සිරුරේ විස නසන ආහාර – මල, මුත්‍රා, දහඩිය මඟින් විස ඉවත් කරන්න අපි එක්කර ගතයුතු ආහාරපාන මොනවද ?

අක්මාවෙන් විස ඉවත්වීම

විසහරණ ක්‍රියාවලිය සිදු කිරීමට මූලිකවම අක්මාව උදව් කරන්නේ ක්ෂුද්‍ර පෝෂක වලිනි. ඒ නිසා අප ගන්නා ආහාරය ඇතුළත ක්ෂුද්‍ර පෝෂක අඩංගු වී තිබිය යුතුයි. ඒවා නම්,

1. විටමින් වර්ග
2. ඛනිජ ලවණ (පොස්පරස්, නයිට්‍රජන්, පොටෑසියම්, කොපර්, සින්ක්, මැග්නීසියම්, කැල්සියම්)
3. ප්‍රතිඔක්සිකාරකයි
මුලින්ම ශරීරයට විසක් ඇතුළු වුණොත් අක්මාව නිරන්තර විසහරණයකට ලක් කරයි. ඉන්පසුව ජීර්ණ ක්‍රියාවලිය සඳහා පටන් ගනියි.

විශේෂයෙන්ම මෙම විස කොටස්

1. තෙල්වල දියවෙන විස වර්ග
2. ජලයේ දියවෙන විස වර්ග ලෙස දැක්විය හැකියි.

මේ අනුසාරයෙන් විස ඉවත් වන්නේ

1. මල මඟින්
2. මුත්‍ර මඟින්
3. දහඩිය මඟිනි.

මේ ප්‍රධාන විස ඉවත් වීම් සිදුවන කොටස් ශක්තිමත් කිරීමට වෙහෙසිය යුත්තේ අක්මාවෙන් වුවත් ඊට අනුග්‍රාහක දැක්විය යුත්තේ අවශ්‍ය පෝෂක සංඝටක ලබා දීමෙන්ය.

මල මඟින් පිටවන විස

සමහර විස ඉවත් කිරීමට තෙල් කොටස් අත්‍යවශ්‍යයි. තෙල්වල දියවන විස ප්‍රධාන වශයෙන් පිටවන්නේ මල මඟිනි. මල මාර්ගයෙන් පිට කිරීමට නම් කෙඳි සහිත ආහාර බහුල විය යුතුයි. මේ අනුව කෙඳි සහිතව පවතින පලා වර්ග, වැටකොළු, පතෝල, කොහිල, කෙසෙල් මුහ, නිවුඩ්ඩ සහිත සාම්ප්‍රදායික සහල් වන සුවදැල්, හීනැටි සහල්, කහමාලය, රත්නැල්, පච්චපෙරුමාල්, ඇතුළු සියළුම සහල් වර්ග මෙන්ම කොළ කැඳ වර්ග වලින් ලබාගත හැකියි.

මෙහිදී සර්ප දෂ්ටයේ දී ඇතිවන විස යැවීමට හීනැටි සහල් සමඟ කොළ වර්ගයක් භාවිතා කිරීම දේශීය විස චිකිත්සාවේ බහුලව භාවිතා වන අංගයකි. මේ සඳහා ඉරමුසු, කරපිංචා, මොනරකුඩුම්බිය, ගොටුකොළ, මුකුණුවැන්න, පේර කොළ ආදිය එක් කරගන්න පුළුවන්.

මුත්‍රා මඟින් පිටවන විස

ජලයේ දියවෙන විස පිටවන්නේ ප්‍රධාන වශයෙන් මුත්‍රා මඟිනි. ජලයේ දියවන විට ශරිරයෙන් ඉවත් කරන්නේ වකුගඩු හරහායි. එනම් රුධිරයේ පවතින විස වකුගඩු වලින් පෙරී ඉවත් කිරීමයි. මෙය ඉවත් වන්නේ මුත්‍රා සමඟයි. මුත්‍රා එක්රැස්වීමට හා වකුගඩුව මඟින් විස අයින් කිරීමට පොල්පලා, නීරමුල්ලිය, අක්කපාන, කැකිරි, පිපිඤ්ඤාා, කෝවක්කා, රාබු, තැඹිලි වර්ග, රණවරා, අට්ටික්කා, පානය නුග පොතු කුඹුක් පොතු උදව් වෙයි. මේ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වීමට නම් මෙවැනි ආහාරපාන නිසි අයුරින් ලබා ගැනීම කළ යුතුයි.

