හිසකෙස් ගැලවී යාමට හේතු 10ක් හා පිළියම්

අධිවේගී කෙස් වර්ධනය
ගර්භනී තත්ත්වයෙන්, විශාල සැත්කමකට පස්ස‍ේ, විවිධ ඖෂධ නිසා, වේගයෙන් බර අඩුවීමෙන් හෝ අධික මානසික ආතතිය නිසා කොණ්ඩයේ වැඩීම, කොණ්ඩ ගසක ජීවන කාලය ඉතා වේගයෙන් ගත වෙනවා. වැටුණ කොණ්ඩ ගහක් අරගෙන බැලුවාම එහි කෙස්මුල හාට් ලකුණක මෙන් මැදින් ඇතුලට නෙරායාමක් තියෙනවා නම් ඒ මෙම තත්ත්වය බවට දැනගන්න පුළුවන්. ආතතිය අඩු කරගන්න එක, කොණ්ඩය යන බව වෛද්‍යවරයාට කියලා බෙහෙත් වෙනස් කරවා ගන්න එක වගේ පිළියමක් මේ වෙනුවෙන් කරන්න.

පරම්පරාවෙන්
අම්මාගේ හෝ තාත්තාගේ පැත්තෙන් කොණ්ඩෙ යනවා නම් එය අවුරුදු 20ක් තරම් කුඩා කාලයේදීම පටන් ගන්නවා. ජාන මට්ටමෙන්ම ඇතිවන තත්ත්වයක් නිසා මේ වෙනුවෙන් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් විශේෂිත බෙහෙතක් නම් නැහැ. ඒත් වෛද්‍ය උපදෙස් අනුව මිනොක්සිඩිල් (Minoxidil) ඖෂධයක් ගත්තොත් කොණ්ඩෙ ඉක්මණට වැටෙන එක අවම කරගන්න පුළුවන්.

මන්ද-තයිරොයිඩතාව
තයිරොයිඩ් හෝර්මෝනය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලට, හෘද ස්පන්දනයට සහ හැඟීම් පාලනයට බලපානවා. මෙය අඩු වුණාම හිසකෙස්, නිය සහ සමේ වර්ධනයට බලපානවා. බර අඩුවීම, අධික මහන්සිය, මලබද්ධය, විෂාදය, හිත එක්තැන් කරගන්න අපහසු බව වගේ දේවල් ඔබට තිබෙනවා නම් කොණ්ඩෙ යන්නත් හේතුව මේකම බව දැනගන්න පුළුවන්. එකම පිළියම පුළුවන් ඉක්මණට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක තමයි.

ල්‍යූපස් (Lupus) චර්ම රෝගය
ගර්භණී අවධියේදී ඇතිවිය හැකි ල්‍යූපස් චර්ම රෝගය අධික වෙහෙස, හිසරදය, මුඛයේ වණවීම්, සන්ධි ඉදිමීම් ආදිය හරහා ද හඳුනාගන්නට පුළුවන්. ඇතැමුන්ගේ නහය දෙපස පළු දැමීම් ද ඇතිවෙනවා. මෙම රෝගය හරහා හිසකෙස් ද වැටීම සිදුවෙනවා. කරන්න තියෙන එකම දේ චර්ම රෝග වෛද්‍යවරයෙක් හමුවී ප්‍ර‍තිකාර ගැනීමයි.

යකඩ ඌණතා ඇනීමියාව
විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්තවය නිසා සිරුරෙන් වැඩි වශයෙන් රුධිරය සමඟ යකඩ ඉවත්වීමෙන් රුධිරයේ යකඩ ඌණවීම සිදුවෙනවා. නිසි පරිදි සමබල ආහාර වේලක් නොගැනීමත් මෙයට බලපානවා. එම තත්වයේදී කොණ්ඩය වැඩි වශයෙන් වැටී යනවා. අධික මහන්සිය, දුර්වල බව සහ හිසරදය මෙහි අනෙකුත් ප්‍ර‍තිඵල වෙනවා. ඌරු මස්, හරක් මස්, මාළු, කොළ පැහැති එළවළු සහ විටමින් සී ලබාගැනීමට පළතුරුත් ආහාරයට ගැනීමෙන් මෙය අවම කරගන්න පුළුවන්.

පුරුෂ හෝමෝන වැඩිවීම
සින්ඩ්‍රෝම තත්ත්වයක් විධියට කාන්තාවන්ගේ අවුරුදු 11දී පමණ හෝර්මෝන සමතුලිතතාව බිඳවැටී ඩිම්බ සමඟ පුරුෂ හෝර්මෝන ඇතිවීමෙන් වඳබව පවා ඇති වෙනවා. මෙමඟින් ආර්තව චක්‍ර වෙනස් වීම සහ මුහුණේ රැවුල ඇතිවීම ද සිදු වූවත් හිසකෙස් වැටීම බෙහෙවින් සිදු වෙනවා. වෛද්‍ය උපදෙස් අනුව හෝර්මෝන පාලන ඖෂධ මේ සඳහා ලබාගන්න පුළුවන්.

අපිරිසිදු බව
හිසේ සම අපිරිසිදු වුණාමත් හිස කෙස් වලට වැඩීමට නොහැකි වෙනවා. හිස්හොරි ඇතිවෙලා ඒ සමඟ කොණ්ඩයත් හැලී යනවා. තෙල් ගතිය වැඩිවීම, සම ඉවත්වීම නිසා යීස්ට්, උඳුගොව්වන් වැනි සතුන් බෝවෙලා හිසේ සම රතු වෙනවා. ප්‍රදාහ තත්ත්ව ඇතිවෙලා හිස කැසීම නිසාත් බොහොම ඉක්මණින් කොණ්ඩය හැලීම සහ අලුතෙන් වැවීම නවතිනවා. වෛද්‍ය උපදෙස් පැතීම සහ හිස හැකි තරම් පිරිසිදුව තබා ගැනීමෙන් මෙවන් තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්.

