේ අකුප්‍රෂර් සත්කාරය අදම පටන් ගන්න.

Add Comment