හෘදයාබාධයක්‌ වැළදීමට පෙර හඳුනා ගන්නේ කෙසේද ? – කලින් හදුනා ගත්තොත් මරණිය අවධානමෙන් ගැලවෙන්නට පුළුවන්

හෘදයාබාධයක්‌ද? යම් පුද්ගලයකුගේ පපුවේ වේදනාවක්‌ ඇතිවූ විට බොහෝ දෙනා විමසති. ඇඟේ කිසිම ලෙඩක්‌ පේන්න තිබුණෙ නැහැ. හිතාගන්නත් බැහැ. හෘදයාබාධයක්‌ ඇතිවූ පුද්ගලයින් පවසනු අපි අසා ඇත්තෙමු. එනිසා බොහෝ දෙනා හෘදයාබාධයක්‌ හඳුනාගන්නේ එය ඇතිවූවිටදීය. එබැවින් හෘදයාබාධයක්‌ වැළඳීමට පෙර එය හඳුනාගතහොත් ඇතිවිය හැකි බොහෝ අනතුරුවලින් මිදීමට පිළිවන.

හෘදයාබාධයක්‌ හඳුනා ගන්නේ කෙසේද?

පුද්ගලයකුගේ සිරුරේ පපුව ප්‍රදේශයේ වම් පැත්තේ කටුවකින් අනිනවා වැනි වේදනාවක්‌ ඇතිවේනම්, අධික දහඩිය දමයිනම්, ක්‌ලාන්තය ඇතිවේනම්, අතපය ශීතලවී යාම ඇස්‌පෙනීම බොඳවී යා නම් එම පුද්ගලයාට හෘදයාබාධයක්‌ වැළඳී ඇති බව නිගමනය කළ හැකිය.

හෘදයාබාධයක්‌ වැළඳුන රෝගියකු රෝහලක්‌ වෙත රැගෙන යැමට පෙර දියහැකි ප්‍රථමාධාර මොනවාද?

අප මුලින් දැක්‌වූ රෝග ලක්‌ෂණ සහිතව පපුවේ වේදනාවක්‌ ඇතිවූ තැනැත්තකු හෘදයාබාධයක්‌ වැළඳුන අයකු ලෙස නිගමනය කර වහාම එම රෝගියා රෝහලකට ඇතුළත් කිරීමට පියවරගත යුතුය. රෝහලට ඇතුළත් කිරීමට යන අතර තුර රෝගියාගේ හුස්‌ම ගැනීම ගැන සැළකිලිමත් වන්න. හෘද ස්‌පන්දනය වෙනසක්‌ වේදැයි කියා සොයා බලන්න. අත පය හිරිවැටේ නම් සිරුර ශීතල වේනම් සිරුර උණුසුම් කරන්න ඒ සඳහා රෝගියාට රෙද්දක්‌ පෙරවිය හැකිය.

නමුත් රෝගියාට අධික ලෙස දහදිය දමයිනම් වහාම එම තැනැත්තා ඇඳ සිටින ඇඳුම් ලිහිල් කර සිරුර සැහැල්ලුවෙන් තැබීමට පියවර ගන්න.

වාහනයක රැගෙන යනවිට අසුනක දිගාකර රැගෙන යන්න. අධික උණුසුම හෝ අතපය සිරවන අයුරින් තබා රැගෙන නොයන්න.

හෘදයාබාධයක්‌ ඇතිවන්නට බලපාන හේතු මොනවාද?

ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ රුධිර නාලවල ඇතිවන අවහිරතාවයන්ය. අපගේ සිරුරේ රුධිර නාල 72,000 ක්‌ ඇත. ඒවායේ ඇතිවන අවහිරතාවයන් නිසා හෘදයාබාධ ඇතිවීමට හේතුවේ.

අධික ලෙස මත්පැන් පානය කරන, දුම්පානය, නිදිමැරීම, දියවැඩියා රෝගයෙන් පෙළීම, මානසික පීඩාවකට පත්වීම වැනි හේතු හෘදයාබාධයක්‌ ඇතිවීම ඇති අවස්‌ථාව වැඩි කරයි.

හෘදයාබාධ හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ මොනවාද?

සෑම පුද්ගලයකුගේම සාමාන්‍ය රුධිර පීඩනය 120 – 80 අතර අගයක්‌ තිබිය යුතුය. එය ඉහළයැම හෘදයාබාධයක්‌ ඇතිවීම සඳහා ඇති ඉඩකඩ වැඩිකරනු ලබයි.

එබැවින් යම් පුද්ගලයකුගේ සාමාන්‍ය රුධිර පීඩනය ඉහළ ගොස්‌ ඇති විටෙක ඊ. සී. ජී. එක්‌ස්‌රේ, එස්‌. එම්. ටී. අල්ට්‍රා සවුන්ඩ් සහ කොලෙස්‌ටරෝල් සඳහා කරනු ලබන පරීක්‍ෂණ මගින් හෘදයාබාධ තත්ත්වයන් පිළිබඳව හඳුනාගත හැකිය.

මහාලිංගම් ශ්‍රී කාන්තන් – කායික රෝග පිළිබඳ වෛද්‍ය  | ලිපි මුලාශ්‍රය – දිවයින පුවත්පත් වාර්තා

(Visited 1 times, 1 visits today)

Add Comment