ප්‍ර‍තිශක්ති ආබාධ තත්ත්ව
Alopecia areata නමැති ආබාධ තත්ත්වය ඇතිවුණාම ප්‍ර‍තිශක්තිකරණ පද්ධතිය හිසකෙස් මුල්වලට පහරදීම සිදු කරනවා. මේක සිදුවෙද්දී හිසේ, ඇහිබැම, කකුල්වල තැනින් තැන කෙස් වැටීම් දකින්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ආබාධයෙන් හිසකෙස් වැටෙන alopecia totalis නමැති තත්ත්වයක් ද තිබෙනවා. මිනොක්සිඩිල් (minoxidil) වැනි ඖෂධ වලින් වගේම තවත් රෝග තත්ත්වයට අදාලව වෛද්‍ය නිර්දේශය අනුව ඔබට ප්‍ර‍තිකාර ලබාගත හැකියි.

පමණට වඩා හැඩවැඩ දැමීම
නිතර ෂැම්පු කරනවා නම්, හැඩ වැඩ දානවා නම් සහ ඩයි කරනවා නම් කොණ්ඩය බොහොම වේගයෙන් හැලෙන්නට පටන් ගන්නවා. උෂ්ණත්වය සහ රසායන ද්‍ර‍ව්‍ය හිසකෙස් දුර්වල කරනවා. එවිට කොණ්ඩය කැඩී යාම් සිදුවන නිසා වැටුණු හිසකෙස්වල කෙස් මුල දැකගන්නටත් නැහැ. මේ නිසා හෙයාර් ඩ්‍ර‍යි කරද්දීත් වැඩි උෂ්ණත්වයක් යොදන්නේ නැතිව, ජෙල් වර්ග හෝ ස්ප්‍රේ පාවිච්චිය අඩු කරලා ස්වාභාවික පෙනුම රැකගෙන ඉන්න පුළුවන් නම් නිකරුණේ ලස්සනට තියෙන කොණ්ඩෙ නැති වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙනවා.

ප්‍රෝටීන් අඩුවෙන් ආහාරයට ගැනීම
නිර්මාංශ ආහාර ගන්න පටන් ගත්ත කෙනෙක්ට බොහොම ඉක්මණින් ප්‍රෝටීන් ඌණතා ඇති වෙන්න පුලුවන්. මේ නිසා ශාකවල අඩංගු ප්‍රෝටීන් ද සමබලව ආහාර වේලට එකතු කරගත යුතු වෙනවා. හිස කෙස් වැටීමට අමතරව ප්‍රෝටීන් ඌණතාවය නිසා ඉදිමීම්, කැඩෙනසුළු නියපොතු, තෙහෙට්ටුව, දුර්වලබව ඇති වෙනවා. මෙහිදීද කොණ්ඩය දුර්වලව කැඩී යන නිසා වැටුණු කෙස්වල කෙස්මුල් දකින්න ලැබෙන්නේ නැහැ. බිත්තර, මස් වර්ග සහ මාළු හරහා මෙය පහසුවෙන් සපුරාගත හැකි වුවත් නිර්මාංශ අයට බෝංචි, ඇට වර්ග, ඕට්ස් වගේ ආහාර වර්ග ටිකක් වැඩිපුර ගන්න පුළුවන් නම් එය මඟහරවා ගන්න පුළුවන්.

හිසකෙස් ගැලවී යාම දින 21න් නවතා ගත හැකි පාරම්පරික ඖෂධිය තෙලක් පුර්ණ ආයුර්වේදීය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ අප විසින් සකසා තිබෙනවා. ඉතාම සුපරික්ෂාවෙන් දින 3ක් පුරාවට සිද ගන්නා මේ තෙල සකස් කරන්නේ සිංහල වේදකමේ සදහන් වෙන හිසකෙස් සදහා ගුණදායක ඖෂධ වර්ග 14ක් සංයෝග කිරීමෙන්. ඒවා නම් නෙල්ලි, මුකුණුවැන්න , සැවන්දරා , කිකිරිදිය , සුවද කොට්ටන් , එඩරු තෙල් , තල තෙල් , සුදු පොල් තෙල් , එලකිරි ආදී තවත් දුර්ලභ අමුද්‍රව්‍ය වර්ගයි. අමුද්‍රව්‍ය හිගකම නිසා අපට මසකට සිද ගන්නට හැකියාව ලැබෙන්නේද ලීටර් 50ක් තරම් සුළු තෙල් ප්‍රමාණයකි. ඔබ හිසකෙස් ගැලවී යාමේ ගැටලුවෙන් හෙම්බත් වී ඇති නම් හා ඒ සදහා ඉක්මන් විසදුමක් ලබා ගැනීමට කැමති නම් 0702190209 ඔස්සේ අපව අමතන්න. මිල රුපියල් 1250/= ක් වන අතර අප විසින්ම ඔබ නිවසටම මෙම නිෂ්පාධිතය කුරියර් සේවාවක් හරහා ලබා දෙනවා. ඒ සදහා කිසිම කුරියර් ගාස්තුවක් ඔබෙන් අය කරන්නේ නෑ. භාණ්ඩය අතට ලැබෙන වෙලාවේ මුදල් ගෙවා ලබා ගත හැක. වැඩි විස්තර සදහා පහල ලින්කුවෙන් අප සමාගමේ වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වන්න.

Add Comment