සෑම පුද්ගලයෙකුටම බිරින්දෑ වරුන් 4 දෙනෙකු සිටිනවා – මේ කතාව ඔබේ ජීවිතය වෙනස් කරාවි

සෑම පුද්ගලයෙකුටම බිරින්දෑ වරුන් 4 දෙනෙකු සිටින බව වරක් බුදු රාජාණන් වහන්සේ දේශනා කළා. උපමා කතාවක් ඇසුරෙන් බුදුන් තම ශ්‍රාවකයන්ට එහි තේරුම මෙසේ පැහැදිලි කර දුන්නා. එක්තරා නගරයක ධනවත් සිටුවරයෙක් හිටියා. ඔහුට බිරින්දෑ වරු 4 දෙනෙක් සිටි අතර ඔහු එක් එක් බිරින්දෑට සැලකුවේ එකිනෙකට වෙනස් අයුරිනෙනුයි. මෙලෙස කාලය ගත වී ගොස් සිටුතුමාගේ ජිවිතයේ අවසන් දවස උදා උනා. දැඩි ලෙස රෝගාතුර වී සිටි ඔහු මරණය සදහා සුදානම් වෙමිනුයි සිටියේ. අද දින තුල නිසැකව තමා මරණයට පත් වන බව ඔහුට තේරුම් ගියා. තනිවම මරණයට මුහුණ දෙනවා වෙනුවට, තමා ආදරය කල බිරිදක් සමග එක් වී මේ ගමන යා යුතු යැයි සිටුතුමා කල්පනා කලා.

ඒ අනුව ඔහු මුලින්ම තමා වැඩියෙන්ම ආදරය කල පළමු බිරිදව ඔහුගේ සයනය අසලට කැදෙව්වා. ඔහු වැඩියෙන්ම ආදරය කලේ මෙම පලවෙනි බිරිදට වූ අතර, ඇයගේ සුඛ විහරණය වෙනුවෙන් ඔහු විශාල ලෙස මුදල් වියදම් කර තිබුණා. ඇයට අවශ්‍ය සෑම දෙයක්ම ඉල්ලන පරක්කුවට ගෙනවිත් දී තිබුණා. ඇයව ලස්සනට තියන්න, ආරක්ෂා කර ගන්න ඔහු නොකල දෙයක් නෑ. සයනය අසලට පැමිණි පළමු බිරිදට සිටුවරයා මෙසේ කිව්වා.

මා දයාබර බිරිද, මා ඔබට බොහෝ ආදරය කළා. ඔබේ පැවැත්ම වෙනුවෙන් මා නොකල දෙයක් නෑ. මා සමග මාරයා වෙත යාමට පැමිණෙන්න පුලුවන්ද ?

නමුත් ඇය ඔහුගේ ඉල්ලීම එකවරම ප්‍රතික්ෂේප කර කියා සිටියේ එය කිසි ලෙසකින්වත් තමාට ඉටු කල නොහැකි බවයි.
පළමු බිරිදගේ පිළිතුරෙන් දැඩි කණස්සල්ලට පත් උණු සිටුවරයා , ඔහු ඊළගට වැඩියෙන් ආදරය කල දෙවනි බිරිද, තමා අසලට කැදෙව්වා. දෙවෙනි බිරිද තමා වෙත ලබා ගැනීම සදහා ඔහු සැහෙන්න මහන්සි වී තිබුණා. ඒ වගේම ඇයව සෑම විටම තමා ලග රදවාගෙන , තමාට ඉතා ලස්සන බිරිදක් සිටින බව, අන්‍යන්ට පෙන්වීමට ඔහු දැඩි ලෙස ආශා කළා. පෙර පරිදිම තම අවසන් ඉල්ලීම දෙවෙනි බිරිදට ඔහු මෙසේ පවසා සිටියා.

මා දයාබර බිරිද , මා ඔබට බොහෝ ඇලුම් කළා. ඔබව මා ලගම රදවා දිවා රෑ වෙහෙස උනා. දැන් මාගේ මේ ඉල්ලීමට එකග වෙන්න. මා සමග මාරයා වෙත යාමට එන්න.

නමුත් දෙවන බිරිද පැවසුවේ ඔහු කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ පිළිතුරක්. ඇය පැවසුවේ තමා මරණයට පත් වූ සැණින්ම තමා වෙනකෙකු ලගට යන බවයි. දැඩි ලෙස පසුතැවීමට පත් වූ සිටුවරයා තමා ඊළගට ආදරය කල තුන්වන බිරිද ඔහු අසලට කැදෙව්වා. ඔහු තුන්වන බිරිද වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර තිබුණා. ඇයගේ දුකේදී සතුටේදී ඇය ලගින් සිටියා. එම නිසා ඇය ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම කැමති වනු ඇතැයි ඔහු විශ්වාස කලා.

මා දයාබර බිරිද, මා ඔබ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර තිබෙනවා. ඔබේ දුකේදී සතුටේදී මා ලගින් සිටියා. මාරයා හමුවන ගමනට මා සමග යාමට එන්න පුලුවන්ද ?