දහඩිය මඟින් පිටවන විස

මේ සඳහා ලබාදිය හැකි සුදුසුම දේ නම් ව්‍යායාමයයි. ආහාරසේම ව්‍යායාමය ද සිරුරට නිරන්තර අත්‍යවශ්‍ය පෝෂ්‍යදායකයක් සේ වැදගත්ය. සිරුරේ මාංෂපේශිවල පවතින දැඩිබව ලිහිල් කිරීමට මේ තුළින් කළ හැකියි. ක්‍රියාශීලිව වෙහෙසන විට ඇතිවන මාංෂ පේශීන්ගේ ක්‍රියාශීලි භාවය ක්‍රමානුකූල වීම නිසා සිරුර තුළින් ඇතිවන පීඩනයේ බලපෑම මත ඩහදිය පිට වේ.

ඉන් අපවිත්‍ර ද්‍රව්‍යන් මෙලෙස ඩහදිය මඟින් ඉවත් වේ. එවිට සිරුරට ලැබෙන සුවය හා ක්‍රියාශීලි බව නිසා නිරෝගී සිරුරක් හිමවීම පුදුම සහගත නොවේ.

හිතකර ක්ෂුද්‍ර ජීවින්

නිරෝගී පුද්ගලයෙකුගේ බරින් හිතකර ක්ෂුද්‍ර ජීවීන් සාමාන්‍යයෙන් 1ඬඨ ක් 2ඬඨ ක් අතර ප්‍රමාණයක් ඇත. එහි ක්ෂුද්‍ර ජීවීන් 2000 කට අධිකව සිටියි. මොවුන් සිටී නම් අපගේ සිරුර නිරෝගිව තැබීමට උදව් වේ. හිතකර ක්ෂුද්‍ර ජීවීන් නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිවැරදිව සිදු වේ. සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ග නිපදවීම සිදු කරයි. සිරුරේ පෝෂණය නිවැරදිව බලා ගන්නේ

මේ හිතකර ක්ෂුද්‍ර ජීවීන්ය. සිරුරේ විස ඉවත් කිරීමේ කාර්්‍යය ද මනාව සිදු කිරීමට උදව් වෙයි. ඒ මඟින්, සිරුර තුළ පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර දෙන්නට ද ක්ෂුද්‍ර ජීවීන්ට හැකියි. එනම් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඇති කිරීමයි.

හිතකර ක්ෂුද්‍ර ජීවින් ලබා ගැනීම

සිරුරේ පැවැත්මට බොහෝවිට උදව් වෙන හිතකර ක්ෂුද්‍ර ජීවීන් අප ලබා ගැනීමට නම් දේශීය සහල් වර්ග, පලා වර්ග, දේශීය ධාන්‍ය වර්ග, දේශීය අල වර්ග ආහාරයට ගත යුතුයි. ක්ෂුද්‍ර පෝෂක ලැබෙන හිතකර ක්ෂුද්‍ර ජීවින් මෙම ආහාරවල බහුලව ඇත.

කෙඳි සහිත ආහාරවල සෛල බිත්ති පවතියි. ඒවා දිරවීමට සෙලියුලේස් නමැති එන්සයිමය අත්‍යවශ්‍ය වෙයි. එවිට ඒවා සරල කාබෝහයිඩ්‍රේට් බවට පත් වේ. එය මනුෂ්‍ය ශරීරයේ නිපදවෙන්නේ නැත. ඒ නිසා එය ලබා ගැනීමට හිතකර ක්ෂුද්‍ර ජීවීන් බහුල ආහාර ලබා ගත යුතුයි. ඒවා ලැබෙන්නේ තන්තු බහුල ආහාර වලිනි.