නමුත් ඇයගෙන්ද ඔහුගේ ඉල්ලීමට අනුමැතිය ලැබුණේ නෑ. නමුත් තුන්වන බිරිදගේ පිළිතුර ඔහුගේ සිතට යම් සතුටක් ගෙන ආවා. ඔබ ගැන මට ගොඩක් දුකයි. ඔබ නිබදවම මා සමග දුක සැප බෙදා ගත්තා, නමුත් ඔබ සමග මාරයා හමුවීමට යාමට මට නොහැකියි. නමුත් ඔබ මිහිදන් කරන වල අසලට යනතුරුම මම ඔබ සමග අනිවාර්යයෙන්ම පැමිණෙනවා. තුන්වන බිරිදගේ පිළිතුර උනේ එයයි.

තමාගේ ඉල්ලීමට මුල් බිරින්දෑ වරු තුන්දෙනාගෙන්ම සතුටුදායී පිළිතුරක් නොලැබුණු බැවින් ඔහු තම සිව්වැනි හා අවසාන බිරිදට තමා අසලට කතා කරා. ඔහු අඩුවෙන්ම ආදරය කර බිරිද වුයේ මෙම සිව්වෙනි බිරිදටයි. බොහෝ අවස්ථා වල සිටුතුමා ඇයට සැලකුවේ දාසියක ලෙසින්. නමුත් ඇය වහලියක මෙන් සිටුතුමා සමගම සිටියා. ඇත්තෙන්ම කිව්වොත් සිටුතුමා ඇයට ආදරය කළෙම නෑ. කොහොම උනත් දැන් මුල් බිරින්දෑ වරු තුන් දෙනාගෙන්ම සිටු තුමාට ලැබුණේ සතුටුදායී පිළිතුරු නෙවෙයිනේ. ඒ නිසා අවසාන බිරිදගෙන් හරි ඔහුගේ ඉල්ලීමට කැමැත්ත ලබා ගත යුතු බව ඔහු සිතුවා. හැබැයි ඇය මේකට කැමති වේවිද යන්න ගැන ඔහුට දශමයකවත් විශ්වාසයක් තිබුනේ නෑ. නමුත් ඔහුගේ ඉල්ලීම කල සැණින් සිටුතුමා හීනෙන් වත් බලාපොරොත්තු නොවූ දෙයක් තමයි සිදු උනේ. ඇය ඔහුගේ ඉල්ලීමට එක පයින් කැමති උනා.

මා දයාබර හිමියනි, මා කිසිදා ඔබව හැර යන්නේ නෑ. මේ භවයේදී පමණක් නොවෙයි. මේ සසරේ ඔබ ඉපදෙන සෑම ආත්මයකම මා ඔබගේම බිරිද වන්නෙමි. මරණයේදීද ඔබව තනි නොකරමි. සෑම භවයකදීම ඔබ සමගම එමි යැයි ඇය කාන්තිමත් දෙනෙතකින් යුක්තව ප්‍රකාශ කළා. සිටු තුමාට එය විශ්වාස කර ගන්නට බැරි උනා. මා මෙතරම් අඩු අවධානයක් දුන් , දුෂ්‍යව සැළකු ඇය මා අත් නොහරියි. නමුදු මා වැඩි වශයෙන් ඇලුම් කල සියලු දෙනා මා හැර යයි.

මේ කතාවේ සැගවුණු අර්ථය දැන් ඔබට පවසන්නයි අප සුදානම් වෙන්නේ. සිටුතුමාගේ පළමු බිරිද නම් ඔහුගේ ශරීරයයි. තම සුඛ විහරණය වෙනුවෙන් , නිරෝගී බව වෙනුවෙන් , ලස්සන වෙනුවෙන් කොතරම් මුදලක් ශරීරය වෙනුවෙන් වැය කලත් මියගිය සැණින් ශරීරය අපිට අහිමි වෙයි.

දෙවන බිරිද නම් ඔහු හරි හම්බ කල වස්තුවයි. එනම් ඉඩ කඩම් , යාන වාහන , ගෙවල් දොරවල් , වතුපිටි ආදියයි. ජිවත් වන සමයේදී තම වස්තුව අන්‍යන්ට පෙන්වා සතුටු වුවත් මරණයට පත් වූ සැණින් ඒවා වෙනත් කෙනෙකුට අයිති වෙයි.

තෙවන බිරිද නම් සිටු තුමාගේ පවුලේ සමාජිකයන් හා ඔහුගේ හිතමිත්‍ර ආදීන් වේ. කොතරම් සමිපයයෙන් ආශ්‍රය කලත්. දුක සැප සොයා බැලුවත් මරණයෙන් පසු, ඔවුන්ට එක්ව ගමන් කල හැකි උපරිම දුර වන්නේ සොහොනට යන තෙක් පමණයි.

හතරවන බිරිඳ නම් අපේ මනසයි. ලෞකික සැම සම්පත් හා සුවය වෙනුවෙන් සෑම විටම අපි අපේ මානසික සුවය පසෙකට දමයි. මුදල් වෙනුවෙන් සෑම විටම අපගේ මනස දුෂ්‍ය කර ගනියි. අරමුණු වෙනුවෙන් මනස දුෂ්‍ය කර ගනී. මෙලෙස ඉතාම නරක ලෙස අපි මනසට සැලකුවත් මරණයේදී අපව අත් නොහැර අප පසුපසම පැමිණෙන්නේ මනස පමණයි.

කතාව ඔබට වැදගත් උනා නම් ෂෙයා කරන්න. විශ්ම ලෝකය ෆේස්බුක් පිටුවට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.

Add Comment