උදා. කොළ කැඳ වීදුරුවක් ගැනීමෙන් හිතකර ක්ෂුද්‍ර ජීවීන් රාශියක් සිරුරට ලැබේ. එවිට ප්‍රතිශක්තිකරණය වැඩි වීමක් හා නිවැරදි පෝෂණයක් සිරුරට ලැබේ.

ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් විස නැසීමට උදව් වේ. මේ සඳහා ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි ආහාර ලබා ගත යුතුයි. දේශීය ධාන්‍ය වර්ග මින් ප්‍රධාන වෙයි. හිතකර ක්ෂුද්‍රජීවීන් ලැබීම ද මින් සිදුවේ. මෙනේරි, තණහාල්, ඕලු හාල්, අමු, කුරක්කන්, බඩ ඉරිඟු වැනි දේශීය ධාන්‍ය වර්ග වඩාත් සුදුසුය. ඛණිජ ලවන වර්ගවලින් ද ප්‍රතිඔක්සිකාරක ගුණය ලබා ගත හැකියි.

සිරුරේ පවතින විස නැසීමේ ගුණය අක්මාව හරහා විසහරණය කරන යාන්ත්‍රණයට අත්‍යවශ්‍ය වන ක්ෂුද්‍ර පෝෂක ඉහත සඳහන් එම ධාන්‍ය වලින් බහුලව ලබා ගත හැකියි. ඒ නිසා එම ධාන්‍ය වර්ග විස නැසීමට ප්‍රයෝජනවත් වෙයි.

(Fatty liver) අක්මාවේ තෙල් තැන්පත් වීම

එක්තරා ආකාරයකින් විස තැන්පත් වීමක් ලෙස මේ අක්මාවේ තැන්පත් වූ තෙල් කොටස් හඳුන්වා දිය හැකියි. මෙය විසහරණය නොවීම තුළ ඇතිවන තත්ත්වයකි. ඕලු හාල් මේ සඳහා ඉතාමත් යෝග්‍ය වෙයි. මින් විස ඉවත් කිරීමට උදව් වෙයි. ප්‍රතිඔක්සිකාරක ගුණය ද පවතින බැවින් විසහරන යාන්ත්‍රණය හොඳින් සිදු කරයි. ඒ නිසා ක්ෂුද්‍ර පෝෂක අඩංගු ආහාර ඕලු හාල් වැනි දේශීය ධාන්‍ය තුළින් මනාව ලබාදිය හැකියි.

කොළ කැඳ, තුනපහ සහ කුළු බඩු විසහරණයට

වංගෙඩියක කොටා ගත් ගලේ අඹරාගත් තුනපහ ඇතුළු සියලුම කුළු බඩුවල ක්ෂුද්‍ර පෝෂක වැඩියි. නමුත් ඒවා උපකරණ භාවිතයෙන් කුඩු කර ගත්විට සිදුවන්නේ කුඩාම අංශු බවට පත් වී ක්ෂුද්‍ර පෝෂක විනාශ වීමයි. ඒවා විනාශ නොවී රැක ගැනීමට නම් ඉහත පරිදි ක්‍රමවේදය අනුගමනය කළ යුතු වේ.

එවිට මෙහි පවතින ක්ෂුද්‍ර පෝෂක හරහා ශරීරයේ විස තත්ත්වයන් ඉවත් කිරීමටත් ආහාර නිවැරදිව ජීර්ණය කිරීමටත්, අවශෝෂණයටත් උදව් වෙයි. එමෙන්ම වර්තමානයේ පවතින බෝ නොවන වසංගත රෝගවලින් මිදීමටත් බෙහෙවින් උපකාරි වේ.

නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය උත්පලා පෙරේරා.

(Visited 1 times, 1 visits today)

Add Comment